IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කඩා ගත් මාලයත් සමග කොල්ලකරුවෝ මාට්ටු

(එස් ඩී කොඩිකාර)

අකුරැස්ස දෙණියාය ප්‍රධාන මාර්ගයේ අතුඇළ ප්‍රදේශයේ දී සිය යතුරු පැදිය නවතා දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටි කාන්තාවකගේ කට මිරිකා ඇය සතු රුපියල්  140000.00 ට ආසන්න මුදලක් වටිනා රන්මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා තවත් යතුරුපැදියකින් පලා ගිය සැකකරුවන් දෙදෙනකු  අත් අඩංගුට ගත් බව මොරවක පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 24- 25 වයස් කාණ්ඩවල පසුවන ගාල්ල යටලමත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා අංක තහඩු නොමැති  යතුරුපැදියකින් ගාල්ල ප්‍රදේශයේ සිට මොරවක දෙසට ගමන් කරමින් සිටින අතරතුර එම කාන්තාව අතුඇළ ප්‍රදේශයේ සිය යතුරුපැදිය නවතා දුරකථන ඇමතුමක් ගනිමින් සිටි අවස්ථාවේදී අදාළ සැකකරුවන් දෙදෙනා එම කාන්තාව අසලට ගොස් ගමක නමක් අසන මුවාවෙන් ඇය සතු ගෙළ බැඳි රන් මාලය සහ ඇගේ ජංගම දුරකථනය කොල්ලකා පලා ගොස් ඇත.

එම අවස්ථාවේ එම කාන්තාව ද සිය යතුරුපැදියෙන් බිම ඇද වැටී ඇත. ආසන්නයේ සිටි පුද්ගලයකු සිද්ධිය දැක මොරවක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික පනාවල මහතාට අංක තහඩු නොමැති කළු පැහැති යතුරුපැදියකින් මාලයක් කඩාගෙන යන බවට දැනුම් දී ඇත .

ඒ සමගම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා රොටුඹ, කොස්මෝදර, පිටබැද්දර , ඌරුබොක්ක පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත . ඒ සමගම ක්‍රියාත්මක වූ එම පොලිසිවල ස්ථානාධිපතිවරුන් ප්‍රදේශයේ තිබෙන සියලු මාර්ග සෝ දිසි කිරීම් සිදු ඇති අතර සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රධාන සැකකරු පරගල මාර්ගයේදීද , පැදිකරු ලොරියක නැග පලා යමින් සිටියදී පිටබැද්දර ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී ජීව බෝම්බයක් ද, මිරිස්කුඩු පාර්සලයක්ද සන්තකයේ තිබී සොයාගෙන ඇත.

 



අදහස් (2)

කඩා ගත් මාලයත් සමග කොල්ලකරුවෝ මාට්ටු

Hafeel Saturday, 08 June 2024 03:47 PM

පොහොට්ටුවේ නව පත්වීම සමග ආරංචි වුණු ප්‍රවෘත්තියක්.

:       2       12

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 09 June 2024 03:24 AM

අම්මට උඩු පැරණි ක්‍රමය අනුවනම් මුන් දෙන්නට මන්ත්‍රීලා වන්න අවශ්‍ය සුදුසුකම් ඔක්කොම තියෙනවා. ඒත්දැන් කාලය වෙනස්වෙලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site