IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෝටි හතරකට විද්ද සණස බැංකු සභාපති අල්ලයි

(මොහොමඩ් ආසික්)

කටුගස්තොට කහල්ල කළුගල සණස බැංකු සංගමයේ සාමාජිකයන්ගේ රුපියල් කෝටි හතරකට වැඩි තැන්පතු මුදල් ප්‍රමාණයක් සමඟ අතුරුදහන්ව සිටි එම බැංකු සංගමයේ සභාපතිවරයා පොලිසිය වෙත භාර විමෙන් පසු කටුගස්තොට පොලීසිය මගින් අද  අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

වසර 35 කට වැඩි පැරැණි බැංකු සංගමයක් වන මෙම සණස බැංකු සංගමයේ මුළු කාලය පුරාම තැන්පත් කර ඇති රුපියල් කෝටි ගණනක මුදලක් සමඟ එම සංගමයේ සභාපතිවරයා අතරුදහන්ව ඇති බවත් තමන්ගේ මුදල් ලබා දෙන ලෙසත් ඉල්ලා තැන්පතුකරුවන් විසින් පැමිණිලි පොලීසිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

තමන් ගඩොල් කපා කැලී වැඩ කර එකතු කර ගත් මුදල් මෙම බැංකු සංගමයේ තැන්පත් කළ බවත් ඔවුහූ කීහ.

කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී .රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම සැකකරු සොයා පරික්ෂණ කණ්ඩායම් කිහිපයක්ම යොදා සිටි අතරතුර ඔහු පොලිසිය වෙත භාර වී තිබේ.

ඒ අනුව අත් අඩංගුව‌ට ගත් සැකකරු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

 



අදහස් (1)

කෝටි හතරකට විද්ද සණස බැංකු සභාපති අල්ලයි

Lalla Friday, 20 January 2023 09:24 AM

ගම්පහ සණස කෑවා නීතිඥ සභාපති. මේකා දේශපාලන ගැත්තෙක්ද? වරද එක දිගටම තනතුර දැරීමට ඉඩ දීම.....

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site