මළ නෑයකුගේ නියමය පරිදි උණ හැඳුණු රෝගී කතක රෝහලට ගෙන නොගොස් පණ පිටින් වළ දැමීමට සුදානම් කැර තුබූ සිද්ධියක් කන්ද කැටියේ මාලියද්ද නාරංගස්තැන්නෙන් අද වාර්තා විය. කන්දකැටියේ සිට කිලෝමීටර් දහයක් දුරින් පිහිටි මේ ගමට කිලෝ මීටර් පහක් කඳු නැඟ පයින්ම යා යුතුය. කන්දකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනුජ ලක්මිණ විපුලදාස අද එහි ගියේය. ඔහු එහි ළඟා වන්නට පැයකට පමණ පෙර ඇය අවසන් හුස්ම හෙළුවාය. මිය ගියේ ඩබ්ලිව්. ඇම්. නන්දාවති (45) නම් දෙදරු මවකි. මැරෙන්නට පෙර ඇගේ නාස් පුඩු වලට පුළුන් ඇබ ගසා, පෙට්ටියක බහා තුබූ නමුත් වෛද්‍ය නිලධරයා එහි ළඟා වන විට රෝගීයා ඇඳක තබා තිබිණි. ඇය රෝහලකට රැගෙන ගියේ නම් ජිවිතය බේරාගත හැකිව තුබූ බව වෛද්‍ය විපුලදාස කියයි. සිරුර භුමදානය කිරීම නතර කළ වෛද්‍ය නිලධරයා කන්දකැටිය පොලිසිය දන්වා පශ්චාත් පරීක්ෂණ පැවැත්වීමට පියවර ගත්තේය. ලෙඩකට ප්‍රධාන ප්‍රතිකාරය කොළ අතු ඇඳ රැය පහන් වනතුරු මල්එළිය හෙවත් යකුන් නැටවීම මේ ගමේ සිරිතයි. පවුලේම කෙනකු ආවේශ වී මල්එළිය නටයි. මොවුන්ගේ මේ වැඩ පිළිවෙළ ආදිවාසීන්ගේ ‘කිරි කොරහට‘ සමානය.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කතක් පණපිටින් පෙට්ටියට දාලා
අමිල Friday, 27 January 2012 10:20 PM
පව් ඒ අම්මා
ශාන් Saturday, 28 January 2012 12:24 AM
මෙහෙම අය ලංකාවෙ ඉන්නවා කියලා හිතාගන්නත් බෑ..
ආසිරි Saturday, 28 January 2012 08:33 AM
මෙහෙම අය තාමත් ලංකාවෙි ඉන්නවනේ
gajan99 Saturday, 28 January 2012 09:03 AM
පවු ඒ අහිස්ක අම්මට. මගේ නැන්දනම්ම නම් තව කමක් නැහැ.
darshana Saturday, 28 January 2012 09:27 AM
ඒ අතින් දබානේ ආදිවාසීන් ඉදිරියෙන්
රංජිත් Sunday, 29 January 2012 11:21 PM
දැනුම්වත් කිරීම ඉතා වටිනවා. ඉදිරියේදී නැවතත් මෙවැනි දේවල් නොවෙන්න
නිලුපුල් Monday, 30 January 2012 08:14 AM
මෙවැනි මරණ තව නොවන්නට යමක් කල හැකිද?