IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘කොටි නඩු විභාගයට විශේෂ අධිකරණයක් ?‘

කොටි සැකකරුවනට එරෙහිව කඩිනමින් නඩු විභාග කර අවසන් කිරීම සඳහා විශේෂ අධිකරණයක් පත් කිරීමට ඉඩ ඇතැයිද විනිසුරු මණ්ඩලයකින් සමන්විත අධිකරණයකින් එවැනි නඩු විභාග කළ හැකිදැයි නීතිපති අගවිනිසුරු සමග සාකච්ඡා කරනු ඇතැයිද අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා යාපනයේ කළ සංචාරයකදී අධිකරණයට ගොස් මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් හා නීතිඥවරු පිරිසක් සමග කළ සාකච්ඡාවකදී පැවසීය.

රාජපක්ෂ මහතා එහිදී මෙසේ පැවසීය.

‘රඳවා සිටින අය කොටස් තුනකි. කොටසක් වරදකරුවෝ වී සිටිති. තව පිරිසකට නඩු පවරා ඇත. තවත් පිරිසකට එරෙහිව පරීක්ෂණ පැවැත්වේ. බරපතල චෝදනා නැති හා පිළිගත හැකි සාක්කි නැති පිරිස් මුදා හැරීම ගැන නීතිපතිගේ අවධානය යොමුවී තිබෙනවා.

‘එවැනි අය ඇප මත මුදාහැරීමේ ඉඩකඩ දැන් සොයා බලාගෙන යයි. නඩු පවරා ඇති අයට එරෙහිව කඩිනමින් විභාග පැවැත්වීමට රජය ක්‍රියා කරගෙන යනවා. අලුත් උසාවියකුත් ආරම්භ කරනවා. පමාවකින් තොරව එම නඩු විභාග කර අවසන් කිරීමයි රජයේ උත්සාහය.

මරණ දඬුවම ශ්‍රී ලංකාවේ දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2008 දී මරණ දඬුවම අත්හිටුවීමට ගත් තීරණය අනුව සාමාජික රටක් වන ශ්‍රී ලංකාවත් එය ක්‍රියාත්මක කරන්නේ නැහැ. වසර දෙකෙන් දෙකට එම දඬුවම සාමාජික රටවල් විසින් අත්හිටවෙනවා.

මරණ දඬුවම පනවන රටවල් අතරට ශ්‍රී ලංකාවත් ගැනෙනවා. ඒත් එක්සත් ජාතීන්ගේ තීරණය අනුව එය වසර දෙකෙන් දෙකට අත්හිටුවනවා. එක්සත් ජාතීන්ගේ එම යෝජනාවට ශ්‍රී ලංකාව වසර කිහිපයක් අත්සන් තබලත් මෙවර ඉදිරිපත්වන යෝජනාවට අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තවත් දෙවසරකට අත්හිටවෙනවා‘

wijedasa_201511401 wijedasa_201511401-2 wijedasa_201511401-3



අදහස් (0)

‘කොටි නඩු විභාගයට විශේෂ අධිකරණයක් ?‘

සේන Wednesday, 04 November 2015 08:09 AM

ප්‍රශ්නය තියෙන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක වීම හෝ නොවීම තුල නෙවෙයි අපේ පොලිසියේ සහ නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය තුළ පවත්නා දුර්වල කම් නිසා විදිතයාට යුක්තිය ඉෂ්ට නොවීමයි. (ම)

:       0       0

ප්‍රසන්න Wednesday, 04 November 2015 08:57 AM

අධීකරණය රට සහ මහජාතියේ තියෙන අයිතිවාසිකම් සේරම විනාශ කරන කෙනෙක්.(ම)

:       0       0

ලලනි Wednesday, 04 November 2015 04:44 PM

අපි බලමු ‍ඉදිරියට මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site