IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කෝටි 5 ක හෙරොයින් සමඟ පකිස්තාන් ජාතිකයෙක් අත්අඩංගුවට

( ප්‍රසාද් මුතුකුඩ සහ ටී.කේ.ජී කපිල )


රුපියල් කෝටි පහකට ආසන්න  වටිනා කමකින් යුතු  බ්‍රවුන්  ෂුගර් වර්ගයට අයත් හෙරොයින්  කිලෝ    04  ග්‍රෑම්  180  ඉතා  සූක්ෂම අයුරින්  මෙරටට  රැගෙන  පැමිණි  පාකිස්තානු ජාතිකයෙකු  අද (09) උදෑසන 06.01 කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරු මත     අත්අඩංගුවට  ගෙන තිබේ.


 සැකකරු පාකිස්තානයේ ලාහෝර් නුවර සිට පැමිණි යු එල්  186 දරණ ගුවන් යානයෙන් උදැසන 6.01 කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

සැකකටයුතු අයුරින් හැසිරුණ මෙම පුද්ගයා පිළිබඳ සැක සිතු    නිළධාරින්  පරික්ෂාවෙන් සිට  සැකකරු  ගුවන්තොටුපළ  බැංකු ලොබියට  පැමිණීමේදී   අත්අඩංගුවට ගෙන ඇත.
                 
 අනතුරුව ඔහු  සන්තකයේ තිබු    ගමන් මල්ල පරීක්ෂා  කිරීමදි  එහි  ව්‍යාජ  පතුලක   මෙම හෙරොයින්  තොගය සගවා තිබියදි සොයා ගනු  ලැබු බව  පොලීසිය කියයි  

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී ටී.සී.ඒ.ධනපාල මහතාගේ  උපදෙස් මත  සහකාර පොලිස් අධිකාරි එරික් රංජිත්  මහතාගේ මෙහෙයවීමෙන්    ගුවන්තොටුපල  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව විමර්ශන සිදු  කරති.

(ඡායාරූපය- ප්‍රසාද් මුතුකුඩ)

 

 



අදහස් (10)

කෝටි 5 ක හෙරොයින් සමඟ පකිස්තාන් ජාතිකයෙක් අත්අඩංගුවට

Lebbe Monday, 09 July 2018 05:41 AM

මිනිහට විශ්වාසයක් නැතුව ඇති අපේ හෙරොයින් ගැන... එ්කයි තමුන්ගේ රටෙන්ම හලාල් කරලා අරගෙන ඇවිත් තියෙන්නේ පාවිච්චියට. ග්‍රෑම් 4 නේ... යන්න දෙන්න අහිංසකයෙක්. ඊළඟ පාර ගොඩක් අරගෙන එයි.

:       1       71

KANDEPOLAMonday, 09 July 2018 07:37 AM

කිලෝ 04 ග්‍රෑම්180 යි.

:       0       2

manoj Monday, 09 July 2018 05:41 AM

ලඟදී කීදෙනෙක් නම් අහුවුණාද? මේවා ගේන්නේ ලංකාවේ ඉඳන් කව්රු හරි මේවා ඇනවුම් කරන නිසා. මහමොළ කරුවන් අල්ලන්නේ නැතුව මේක නවත්තන්න බෑ.

:       0       141

nirupa Monday, 09 July 2018 06:13 AM

මේ විදියට ලොකු ලොකු ගණන් කියන කොට අනිත් අයත් යනවා සල්ලි හොයන්න . හොඳම ක්‍රමය ගාන කියන එක නවත්වන්න ඕනි . මොකද මේවා අල්ලගත්ට දඬුවන් ලැබුන අය අඩුයි.

:       0       17

kumara Monday, 09 July 2018 06:57 AM

5ක් කියන්නේ මොන තරම් ලොකු ප්‍රමාණයක්ද..? මේවා ඔක්කොම දෙන්නේ අපේ රටේ දරුවන්ට නේද..? ඇයි ඒ පිටිපස්සේ ඉන්න අය අල්ලන්න බැරි..? මේ අයත් ටික දවසකින් නිදහස්.. එ්කනේ අපේ රටේ නීතිය..

:       0       3

nanju Monday, 09 July 2018 07:07 AM

මහමොල කරුවන් ඉන්නේ දියවන්නාවේ.

:       0       116

Kumara Monday, 09 July 2018 07:33 AM

පොලිස්පතිතුමනි, 225 ගැන හොයලා බලන්න.

:       0       6

palitha Monday, 09 July 2018 08:22 AM

මේ පුරුදුවෙන්න පලවෙනි වතාවට ගෙනා එකක් නොවෙයි, කාලයක් තිස්සේ කරගෙන ගිය දෙයක්, ඒකයි බය නැතුව කිලෝ ගණන් ගේන්නේ. මේවගේ ලොකු අය ඉන්නේ ලංකාවේ. පුළුවන්නම් එයාලව අල්ලන්න.

:       0       1

isurandi Monday, 09 July 2018 08:56 AM

ලංකාව දැන් කුඩු තිප්පොලක් ගානයි. ඇසට අහුවෙන්නේ නැති කොච්චර නම් දේවල් මේ විදිහට පන්නනවා ඇද්ද මෙහෙම බලපුවාම...?

:       0       1

nuwan Monday, 09 July 2018 08:57 AM

ඔය ජාතියේ අය ඉන්න රටවලින් අපේ රටට වෙච්ච සෙතක් නැහැ විනාශයක් මිස...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 201 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2075 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site