
(ගයාන් සූරියආරච්චි)
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඉකුත් දා විනාශ කරනු ලැබීය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ විදේශ දුම්වැටි ලක්ෂ 26 කට අධික සංඛ්‍යාවක් එසේ විනාශ කරනු ලැබීය.
එම දුම්වැටි තොගය කන්ටේනර් පෙට්ටියකින් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් කසළ අංගනයට රැගෙන ඒමෙන් අනතුරුව විනාශ කරනු ලැබීය.
මැදපෙරදිග රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් විසින් නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී එම දුම්වැටි රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 39ක විදෙස් දුම්වැටි විනාශ කරයි
Pradeep Kumara Friday, 08 November 2024 04:42 PM
දුම්පානය කොහොමත් ශරීරයට අහිතකරයි තමයි. නමුත් අපේ රටේ දුම්පානය තහනම් නෑනේ. එවන් පසුබිමක මෙම දුම්වැටි තොගය වෙන්දේසි කොට රජයට යම් මුදලක් ලබා ගන්නවා... වෙනුවට විනාශකර දැමීම මගින් සිදු කරන්නේ අපරාධයක් නොවෙයිද? කෝටි 39ක තොගය කෝටි 30කට වෙන්දේසි කළත් මොකද?