IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති අත් අඩංගුවට

(කේ බුද්ධික කුමාරසිරි සහ   ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තාට තලංගම කොස්වත්ත ප්‍රදේශයේ දී පහර දී ඔහුගේ රථයට හානි කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න  අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

හිටපු නගරාධිපතිවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවද පොලිසිය පැවසීය.

පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල නැමැත්තා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලුපිරිසක් පැමිණ මෙම පහරදීම සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි.

ඉකුත් වසරේ මැයි මාසයේදී අරගලකරැවන් විසින් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලු පිරිසක් පහරදී බේරේ වැවට දැමීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමේ සිද්ධියක් මත තමන්ට පහර දුන් බවට පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල නැමැත්තා තලංගම පොලිසියට සිදු කල පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි.

අදාල පහරදීම සිදු කරන ආකාරය පහරකෑමට ලක් වූ තැනැත්තා ජංගම දුරකතනය මගින් වීඩියෝ පටිගත කර ඇත.

 



අදහස් (9)

කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති අත් අඩංගුවට

විසිල් Thursday, 11 May 2023 07:13 AM

රිමාන්ඩ් එකේ ගෙදර ට වඩා සැපේ ඉදී. ඒවා පත්තරේ දාන්නේ නෑ. ඒත් මිනිස්සු දන්නවා .

:       5       23

නිහාල් Thursday, 11 May 2023 08:20 AM

ජංගම දුරකථනයෙන් වීඩියෝ නොකළා නම්... "තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා“

:       6       37

nandani Thursday, 11 May 2023 09:22 AM

පොහොට්ටුවේ සාමාජිකයන්ට සහා උන්ගේ වල වහල් බයියන්ට හෙණ හත වැදියන් , උන් මකබැවිලා පල !!!

:       13       36

Pradeep Kumara Thursday, 11 May 2023 09:42 AM

මාංචු දාපු අත්දෙක උස්සලා පෙන්වන්නේ හරියට ලොකු හපන් කමක් කරලා වගේ. අයුක්තිය අසාධාරණයට එරෙහිව සටන් කරලා නොම්මර 17 චිත්‍රපටයේ විජය කුමාරතුංග ගියෙත් ඔහොම තමයි.

:       5       27

අමාThursday, 11 May 2023 10:18 AM

මොන්ගල් පොරවල් ඉන්නකොට රටකට මෙහෙම දේවල් බලන්න පුලුවන්, එයාලට පහරදෙනව අදුරන්නත් බෑ මාන්චු දාපුව අදුරන්නත් බෑ.

:       2       15

Perera Thursday, 11 May 2023 10:08 AM

ලංකාවේ දේශපාලුවන්ගෙන් 90% මදාවි ,ධාමරික ,හොර ,වංචා ,දූෂිත චරිත .මුන්ට චන්දෙ දෙන හැමෝම අති අන්ත බොරු මී හරක්

:       3       29

Amali Thursday, 11 May 2023 11:15 AM

ගහන්න හේතුව ගැන කවුරුවත් හරියට කියන්නේ නැනේ... නිකන් ගහන්නේ නෑනේ...

:       1       0

podi hadaya Thursday, 11 May 2023 12:31 PM

කඩුවෙල ජනතාවනි, මෙවැනි නරුම, දාමරික තක්කඩියන් නැවත කිසිදා පත් නොකරනු. මන්ද යත් ඊළඟට මෙයා අත උස්සන්නේ ඔබගේ දරුවන්ට හෝ පියාට හෝ සහෝදරයින්ට...

:       1       0

fairoos Thursday, 11 May 2023 12:52 PM

අරගලය නිසා පොඩි වෙනසක් හරි රටේ උනා .නැත්නම් ජරාපක්ෂලා එකතුවෙලා රට ඉවර කරන්නයි ගියේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site