IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කතුන් පිරිසක් සැරයන්ට තඩිබා වරෙන්තු කරු මුදා ගෙන

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රථවාහන නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පුද්ගලයකු බෝගම්බරදී  අත්අඩංගුවට ගත් අවස්ථාවේ කාන්තාවක ඇතුළු 15 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් කඩා වැදී පොලිස් සැරයන්වරයාට පහරදී සැකකරු මුදාගෙන පලාගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.

පොලිස් අත්අඩංගුවෙන් මුදාගෙන ගිය සැකකරු මහනුවර බෝගම්බර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි මෙම පුද්ගලයා පොලිස් සැරයන්වරයකු විසින් අත්අඩංගුවට ගනු ලැබ ත්‍රිරෝද රථයක ගොඩ නංවාගෙන පොලිස් ස්ථානය වෙත ගෙන ඒමට සූදානම් වී ඇතැයි පොලිසිය පවසයි.

කාන්තාවක ඇතුළු 15 දෙනකුගෙන් පමන සමන්විත කණ්ඩායමක් එම ස්ථානයට කඩා වැදී ත්‍රිරෝද රථය වටකර සැරයන්වරයාට පහරදී සැකකරු මුදාගෙන පලාගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවෙන් මුදාගෙන රැගෙන ගිය වරෙන්තුකරු සහ ඊට සම්බන්ධ කාන්තාව ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට මහනුවර මූලස්ථාන පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (2)

කතුන් පිරිසක් සැරයන්ට තඩිබා වරෙන්තු කරු මුදා ගෙන

kotiya Tuesday, 27 June 2023 09:02 AM

ඊයා ඕයි. පොලිසියේ නිළ ඇදුම චීත්තෙයි හැට්ටෙයි කරපල්ලා.

:       1       2

Bunny Preena Tuesday, 27 June 2023 10:18 AM

මුදවාගැනීමේ අලුත් කාන්තා බල ඇනියක් බිහිවෙලාවද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site