IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොඩිකාරගේ ඇප කොන්දේසි ලිහිල් කරයි

පොලිස් නිලධාරියෙක්ගේ රාජකාරියට බාධා කළේයැයි නඩු පැවරී ඇප මත නිදහස් කර සිටින බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සහ හිටපු පළාත් සභා ඇමැති උපාලි කොඩිකාර මහතාගේ ඇප කොන්දේසි සංශෝධනය කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගේ රෙජිස්ටාර්වරයාට හා කුරුඳුවත්ත පොලිසියට සෑම සඳුදා දිනකම පැමිණ වාර්තා කරන ලෙස ඒ මහතාට පැනවී තිබුණු ඇප කොන්දේසිය මේ අනුව සෑම සඳුදා දිනකදීම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගේ රෙජිස්ටාර්වරයා හමුවේ පමණක් පෙනී සිටින ලෙසට සංශෝධනය කෙරිණ.

පොලිසියට වාර්තා කිරීමට නොහැකි බව පෙන්වා දෙමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පේ‍්‍රමනාත් දොලවත්ත මහතා කොඩිකාරගේ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කළේය.

කොඩිකාර මහතා අයහපත් සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන බවක් තමන්ට දන්වා නැතැයි කුරුඳුවත්ත පොලිසිය මෙහිදී කියා සිටියේය.

ඇප කොන්දේසි පරිදි පොලිසියට වාර්තා කිරීම පැහැරහැර තිබීම නිසා කොඩිකාර මහතාට එරෙහිව නඩුවක් ගොනු කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසිට නියෝග කර තිබිණ.

බරපතල වංචා දුූෂණ පිළිඹද ජනපති කොමිසමට පැමිණි අවස්ථාවකදී එතැන සිටි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරි වලට බාධා වන පරදි හැසිරුණේයැයිද එම පොලිස් නිලධාරියා බිය ගැන්වීයැයිද කුරුඳුවත්ත පොලිසිය කොඩිකාරට එරෙහිව නඩු පැවරීය.මහේස්ත‍්‍රාත්වරයාගේ නියමයෙන් මේ වන ටි ඔහු සිටිනුයේ ඇප මත නිදහස්වය.

නඩුව ජනවාරි මස 18 වැනිදා නැවත කැදවීමට නියෝග කෙරිණ.


 

 



අදහස් (0)

කොඩිකාරගේ ඇප කොන්දේසි ලිහිල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site