(යොහාන් භාසුර)
රසායනාගාර ප්‍රතික්‍රීයක ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සදහා රුපියල් බිලියන 10 ක (කෝටි 1000) පමණ ගෙවීම් ප්‍රමාදවීම නිසා රසායනාගාර පරීක්ෂණ සහ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රැසක් ක්‍රමාණුකූලව නතරවන තත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
රසායනාගාර පරීක්ෂණ සදහා සමාගම්වලින් මිලදී ගන්නා ප්‍රතික්‍රීයක ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සදහා ගෙවිය යුතු බිලියන 10ක පමණ මුදලක් නොගෙවීම හේතුවෙන් තවදුරටත් අදාල සැපයුම් කළ නොහැකි බව ඇතැම් සමාගම් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇති බව කී කුමුදේශ් මහතා මෙම මුදල් නොලැබීමෙන් සුළු පරිමාණයේ සමාගම් කිහිපයක්ම වසා දමන තත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළේය.
ප්‍රතික්‍රීියක නොලැබීම නිසා දැනටමත් පරීක්ෂණ සංඛ්‍යාව සීමා කරමින් ඇතැම් පරීක්ෂණ නතර කරන තත්වයකට පත්ව ඇති බවත් තත්වය එසේ තිබියදී කොමිස් වුවමනාව මත අනවශ්‍ය උපකරණ, අඩු වියදම් පරීක්ෂණ වෙනුවට මිල අධික ක්‍රම භාවිතා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් මුදල් නාස්ති කරමින් සිටින බවත් කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කෝටි 1000 ක ගෙවීම් ප්‍රමාදයෙන් රසායනාගාර පරීක්ෂණ සීමාවෙයි