IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කතිකාවත බුද්ධ නීතියට පිටින් බෑ

ථෙරවාදී බෞද්ධ කතිකාවතක් ගෙන ආ යුත්තේ සියලූ නිකායන්ට හා පාර්ශවයන්ට අයත් භික්‍ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කිරීමෙන්පසුව බවත් එය හදිසියේ නොකළ යුතු බවත් ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික රන්පත්විල විමලරතන හිමියෝ පැවසූහ.

මෙවැනි පනතක් අවශ්‍ය වුවත් එය කළ යුත්තේ මහා සංඝයාගේ අනුමැතියෙන් බවත් භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් නීති පැනවීම ගිහියන් විසින් නොකළ යුතු බවත් විමලරතන හිමියෝ සඳහන් කළහ.

බුදුරජාණන් වහන්සේ පැනවූ විනය නීති වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව කී උන්වහන්සේ ථෙරවාදී බෞද්ධ කතිකාවත් බුද්ධ නීතියට අනුකූලවිය යුතු බවත් ඒ හිමියෝ කීහ.

බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම මූලස්ථානයේ දී අද (28)පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභිකයින් වන හැඩිගල්ලේ විමලසාර හිමියෝ සහ ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ද අදහස් දැක්වූහ.

IMG_6799 IMG_6808 IMG_6814 IMG_6826 IMG_6828 IMG_6832



අදහස් (0)

කතිකාවත බුද්ධ නීතියට පිටින් බෑ

රොහාන් Thursday, 28 January 2016 03:40 PM

බුද්ධධර්මය ශ්‍රී ලංකාවෙන් පිරිහෙන ලකුණු මේ බිල්ලාඩන් ලද ? (බ)

:       0       0

දුමින්ද Thursday, 28 January 2016 10:45 AM

බුදුන් දණ්ඩ නීති නොපැමුණුව සේක (බ)

:       0       0

ඉන්දු Thursday, 28 January 2016 11:55 AM

ඔබ වහන්සේලාට ක්‍රියාකාරී දේශපාලනේ යෙදීම කැපයි කියල බුද්ධ නීතියේ තියනව ද​...? එවිට උජුපටිපන්න ගුණය ආරක්ෂා වෙනව ද​.....? (බ)

:       0       0

කුමාර් Thursday, 28 January 2016 12:03 PM

දේශ පාලුවෝ එන්නේ වෙන පොටකට .ඔබ වහන්සේ නිවැරදියි (බ)

:       0       0

පෙරුමාල් Thursday, 28 January 2016 12:21 PM

ඔය කතිකාවත සෑදීමට උපදෙස් දැනට ලංකාවේ සිටින රහතන් වහන්සේලාගෙන් ලබා ගත්තොත් හොඳ නැද්ද? (බ)

:       0       0

ලලිත් Thursday, 28 January 2016 12:33 PM

කතාව ඇත්ත හාමුදුරුවනේ. ඒ වුණත් ඔය කතිකාවත වෙලා එනකොට තව සිවුරු පොරවගත්තු අය රටපුරා ඩෙගා නටල අපිට බුද්ධාගමත් එපාවෙලා ඉවරයි. (බ)

:       0       0

දහම් Thursday, 28 January 2016 12:36 PM

දැන් හෙළ උරුමයට වෙලා තියෙන්නේ දෙන දෙයක් කාල ඉන්න ඇමතිකම තියා ගන්න ඕනේ නම්. ඕව මහජනයාට කියල වැඩක් නැහැ. අපි මොනවා කරන්නද. ඔයාල තමයි ආණ්ඩුවේ ඉන්නේ. පාරලිමේන්තුවේදී ඕකට විරුද්ධ වෙන්න. ඇයි එ්ක කරන්න බැරි. (බ)

:       0       0

දහම් Thursday, 28 January 2016 12:51 PM

හෙළ උරුමය මේවා අපිට කියල වැඩක් නැහැ. අපි මොනවා කරන්නද. ඔය ගොල්ලෝ ඉන්නේ ආණ්ඩුවෙනේ. විරුද්ධව චන්දෙ දෙන්න ඇමතිකම ගහල යයි කියල බය නැතිව.(කෞ)

:       0       0

රත්න Friday, 29 January 2016 12:13 AM

බුදුරජාණන් වහන්සේ වදාළ විනය පිටකය අර්ථ නිරූපණය කිරීමට බුදුරජාණන් වහන්සේටත් වඩා බලවත් පිරිසක් දැන් එකතු වී ඇත. බුද්ධ දර්ශනය ගැන ඉතා ඉහළ අවබෝධයක් ඇති බෞද්ධයන් පිරිසක් ගෙන එන නීති කර්ක මඟින් කුසල්, අකුසල්, පුනරුප්පත්තිය ආදිය නීතිගත වෙයිද? (නි)

:       0       0

ජනරංජන Friday, 29 January 2016 02:08 AM

ත්‍රයි නිකායික මහනායක හිමියන් දැනුවත් වෙලා තිබෙන නිසා ගැටළුවක් වෙන එකක් නැහැ (නි)

:       0       0

ඉලේපෙරුම Thursday, 28 January 2016 02:14 PM

මේ කාරණා එළි පිට කතා නොකරත් බෑ. සියම් නිකාය එක්තරා කුලයක අය පමණක් මහණ කරන්නේ බුද්ධ නීතියට එකඟවද? බුදුරජාණන් වහන්සේ පැනවූ විනය නීති වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකි වුණත් ඒවා ඒ ආකාරයෙන්ම අද සංඝ සමාජය පිළිපදිනවාද? (බ)

:       0       0

අශෝක Friday, 29 January 2016 04:03 AM

සිව් වන ධර්ම සංගායනාව කරන්න වෙනවා භික්ෂූ සංඝයා ආරක්ෂා කර ගැනීමට (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site