
(අංජුල මහික වීරරත්න)
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි මෙම මූල්‍ය ආධාර ලබාදෙයි.
ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත බාර දෙනු ඇත.
අනතුරින් මිය ගිය පුද්ගලයන් විසි දෙදෙනා ජීවත්වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
443
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
247
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි
chaminda Wednesday, 14 May 2025 03:45 PM
දැන්වත් මේ විකාර බස් ගමන් වාර නවත්වන්න. කතරගම සිට කුරුණෑගල යනවා නම් මොන මගුලකටද ගැරඬි ඇල්ල හරහා යන්නේ? කතරගම සිට කොට්ටාව හරහා කුරුණෑගල. හරි සරලයි. ඒ වගේම මගී බස්රථ රියදුරන්ට පැය එක හමාරකට වරක් මිනිත්තු 15 ක් විවේකයක් ගැනීම අනිවාර්ය කරන්න. දිනකට රියදුරෙකුට සේවය කළහැකි උපරිම කාලය පැය 6 කට සිමා කරන්න. ඒ වගේම මගී බස්රථ මාස 6 කට වරක් යෝග්‍යතා පරීක්ෂණයකට ලක්කිරීම අනිවාර්ය කරන්න. මගී බස්රථ සේවකයින්ට සහතික පත්‍ර පාඨමාලාවක් සකස්කර එම සහතිකය හා පුහුණුව අනිවාර්ය කරන්න. ඒ අයව නිරන්තරයෙන් අධීක්ෂණය කරන්න. රටට විශාල ලෙස මුදල් ඉතිරි වේවි... රිය අනතුරු අඩුවීම නිසාවෙන්. ඒ වගේම මාර්ගවල විනයක් ඇතිවේවි.