IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කඩුවෙල හිටපු උප නගරාධිපතිට අධිකරණය දුන් නියෝගය

(කේ බුද්ධික කුමාරසිරි)

සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු සහ අරගලයේ මුල් පෙලේ සාමාජිකයකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තාට පහරදීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න පහරදුන් බව කියන චන්දික අබේරත්න සහ ප්‍රියත් නිකේෂල  පහර දුන් බවට වන පැමිණිලි සම්බන්ධයෙන් තලංගම පොලිසිය  අධිකරණයට කරුණ වාර්තා කිරීමෙන් පසු රෝහල් ගතව සිටින එම සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කර බලා ලබන 17 වන දින අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙස කොළඹ අධිකරණය වෛද්‍ය නිළධාරී වෙත කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (11) දින නියෝග කළාය.

එසේම අදාල සැකකරුවන් ⁣පරීක්ෂා කර බලා සැකකරුවන්ට ඇප ලබා දෙන්නේ ද නැද්ද යන තීරණය කරන ලෙස කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩුව යොමු කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.

තලංගම කොස්වත්ත සමගි මාවතේ දී අදාල සැකකරුවන් දෙදෙනා ගැටුමක් ඇති කරගෙන ඇති බවත් දෙදෙනාම පහර කෑමට ලක්වූ බව පවසමින් මේ වන විට කොළඹ ජාතික රෝහලේ සහ මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවද තලංගම පොලිසිය මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් පැවැසීය

මෙහිදී සැකකාර ප්‍රියත් නිකේෂල නැමැත්තා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ නීතිඥ නුවන් බෝපගේ පෙනී සිටි අතර සැකකාර චන්දික අබේරත්න  වෙනුවෙන් නීතිඥ නුවන් ජයවර්ධන යන නීතිඥවරු පෙනී සිටියහ.

 



අදහස් (5)

කඩුවෙල හිටපු උප නගරාධිපතිට අධිකරණය දුන් නියෝගය

මැක්ස් Thursday, 11 May 2023 04:31 PM

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා කියන පුද්ගලයා වෙනුවෙන් පෙනී හිටින කළු කෝට් දෙපළගේ නම් කියෙව්වම කතාවේ ඉතුරු කොටස හිතා ගන්න පුළුවන්. ඒ වගේම අරගලේට සල්ලි පොම්ප කළේ ඇන්ජීඕ කාරයෝ සහ බටහිරයෝ කියන කතාව ඇත්ත බවත් තේරෙනවා.

:       39       21

ලුම්බිණි Friday, 12 May 2023 05:20 AM

එතකොට හිටපු නියෝජ්‍ය නගරාධිපතිට රෝහල් ගත වෙන්න කිව්ව්වෙත් ඇන්ජීඕ කාරයෝද?

:       0       4

Nandasena grFriday, 12 May 2023 05:46 AM

බොලාට ඉතින් හැම රෙද්දකටම NGO තමයි.කොන්දක් නැහැ රට බංකොලොත් කරපු එවුන්ට විරුද්ධව කටක් අරින්න.පුදුම නිවට ජාතියක්

:       0       5

Rasika Thursday, 11 May 2023 04:47 PM

අරගලය කොතැනද සාලිය එතන... කොහොම ගාණක් ලැබෙන්න ඇත්ද...?

:       2       1

Nihal D Thursday, 11 May 2023 05:18 PM

අම්මට සිරි "සමගි මාවතේ "ගුටි බටේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site