සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ හය වැනි මහලේ මූල්‍ය හා ගිනුම් අංශයේ පිවිසුම් දොරක් 2012/10/26 වැනි දා කඩා අනර්ථයක් සිදු කළැයි සැකපිට ලබන 30 වැනි දා උසාවියේ පෙනී සිටින ලෙස අමාත්‍යංශ සම්බන්ධීකරණ නිලධාරියකු බව කියන ඩොන් පීටර් ජොහෑන් නානායක්කාරට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නොතීසි නිකුත් කළේය.
අපරාධ ස්ථානයෙන් ඇඟිලි සලකුණු තුනක් හමුවූ බවත්, එම සලකුණු තුනම සම්බන්ධීකරණ නිලධාරියාගේ ඇඟිලි සලකුණුවලට සමාන බවත්, ඔහුගේ ඇඟිලි සලකුණු මීට පෙර සිද්ධියක දී ලබාගෙන තිබූ නිසා ඒ බව තහවුරු වූ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
අපරාධ ස්ථානයේ තිබූ ඇඟිලි සලකුණු හා නිලධාරියාගේ ඇඟිලි සලකුණු සමාන නිසා අපරාධයට ඔහු සැකකරුන බව ද පොලිසිය කීවේය.
සිද්ධියෙන් වසරකට පමණ පසු 2013 ඔක්තෝබර 31 වැනි දා එම අංශය ගිනි ගැනීමට ලක් විය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
කැඩූ දොරේ ඇඟිලි සලකුණු තුනක්
අහිංසා Tuesday, 03 June 2014 12:02 PM
මේ සිද්දිය පිටිපස්සේ අලුතෙන් පොහොසත් වුන ප්‍රබලයන් ඉන්නවා නම් ඔය අල්ලගත්ත මනුස්සයා පොලිසියට එක්කන් ගිහින් ...කකුල් දෙකෙන් එල්ලලා ...මිරිස්ගෝනියේ බස්සලා ... බැස්ටිය දීලා ..ගත්තම ඇත්ත කියාවි...හැබැයි තව එකක් ....ඔය දඬුවම දෙන්න ඕන ...ඉහලින් දුරකථන ඇමතුම එන්න කලින්..තව එකක්..දඬුවම දෙන රාලහාමිලාට ඉතින් දෙවියන්ගේම පිහිටයි...(නදී)