
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රුපියල් කෝටි 500 කට අධික හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
ගන්දර නූන්නවැල්ල ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් ධීවරයන් 06 දෙනකුගෙන් ප්‍රශ්න කිරිමේ දී හෙලි වු තොරතුරු මත ගාල්ල නාගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හා මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය එක්ව දියත් කල මෙම සාර්ථක වැටලීම පොලිස් ඉතිහාසයේ සාමාන්‍ය පොලිස් ඒකකයක් අත්අඩංගුවට ගත් වැඩීම මත්ද්‍රව්‍ය තොගය වන බව මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පැවසීය.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පරික්ෂා කිරිම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත පැමිණියේය.
මත්ද්‍රව්‍ය තොගය පරික්ෂා කිරිමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා වැටලීම සිදු කල පොලිස් නිලධාරීන් ප්‍රශංසාව ද ලක් කළේය.
එම අවස්ථාවට දකුණු පලාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න,මාතර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා,පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ,මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද පැමිණ සිටියේය.

2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 500ක කුඩු මාතරින් අල්ලයි
Third Eye Thursday, 21 November 2024 12:06 PM
රොටි පුච්චන්න ගෙනත් වෙන්න ඇති. දැන්වත් තිබුණු දේශපාලන සම්බන්ධකම් ගැන හොයලා බලන්න. නැත්නම් කොයිතරම් ඇල්ලුවත් ඉවරයක් කරන්න නම් බෑ.