IMG-LOGO

කඩු - පිහි බාරදුන් පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
නඩු භාණ්ඩ ලෙස තිබූ, ලේඛන ගතකර තිබූ මන්නා පිහි 76ක් සහ අත්පොරව 13ක් ආපසු බාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ බන්දුල බණ්ඩාර යන අයව මහනුවර පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරු කර, රාජකාරි වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
ඉකුත් අප්‍රේල් 28 වැනි දින වෙලම්බඩ මුස්ලිම් දේවස්ථානයකින් එම මන්නා පිහි සහ අත් පොරෝ පොලිසිය බාරයට ගෙන තිබිණි.
 
වැඩ තහනමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයා මෙම නඩු භාණ්ඩ ඊයේ(06) දින නැවත බාරදීමට සූදානම් වන බව විශේෂ රාජකාරියේ යෙදී සිටි වෙලම්බඩ පොලිස් ස්ථානාධිපතිවරයට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව එය වළක්වා තිබූ බව පොලිස් අධිකාරීවරයා පැවසීය.
 
මේ සම්බන්ධව පොලිස් මූලස්ථානය අවධානය යොමුකිරීමෙන් පසු මහනුවර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙලම්බඩ පොලිස් ස්ථානයට ගොස් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
 
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් මහනුවර භාර නියෝජ්‍ය පොලිස්පතිගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.



අදහස් (19)

කඩු - පිහි බාරදුන් පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

සේන Wednesday, 07 August 2019 05:21 AM

එය සිදුවිය යුත්තක්. මොහු කිසිවෙකුගෙන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද රැගෙන ඒ වැඩේ කළාදැයි සෙවිය යුතුය. ත්‍රස්තවාදීන් අතට නැවත අවි දීමට තරම් අය පොලීසියට සුදුසු නැත

:       107       245

රවින් Wednesday, 07 August 2019 05:27 AM

මෙවැනි කාර්යයන් නිසා පවතින රජයත්, එම දෙපාර්තමේන්තුවත්, මහා ජනයාත් අපහසු තත්වයකට පත්වනවා යයි නොසිතා තමා ගැනම පමණක් සිතන අයගේ වැඩ

:       108       208

jagath Wednesday, 07 August 2019 05:27 AM

ආදර්ශමත් ක්‍රියාවක්...

:       21       151

Amara Wednesday, 07 August 2019 06:31 AM

ආපසු දුන්නට නම් කමක් නැහැ. ඕවා ඇහුණා කියලා ලැජ්ජාවක් ඇති ජාතියක් නෙමෙයිනේ...

:       280       314

සුදත් ශ්‍රී Wednesday, 07 August 2019 06:51 AM

ඉන්න මම මේක පැහැදිලි කරන්න. වැඩ තහනම් කීවාට මේක රාජකාරී වැඩ තහනමක්. සියලුම වරප්‍රසාද පඩි සහිතව රාජකාරියක් නොකර නිදහසේ පොලිස් ස්ථානයට වෙලා විවේකීව ඉන්නවා කියන එකයි.

:       1       75

Ruwan Wednesday, 07 August 2019 07:02 AM

බූරු වැඩ කරන්න එපා... !!!

:       3       429

janis Wednesday, 07 August 2019 07:06 AM

නීතිය නවන පොලිස් නිලධාරීන්ගෙන් මුළු රටම පිරිලා, පොලිස්පතිතුමා, අගමැතිතුමා එකතු වී රටේ නීතිය අකුරටම ජාති බේද, තරාතිරම නොබලා දඬුවම් දෙන්න. පොලිස්පති තුමාට අපේ ආචාරය... ජය වේවා ශ්‍රී ලංකා!!!

:       73       135

chinthakaWednesday, 07 August 2019 11:52 AM

හා හා ... අගමැතිතුමා?, නැවිල්ලෙත් රාජම නැවිල්ල, (උද නීතිය නැවිල්ල, මහබැංකු නැවිල්ල, හම්බන්තොට වරාය නැවිල්ල, රටේ ඉඩම් නොරටුන්ට නැවිල්ල...)

:       149       78

saman Wednesday, 07 August 2019 07:33 AM

අරුන්ට ළමයි ඉස්සරහ හරක් මරණ පුණ්‍ය උත්සවයට කඩු ටික ආපසු පල්ලි වලට දෙන්න පටන් අරන්... මෙවැනි ආගමකින් සාමයක් බලාපොරොත්තු විය හැකිද? ජනපති විරුද්ධ හින්දු කෝවිල් වල සත්ව ඝාතනයට පමණද? මේ කඩු ආපසු දීමෙන් ජනමතයක් හදනවා පල්ලි වල කඩු තියා ගත්තේ හරක් මරණ පුණ්‍ය කර්මය සඳහා පමණක්ම බව...

:       117       966

NaanaWednesday, 07 August 2019 11:14 AM

ඔයාලා මස් කරන්නේ නැහැනේ..

:       18       4

ishaqWednesday, 07 August 2019 01:29 PM

බෙලි කපන්න ළමයින්ට උගන්වන තැනක්ද මේ?

:       0       65

ඇත්ත සත්‍යපාල Wednesday, 07 August 2019 07:33 AM

ලෝකයේ කිසිම රටක් මෙතරම් විහිලු සපයලා නැතුව ඇති. මේ සහජීවනය කියන උගුලේ වැටිලා කළයුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද කියන දේවලුත් පටලවාගෙන... මේ යන විදිහට අහුවෙන බෝම්බත් ගලවලා වෙඩි බෙහෙත් ටික හෝදලා ඒක ඇතුලේ තිබුණු බයිසිකල් බෝල ඇන ආදිය ආපසු දෙන්න වෙයි...

:       71       592

ravi Wednesday, 07 August 2019 08:43 AM

මේකට , "තොයිලය" කියලත් කියන්න පුළුවන් නේද..?

:       5       140

sarath perth Wednesday, 07 August 2019 09:34 AM

මුළුරටම ආරාජිකවෙලා යහපාලනය දොරෙ ගලනවා..

:       2       171

athuraWednesday, 07 August 2019 10:39 AM

ඕක ඉතින් හිටපු ලොක්කා ජනේලේ එල්ලුණු දවසේ ඉඳලා එයාගේ එහෙයියෝ කියන කතාවක්නේ...

:       179       161

BamunuarachchiWednesday, 07 August 2019 11:26 AM

හලෝ ඔහෙට මලබද්දේ හැදුණත් හිටපු ලොක්කද පලි?

:       340       403

athuraThursday, 08 August 2019 04:02 AM

බමුණා ඔයාට හැදිලා තියන බද්ද ගැන මේක කියවන හුඟදෙනෙක් දන්නවා...

:       50       34

saliyaThursday, 08 August 2019 09:49 AM

ඔව් බමුණා කියන්නේ රටට, ජාතියට ආදරේ කෙනෙක්...!

:       304       46

Asanka Wednesday, 07 August 2019 10:34 AM

මරු පොලිසිය,.. හමුදාවෙන් පල්ලියේ තිබිලා ඇල්ලුවේ කඩු, නමුත් උසාවියට නඩු භාණ්ඩ ලෙස පොලිසිය ඉදිරිපත් කරලා තියෙන්නේ මන්නා පිහි සහ අත් පොරෝ, ඉතින් මන්නා පිහි සහ අත් පොරෝ ළඟ තියන් ඉන්න බැහැ කියලා නීතියක් නැහැනේ. මේකත් අර බෝම්බ කම්හලේ සැකකරුවන් සාමාන්‍ය නීතිය යටතේ උසාවියට ඉදිරිපත් කරලා ඇපඅරන් දුන්නා වගේ වැඩක්... සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම මස් කෑල්ලට, සල්ලි මිටියට යටවෙලාද?

:       2       226

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site