සන්ධාන මන්ත‍්‍රී හා හිටපු ඇමැති උපාලි කොඩිකාර මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අපහාස වන අයුරින් අදහස් දැක්වූයේ යැයි විරෝධය පා බස්නාහිර පළාත් සභා විපක්‍ෂ ප‍්‍රධාන සංවිධායක යූ. ජෝර්ජ් පෙරේරා මහතා මේසය මතට නැගීමට ගත් උත්සාහය මුලසුනෙහි සිටි නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා වැළැක්විය.
පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි කඩිනමින් පැවැත්විය යුතු බවට සන්ධාන මන්ත‍්‍රී මෙරිල් පෙරේරා මහතා සභා රීති අත්හිටුවමින් ගෙන ආ යෝජනාවක් අද (09) දී විවාදයට ගැනිණි.
උපාලි කොඩිකාර මන්ත‍්‍රීවරයා අග‍්‍රාමාත්‍යවරයාගේ නම සඳහන් කරමින් අදහස් දැක් වූ අතර එහි දී අගමැතිවරයාට අපහාස වූ බව කියමින් ජෝර්ජ් පෙරේරා මහතා කොඩිකාර මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශයට බාධා කළේය.
කොඩිකාර මන්ත‍්‍රීවරයා එම ප‍්‍රකාශය ඉල්ලා අස්කර නොගතහොත් තමන් එයට විරෝධය පා මේසය මතට නඟින බව කී විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක මේසය මතට නැගීමට උත්සාහ කළේය. සභාවේ මුලසුනෙහි සිටි යසපාල කෝරළගේ මහතා උපාලි කොඩිකාර මන්ත‍්‍රී ප‍්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බව කීවේය. ප‍්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස මන්ත‍්‍රී දැනුම් දීමක් ද කළේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කොඩිකාර රනිල්ට බනී’
සම්පත් පතිරණ Tuesday, 09 February 2016 12:13 PM
ලකුණු දාගන්න කරපු වැඩක් (කෞ)
ටෙනිසන් Tuesday, 09 February 2016 06:45 PM
පරාක්‍රම, කළ දේ හරි කියනවා නොවෙයි. ඕක තමයි අපේ රටේ දේශපාලකයන්ගේ තරම. (නි)
දර්ශන Tuesday, 09 February 2016 12:44 PM
බැන්න එකනම් වැරදියි නේද?(හේ)
සුමිත්‍රා බස්නායක Tuesday, 09 February 2016 01:17 PM
මොනවා කියලද දන්නේ නැහැනේ බැන්නේ. (ර)
රාධා Tuesday, 09 February 2016 01:32 PM
හැන්සාඩ් තියෙන්නේ පාර්ලිමෙන්තුවෙ නේද? පළාත් සබාවේ තියෙනවාදැයි නොදනිමි. (ර)
පරාක්‍රම Tuesday, 09 February 2016 02:32 PM
" කානු කටවල් වලට " හිමිකම් කියන තුන්වැනි පංතියේ හැසිරීම් ඇති දේශපාලකයින් ගැන ජනතාව දැනුවත්වීම හොඳ බව පෙනේ. මෙවැනි අය නැවතත් මේ තනතුරුවලට පත් කරනවාද යන්න ගැන හොඳින් සිතා බැලිය යුතුවේ. පත්කලොත් මේ මට්ටමේම උදවියගේ කර මතින් තමයි. (කෞ)
දර්ශන Tuesday, 09 February 2016 03:48 PM
බනින්න ඕනෑ තමයි. හරියට හරි. (නි)
ශෙහාන් Tuesday, 09 February 2016 03:45 PM
සමහරුන්ට දැන් බලය නැතුව ඉන්න අමාරුයි (නි)