IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කෝටි 135ක බදු පැහැරහැරි රන්දෙණිගල සමාගම් අධ්‍යක්ෂවරුන්ට අධිකරණ නියෝගයක්

 

(රෝෂන් තුෂාර)

රුපියල් කෝටි 135 බදු නොගෙවා පැහැර හැරියේ යැයි කියන කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ හිමිකාර අධ්‍යක්ෂකවරුන්ට ලබන 17 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා අද (10) නියෝග කළේය.

කඩුවෙල ,කරතොට රන්දෙනිගල ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සරත් කුමාර විජේවික්‍රම ,බුද්ධිකා විජේවික්‍රම හා තවත් අධ්‍යක්ෂවරියකට මෙම නියෝගය නිකුත් කළේය .

2012 හා 2015 අතර කාලය තුළදී ආදායම් බදු ,වැට් බදු හා දේශය ගොඩනැගීමේ බදු ලෙස රජයට අයවිය යුතු රුපියල් 1358773144.00ක් නොගෙවා පැහැර හැරීමට එරෙහිව මෙම නඩුව දේශීය ආදායම් කොමසාරිස් වරයා විසින් පවරා තිබිණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පියුමි නැමැති අධ්‍යක්ෂකවරිය පමණක් අධිකරණයේ පෙනී සිටියාය .

වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥ රිසාඩ් අමීන් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ වග උත්තරකරුවන් විසින් නොගොවා පැහැර හරින ලද බදු සතියක් ඇතුලත ගෙවීමට කටයුතු කරන බවය.

කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ අදාල බදු මුදල් ගෙවන්නේ නම් දෙශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා බදු ගෙවීම සම්බන්ධයෙන්  අධිකරණ නියෝගය ලබන 17 දින ඉදිරිපත් කරන බවත්,එදිනට වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී සිටිය යුතු බවටත් නියෝග කළේය.

එදිනට පෙර අදාල බදු මුදල් ගෙවන්නේ නම් ඒ පිළිබඳ වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
.



අදහස් (3)

කෝටි 135ක බදු පැහැරහැරි රන්දෙණිගල සමාගම් අධ්‍යක්ෂවරුන්ට අධිකරණ නියෝගයක්

හසක Tuesday, 10 December 2024 09:01 PM

මේ වෙනකම් මේ හිඟ බදු අයකරගත්තේ නැති නිලධාරීන්ටත්, අදාල අමාත්‍යාංශ බාරව හිටපු රට පාලුවන්ටත් යම් දඬුවමක් තියෙන්න ඕනෑ.

:       0       0

sam Wednesday, 11 December 2024 05:25 AM

හිඟ බදුවලට පොලියත් අයකර ගන්න...

:       0       0

රුවන් Wednesday, 11 December 2024 06:44 AM

මේවා බෞද්ධ දර්ශනය අනුවත් නොකළ යුතු ව්‍යාපාර. මත්පැන් වෙළඳාම හොඳ ව්‍යාපාරයක් නෙමෙයි. මුස්ලිම් මිනිස්සු වුණත් අරක්කු බොන්නේ නෑ. මේ සමාගම රජයට ගන්න ඕනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site