IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුණුකෑම විකුණා දඩකයි:අටකට වරෙන්තු

අහිතකර ලෙස ආහාර  පිසීම, අපිරිසිදු මුළුතැන්ගෙයක් පවත්වාගෙන යාම සහ සේවකයින් අපිරිසිදු ලෙස ආහාර පිළිගැන්වීම් යන චෝදනා වලට වරද පිළිගත් කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලියක බස්නැවතුම් පොළේ ආපන ශාලා සහ පලතුරු බීම වෙළෙඳ සල් හිමියන් 8 දෙනකුට   ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්  ජයකි ද අල්විස් මහත්මිය රුපියල් තුන් දහස බැගින් දඩ නියම කළාය.
එම් එම් මවුජුඩ්,   පෙරියන් කි‍්‍රෂ්ණා,  නාදුව ගමගේ ඉන්දික, එස් මොහොමඞ් හම්සා,   එම් සත්‍ය භවන්,  කරුපයියා අශෝකන්, කේ කනපති රාජේන්ද්‍රන් ,  උදුමා ලෙබ්බේ  වැරදිකරුවෝය. යළි පැමිණිලි ලැබුණහොත් ඔවුන්ගේ කඩ වසා දමන බවද මහේස්ත්රාකත්වරිය  කීවාය.
කොළඹ නගර සභාවේ  ප‍්‍රධාන ආහාර පරීක්ෂක ලාල් කුමාර මහතා වැටලීම මෙහෙයැවීය. නගර සභාවේ   ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා විත්තිකරුවන්ට 16 දෙනකුට  නඩු පැවරිය. උසාවි නොපැමිණි අට දෙනකුට වරෙන්තු නිකුත් විය.

 



අදහස් (0)

කුණුකෑම විකුණා දඩකයි:අටකට වරෙන්තු

පද්මිණි Thursday, 10 September 2015 05:57 AM

ලංකාව කියන්නේ තනිකරම කුණු ගොඩක්, කුණු කෑම, කුණු වතුර, කුණු බෙහෙත්, දැන් ඔන්න ලෝකෙන්ම කුණු ඇමති මණ්ඩලයක්.. කාටද ආඩම්බර...(අ)

:       0       0

මොහ‍ොට්ටාල Wednesday, 09 September 2015 02:39 PM

මෙහෙම අසාධාරණ විදිහට සල්ලි හම්බකරලා මොකටද‍? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 10 September 2015 12:38 AM

මුදලාලිලා කුණු කෑම විකුණලා සල්ලි හම්බ කරනවා. අහිංසක මිනිස්සු ඒවා කාලා ලෙඩවෙලා දොස්තර හොයාගෙන යනවා. (නි)

:       0       0

ධර්ම Thursday, 10 September 2015 03:34 AM

අහිංසක මිනිසුන්ට කුණු විකුණන නරුමයින්ගේ ආපනශාලා වසා දමන්නට ජනතාව දිනක පෙළගැසේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site