IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුණු කන්දෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් මතුවේ

කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඇති කුණු කන්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන පෙබරවාරි 25 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.

මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ නීතිඥ නුවන් බෝපගේ මහතාය.පෙත්සමේ වගඋත්තරකරුවෝ ලෙස කොළඹ නගර සභාව,නාගරික සංවර්ධන අධිකාරිය සහ පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ඊවා වනිගසුන්දර,බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සමේ කරුණු විමසා බැලිණ.

පෙත්සම විභාගයට ගැනීමට සති තුනකට පෙර පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කරන ලෙසත් කුණු කන්දට අදාළ විසදුම් හා සැළසුම් ඇතොත් ඒවා පෙත්සම විභාගයට ගැනෙන අවස්ථාවේ ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරිණ.



අදහස් (0)

කුණු කන්දෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් මතුවේ

අභයවංශ කුලතන්ත්‍රිගේ Thursday, 29 October 2015 03:39 PM

කොළඹ අලංකාර කරන්න කුණු ටික කොළොන්නාවට කොළොන්නාවේ මිනිස්සු හොඳට ඉන්න කැමැති නැද්ද. ඡන්දය එනකොට ඔක්කොම පොරොන්දු වෙනවා. කන්ද කෙන්ද කරන්න. අනේ පව් එදා ටීබී හදපු දහම් පුරය (බ)

:       0       0

අංගොඩ ලාල් Thursday, 29 October 2015 12:51 PM

මැතිවරණ කාලෙදිත්, ඉන් පසුවත් සමහර දේශපාලකයෝ සහතික කරලා පොරොන්දු වුණා මාස 3 ක් ඇතුළතදී කුණු කන්ද ඉවත්කිරීම පටන් ගන්නවා කියලා. දැන් මාස දෙකකුත් ගෙවුණා. තවම නම් කිසිම දෙයක් වෙන පාටක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site