(මනෝප්‍රිය ගුණසේකර)
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මියට ලබා දී තිබු පොලිස් ආරක්‍ෂාව ඉවත් කොට පැය දෙකකට පසු නැවතත් එම ආරක්‍ෂාව සැපයීමට පොලිස්පතිවරයා පියවර ගත් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
විනිසුරුවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාට කළ දැනුම් දීමකින් අනතුරුව මහෙස්ත්‍රාත්වරියගෙන් ඉවත් කළ පොලිස් ආරක්‍ෂාව යළි සැපයීමට පියවර ගෙන ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියට පොලිස් ආරක්‍ෂාව සපයා තිබුණේ තලංගම පොලිසිය විසිනි.
එලෙස ලබාදී තිබු පොලිස් ආරක්‍ෂාව අද හිටිහැටියේ ඉවත් කිරරීමට පියවර ගෙන තිබු අතර මේ සම්බන්ධයෙන් විනිසුරුවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාට කළ දැනුම් දීමකින් අනතුරුව ඉවත් කළ පොලිස් ආරක්‍ෂාව පැය දෙදක පමණ කාලයකට පසු යළි ලබාදීමට පියවර ගත් බව වාර්තා වේ.
පාර්ලිමෙන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නරත වු තරුණ තරුණයින් 13 දෙනා සම්බන්ධයෙන් මෙන්ම පාර්ලිමෙන්තුවට පිවිසෙන මාර්ගය අසළ උද්ඝෝෂණය වළක්වන ලෙස ඉල්ලමින් තලංගම පොලිසිය විසින් ඉදිරිපත් කළ නඩු කටයුතු විමසා තීන්දු ලබා දෙනු ලැබුවේ චානිමා විජේබන්ඩාර මහත්මිය විසිනි.
COMMENTS
කිසිවකු හට පොලිස් ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ කුමන හෝ හේතුවක් මත නම් ඒ හේතුව මතම ඊටත් වැඩි ආරක්ෂාවක් රටේ මර්මස්ථාන හා රටේ වැදගත් ස්ථාන වලට ලබාදිය යුතුයි. වැදගත් වන්නේ පුද්ගලයා නොව ස්ථානය හෝ තනතුරයි. උදාහරණ ලෙස පාර්ලිමේන්තු නියෝජිතයින් කෙසේවෙතත් පාර්ලිමේන්තුවට හානියක් නොවිය යුතුයි, සමහරක් චීවරධාරීන් කෙසේ වෙතත් බෞද්ධ උරුම වලට හානියක් නොවිය යුතුයි. අනෙක් සියල්ලන්ටමත් එසේය. පුදුමය නම් ආරක්ෂාව බලාපොරොත්තුවන්නන් එය නොදැනීමයි. එයටත් උදාහරණයක් ලෙස මන්ත්‍රීවරු පොලිස් ආරක්ෂාව ලබාගන්නේ කුමක් සඳහාද, එම අවශ්‍යතාවයටත් වඩා වැඩි ආරක්ෂාවක් පාර්ලිමේන්තුවට ලබාදිය යුතුයි. තම තමන්ගේ ආරක්ෂාව වෙනුවන් ලබාඇති ආරක්ෂකයින් ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් කුමන ආකාරයේ ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කරන්නේද එම ක්‍රියාමාර්ග ඊටත් වඩා වැඩියෙන් විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණවල සංකේතාත්මක ස්ථාන ආරක්ෂා කළයුතුයි. තමතමාගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යම් ආකාරයක් ඇතැයි සිතන්නේද ඊටත් වඩා වැඩියෙන් ඊහත කී සංකේතාත්මක ස්ථාන සඳහා තර්ජනයක් ඇතිවිය හැකි යැයි සිතිය යුතුයි. කොටින්ම පුද්ගල අයිතිවාසිකම් අවසානයටම විය යුතුයි...