IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුඩා තේවතු හිමියෝ අලි අමාරුවේ

අමු තේ දලු  මිල පහත වැටීම  සහ තේ ආර්ථිකයේ කඩා වැටීම සම්බ්න්ධව රජය කඩිනම් විසඳුම් ලබාදීය යුතු බව ප‍්‍රකාශකරමින් කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ රත්නපුර දිස්ත‍්‍රික් සංවිධානය මෙහයෙවූ උද්ඝෝෂණයක් අද  (23) රත්නපුර ඔරලෝසු කණුව අබියසදී පැවැත්විණ.

මෙහිදී උද්ඝෝෂණයේ යෙදුණ කුඩා තේවතු හිමියන් පැවසුවේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ පහතරට අමු තේ  දලු කිලෝවක මිල රුපියල් 50 -53 අතර පවතින හෙයින් ඔවුන් දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව සිටින බවයි. එසේම අමු තේ දලු කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 60 ක් පමණ වන හෙයින් කුඩා තේවතු හිමියන් හා තේවතු ගොවීන්  විශාල වශයෙන් පාඩු ලබන බවද ඔවුහු කීහ.

 

TEAPICK-1023-01 TEAPICK-1023-02 TEAPICK-1023-03



අදහස් (0)

කුඩා තේවතු හිමියෝ අලි අමාරුවේ

අමරසේන Friday, 23 October 2015 01:14 PM

මේ කර්මාන්ත නැතිවෙලා යන්න නම් ඉඩතියන්න එපා (නි)

:       0       0

ඇසළ Friday, 23 October 2015 01:31 PM

මේවා නැති වෙලාම යන්න ඔනේ. ඡන්දෙ දුන්නේ. (අ)

:       0       0

උදිත් Friday, 23 October 2015 01:46 PM

ඇයි දන්නෙ නැහැ කිසිම දේශපාලඥයෙක් මෙම කුඩා කර්මාන්ත වල සංවර්ධනය වෙනුවෙන් එතරම් උනන්දුවකින් කටයුතු නොකරන්නේ?

:       0       0

හිමාල් Friday, 23 October 2015 02:48 PM

දැන් රජය තේ දළු මිල නැග්ගුවා කියමු.එතකොට තේ කොළ වල මිල ඉහල ගියාම ඒ තේවලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. මොකද ලෝකයට තේ සපයන්නේ ලංකාව විතරක් නෙවෙයිනේ. දැන් දියර කිරි වලට වෙලා තියෙන්නෙ ඒ විදිහට රජය අත පොවලා පුද්ගලික අංශයෙන් දියර කිරි ඒ මිලට ගන්න බැරි නිසා පිටි කිරි කර්මාන්ත වලට භාවිතා කිරීම.තේ විතරක් නෙවෙයි ඕනෑම කර්මාන්තයක් ස්වාධීනව නැඟී හිටින්න දන්නේ නැත්නම් ඉදිරියක් න(රේ)

:       0       0

බුද්ධික පී අතුකෝරළ Saturday, 24 October 2015 08:45 AM

තේ මිල සම්බන්ධයෙන් රජය වහා මැදිහත් වියයුතුයි.(රේ)

:       0       0

ප්‍රසන්න Saturday, 24 October 2015 08:45 AM

චන්දෙට නම් පොරොන්දු උනේ 90 දෙනවා කියල.අපි චන්දෙත් දුන්නේ.(රේ)

:       0       0

දහම් Friday, 23 October 2015 03:55 PM

මහින්ද පරද්දුවනේ. ඒ ඇතින(රේ)

:       0       0

නඳුුනි Friday, 23 October 2015 03:56 PM

අයි 80.00 දෙනවා කියල නේද කිව්ව(රේ)

:       0       0

පාලි Friday, 23 October 2015 05:31 PM

අපේ රටේ මිනිස්සුන් බඩ ගැන හිතලානේ ඡන්දෙ දුන්නේ .දැන් සතුටු හිතෙයි (ත)

:       0       0

කමල් Friday, 23 October 2015 07:04 PM

දළු වල මිල පහත වැටුනට අපි බොන තේ කිලෝවක් රුපියල් 1000ක් විතර වෙනවා. එහෙම නම් ඒවායේ මිලත් අඩුවෙන්න ඕනෑ නේද? (නි)

:       0       0

සමන්ති Friday, 23 October 2015 08:01 PM

හැබැයි දළු මිල වැඩි වනවිට කවුරුවත් සද්ද නැහැ. (නි)

:       0       0

විකුම් Friday, 23 October 2015 10:45 PM

මේ විනාශයට දොර ඇරියේ වතු ජනසතු කිරීමෙන්. ලන්ඩන් තේ වෙළදපොළ ලංකාවට අහිමිවුණා. ලංකාවෙන් ගිය යුරෝපීයයන් අප්‍රිකානු රටවල තේ වගාකළා. දැන් අප්‍රිකානු රටවල් ඉදිරියෙන් ඉන්නවා. (නි)

:       0       0

හිමාල් Saturday, 24 October 2015 03:28 PM

අශාන්, මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි, තමන්ගේ නිෂ්පාදන විකුණ ගන්න නිෂ්පාදකයා නොදන්න එක.භාණ්ඩයක මිල තීරණය වෙන්නේ ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව,ඒකට කෘත්‍රිමව අත දැම්මම වෙන්නේ මුළු ආර්ථිකයම අර්බුධයට යාම.මේ තේ දළු ලොකු ගානට ගත්තා කියමු,කවුද ඒ ගානට තේ කොළ ගන්නේ?(අ)

:       0       0

රසික Saturday, 24 October 2015 05:24 PM

තේ මිල අඩුවෙලා තියෙන්නෙ අපේ තේ ගන්න පිටරටවල අයගේ ඉල්ලුම් අඩුවෙලා තියෙන නිසා.මට නම් තේරෙන්නෙ නෑ හැමදාම ආණ්ඩුවට සහනාධාර දෙන්න පුළුවන්ද කියල.(රේ)

:       0       0

සුසන්ත Saturday, 24 October 2015 06:12 PM

බඩ ගැන හිතලා, බඩ වඩාගන්න හිතාගෙන ඡන්දෙ දුන් ගොයියලගේ බඩට වදිනකොට ඉහමොළ රත්වෙනවා ඇති (නි)

:       0       0

අජිත් Saturday, 24 October 2015 11:54 PM

ලංකාවේ තේ වල ඉල්ලුම අඩුවෙලා තියෙන්නේ ගුණාත්මකබාවයෙන් අඩු තේ අපනයනය කිරීම නිසා. (නි)

:       0       0

අශාන් Saturday, 24 October 2015 03:55 AM

හිමල් නොදන්න දේවල් කියවන්න එපා මහින්දගෙ කාලේ තේ දළු වලට 80 දුන්න අඩු වුනත් 65-70 වෙලේ අායේ ඉක්මනට වැඩි වෙනව එ්ත් මේ ආන්ඩුව අගොස්තු ඡන්දෙ කිට්ටුව 80 දිලා ඡන්දෙ ඉවරවුණු ගමන් 50 ට විතර අඩු කලා අනික ඡන්දය ගන්නකොට කිවේ අසුව දෙනව කියල එක අතකින් මේක හොදයි බඩ ගැන හිතල ඡන්දෙ දිපු මිනිස්සුට දැනෙන්නත් එක්ක යහපාලනේට (බ)

:       0       0

සුධීර Sunday, 25 October 2015 02:40 AM

මොන ආණ්ඩුව ආවත් මේ ප්‍රශ්න වල නම් අඩුවක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site