
(යොහාන් භාසුර)
නව කැලණි පාලමේ උපාංග ඇතැම් පුද්ගලයන් ගලවාගෙන යෑම නිසා එහි සුවිශේෂී ආලෝක පද්ධතිය ක්‍රියාත්මක කළ නොහැකි තත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් රුපියල් කෝටි දෙකහමාරක අලාභයක් වී ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ඒල්. වී. එස්. වීරකෝන් මහතා පැවසීය.
රුපියල් කෝටි 5000 ක් වැය කර ‘කල්‍යාණි රන් පිවිසුම’ ලෙස හදුන්වන මෙම පාලන 2021 වසරේ විවෘත කළ බවත් පාලම අවට සිටින ඇතැම් පුද්ගලයන් උපාංග ගලවාගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ මහතා කීය.
කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර 13 ක පමණ දුරක තඹ කේබල් පද්ධතිය කැපීමෙන් රුපියල් කෝටි 25 ක පමණ පාඩුවක් වී ඇති බව කියන මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මධ්‍යම සහ දක්‍ෂිණ අධිවේගී මාර්ගවල ද කම්බි කැපීමෙන් විශාල පාඩුවක් වී ඇති බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩ්ඩෝ ‘කල්‍යාණි රන් පිවිසුම’ වනසති
duminda Saturday, 15 July 2023 09:02 AM
මුන්ට දුටු තැන වෙඩි තියලා දාන්න ඕනි
Tikiri Saturday, 15 July 2023 09:49 AM
කුඩ්ඩෝයි, සොරාකන දේශපාලකයින් සහා වහල් බයියෝ ඉන්න තාක්කල් මේ රට දියුණු වෙන්නේ නැහැ. කුඩු මුදලාලිලා සහ කුඩු ගෙන අයට සහාය දෙන හැමඑකාටම ශාපවේවා...! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණහතම වැදිනවා. රාජපක්ෂ පවුලට කඩේයන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා!
පැරකුම් Saturday, 15 July 2023 02:25 PM
දැන් කියලා ඇති වැඩේ මොකක්ද? පාලකයෝ නිදිද කුඩ්ඩන් පිට පටවලා බේරෙන්නද හදන්නේ රාජ්‍ය දේපළ ආරක්ෂාවට නිසි ක්‍රමවේදයක් නැද්ද? විශාල ප්‍රසිද්ධියක් දීලා අල්ලන කුඩු ආපහු කුඩ්ඩන්ටම යන බව ඉතා පැහැදිලියි. මේ රට ගොඩගන්න පුළුවන් ජගතෙක් පේන මානයක නැත... අපේම අවාසනාව...!
Asiri Suranga Saturday, 15 July 2023 03:30 PM
දුටුතැන වෙඩි තියන්න හමුදාවට බලය දෙන්න...
Chathuranga Sunday, 16 July 2023 08:24 AM
මෙච්චර සරල විදියට කුඩ්ඩන්ට ඔය ඇණ ගලවන් යන්න පුළුවන්ද?.වගකීම් පැහැර හැරිය සියළුම දෙනා දැන් මේ අපරාධය කුඩ්ඩන්ගේ පිටින් තබා ගැලවීමට උත්සාහ කරන බවක් පේන්න තියෙන්නෙ.ගෙදර තියෙන අඩුවකින් නියනකින් ඔය ඇණ ගලවන්න බෑ..ඒකට ඕන වෙනම උපකරණ සහ තාක්ෂණය කූඩ්ඩන්ට නෑ.