IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කුඩු අංජු කොටු වූ හැටි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සිංහාරගේ අමල් සිල්වා හෙවත් ගොනාකෝවිලේ කුඩු අංජු නැමැත්තා ප්‍රංශ සුරූපිනියක් සමඟ පවත්වාගෙන ගිය බව කියන අනියම් සම්බන්ධතාවයක් නතර කර නොදැමූ නිසා ඊට පළිගැනීමක් වශයෙන් ඔහු සමග එරට වෙසෙන ශ්‍රී ලාංකික බිරිඳ තම සැමියා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබෙන පාතාල අපරාධකරුවකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ සිටින ප්‍රබලයකු බවටට එරට පොලීසියට ඔත්තුවක් ලබා දුන්නාය.

එම ඔත්තුවට අනුව අත්අඩංගුවට ගත් කුඩු අංජු නැමැත්තා ප්‍රංශ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 4 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇති බවටද මෙරට බුද්ධි අංශ වලට තොරතුරු ලැබී ඇත.

ප්‍රංශ පොලීසිය  කුඩු අංජු නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර පොලිසිය  ජාත්‍යන්තර පොලිසියේ මෙරට ශාඛාව වෙත දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ලංකාදීපයට පැවසීය.

කුඩු අංජු නැමැත්තා කාලයක සිට ප්‍රංශ ජාතික සුරූපිනියක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි කියති.

ප්‍රංශයේ වෙසෙන ඔහුගේ ශ්‍රී ලාංකික බිරිඳ මෙය නතර කර දමන ලෙසට කුඩු අංජු නැමැත්තාට නිතර දැඩි ලෙස බලපෑම් කර ඇති බවද පැවසේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සහ මෙරට සිය සාමාජිකයන් යොදවා එකතු කරගන්නා කප්පම් මුදල්වලින් වැඩි කොටසක් එම ප්‍රංශ ජාතික සුරූපිනියගේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බවද නිල නොවන ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

මෙම හේතුව නිසා ශ්‍රී ලාංකික බිරිඳ සහ කුඩු අංජු අතර නිතර ආරවුල් සිදුව ඇති අතර ඇතැම් අවස්ථාවල ඔහු සිය බිරිඳට අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට ලක් කර ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි මෙරට බුද්ධි අංශ නිලධාරියා වැඩිදුරටත් කීය.

මේ හේතූන් මත ඊට පළිගැනීමක් වශයෙන් කුඩු අන්ජු ගේ බිරිඳ ඔහු ගැන සියලු තතු ප්‍රංශ පොලිසියට දැනුම්දීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩු අංජු නැමැත්තාගේ සහෝදරයෙකු වන ගොනා කෝවිලේ ලංසියා නැමැත්තා 2016 වසරේ දී වසරේදී මහර අධිකරණය ආසන්නයේ දී වෙඩි තබා ඝාතනය කර තිබුණේ ප්‍රතිවාදී පාතාල කල්ලි නායකයකු වන ගොනාකෝවිලේ රොහා ගේ කල්ලිය යැයි පොලිසිය පවසයි.

තම සහෝදරයා මෙන්ගොනාකෝවිලේ රොහා නැමැති කල්ලි නායකයා තමාව ද ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නා ගෝනාකෝවිලේ කුඩු අංජු නැමැත්තා මුලින්ම හොර රහසේ මැලේසියාවට පැනගොස් තිබිණි යැයි පාතාල මර්දන කටයුතුවල නිරතව සිටින උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මැලේසියාවට පැනගිය කුඩු අංජු නැමැත්තා පසුකලක ඩුබායි රටට පලා ගොස් සැඟව සිට ඇතැයිද එම උසස් නිලධාරියා කීය.

ඩුබායි රටට පලාගොස් සැඟව සිටින කාලයේ කුඩු අංජු නැමැත්තා ඩුබායි රටේ සිට සිය ගෝල බාලයන් කිහිප දෙනෙකු මෙහෙයවමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ධනංජය සිල්වා මහතාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතා 2018 වසරේ වසරේදී ඔහුගේ නිවස ඉදිරිපිට දී ඝාතනය කර තිබිණි යැයි පොලිසිය පවසයි.

ඝාතනය කෙරුනු රංජන් ද සිල්වා මහතා පොදු ජන එක්සත් පෙරමුණේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ව සිටියේ ය.

රටින් පලාගිය ගොනාකෝවිලේ කුඩු අංජු නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් මහාපරිමාණයෙන් මෙහෙයවමින් සිය ගෝලබාලයන් යොදවා කප්පම් ගැනීම් මිනිස් ඝාතන සහ දරුණු අපරාධ සිදු කරමින් සිටි අයකු යයිද පාතාල මර්දන මර්ධන කටයුතු මෙහෙයවන එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

ඩුබායි රටේ කාලයක් ගතකර මොහු සරණාගතයකු ලෙස ප්‍රංශයට යාමෙන් පසු සිය බිරිඳ සහ දරු දෙදෙනා පසු පසුකලක එරටට ගෙන්වාගෙන බෝදෝ නගරයේ සුපිරි නිවසක ජීවත්ව ඇත.

කුඩු අංජුනමින් හැඳින්වෙන මෙම පාතාල අපරාධකාරයා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

 

 



අදහස් (1)

කුඩු අංජු කොටු වූ හැටි

piyal weerasinghe Monday, 01 May 2023 09:15 AM

මිනිහෙක් විනාශය වෙන්න ගැනියෙක් මුලට ඇති .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site