IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කුඩු ජාවාරම්කරු වෙඩි කා ගෙන ගියත් රෝහලේදී අසුවේ

(කේ බුද්ධික කුමාරසිරි, ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැටලීකට ගිය පොලිස් නිළධාරීන් කණ්ඩායමකට කොට්ටාව පැලැන්වත්ත දී වෙඩි තැබීමට සැරසුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් පසු තුවාල ලැබූ සැකකරු මෝටර් රථයකින් පලා ගොස් රෝහල් ගත වීමට යාමේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "පෝනා" නැමැත්තා විසින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පිළියන්දල ප්‍රදේශයට පැමිණෙන බවට බස්නාහිර දකුණ කොට්ඨාසයට අනුයුක්ත විශේෂ පොලිස් කණ්ඩායමකට ලද තොරතුරක් මත එම සැකකරු අත් අඩංගුවට ගැනීම සදහා වැටලීමක් සිදු කර ඇත.

එම වැටලීම සදහා අතුරුගිරිය පොලිසියේ නිළධාරියකු ඇතුළු බස්නාහිර දකුණ කොට්ඨාසයට අනුයුක්ත විශේෂ පොලිස් කණ්ඩායමේ නිළධාරීන් පිරිසක් ත්‍රීරෝද රථයකින් කොට්ටාව ප්‍රදේශයට ගොස් තිබුණි.

එහිදී සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "පෝනා" නැමැත්තා ⁣මත්ද්‍රව්‍ය තොගයක් හුවමාරු කර ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී පොලිස් නිළධාරීන් දැක මෝටර් රථයකින් පලා යමින් පොලිස් කණ්ඩායමට වෙඩි තැබීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් කණ්ඩායම විසින් ද ප්‍රතිප්‍රහාර ලෙස වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කල ද සැකකරු මෝටර් රථයෙන් පලා ගිය බවද පොලිසිය පවසයි.

(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (1)

කුඩු ජාවාරම්කරු වෙඩි කා ගෙන ගියත් රෝහලේදී අසුවේ

යෝගා Friday, 05 July 2024 01:45 PM

පොලිසියට පුහුණු කරන්න ඕන ඉලක්කයට වෙඩි තියන්න. එහෙම කලානම් රජයට විශාල වියදමක් ඉතුරු කරගන්න පුළුවන්.

:       2       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site