IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


කෝටි 14ක ගංජා නාවික හමුදාව යටතට

(ඉන්දිකා රාමනායක)

නාවික හමුදාව විසින් යපනය, කන්කසන්තුරයට ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ  සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 14 ට ආසන්න අධික වටිනා කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

මෙම වැටලීමේදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 428 ට ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක බලඝණයේ පී 423 වේග ප්‍රහාරක මුර යාත්‍රාව යොදවා කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රාත්‍රියේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩංගි යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී එහි තුළ දී තිබී මෙම කේරළ කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.

එම ඩිංගි යාත්‍රාවේ උර 13ක පාර්සල 428 ක් වශයෙන් මෙම කේරළ ගංජා තොගය තිබූ බව ද නාවික හමුදාව සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය අද (3) නාවික හමුදාව විසින් කන්කසන්තුරේ වරාය වෙත රැගෙන ආ අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාද එම ස්ථානයට ගොස් ඒවා නිරීක්ෂණය කර වැටලිම සිදු කළ නිලධාරීන්ට සිය ප්‍රණාමය පුද කළේය.

ඩිංගි යාත්‍රා වෙන් මෙම කේරළ ගංජා තොගය මෙරටට රැගෙන ආ සැකකරුවන් , යාපනය අනිලතිව් දූපතේ පදිංචිකරුවන් බවත් ඔවුන් වැඩි දුර වැඩිදුර පරීක්ෂණ සඳහා කන්කාසන්තුරේ පොලිසියට පොලීසියට බාර දී ඇත.



අදහස් (0)

කෝටි 14ක ගංජා නාවික හමුදාව යටතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1131 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site