(ටී.කේ.ජී.කපිල)
ව්‍යාපාරිකයන් දෙදෙනකු රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .
මොවුන් නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් විදේශ රටවලින් භාණ්ඩ රැගෙන විත් අලෙවි කරන, කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයන් දෙදෙනෙකි .
මොවුන් දෙදෙනා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට , ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ මෙම කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 780 ක් බරැති ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි දෙකක රන් ගුවන්තොටෙන් අල්ලයි
ඉන්දික Tuesday, 11 July 2023 10:28 AM
ප්‍රශ්නයක් නැහැ මන්ත්‍රී වජිර අබේවර්දනට කියන්න අබියචනයක් දෙන්න කියලා. මොකද එයා ලගදි ගෑනු කෙනෙක්ගේ රත්තරන් නිදහස් කරන්න කියලා අබියචන දීලා ඒවා නිදහස් කලානේ. නීතිය හැමෝටම සමාන විය යුතුයි
senaTuesday, 11 July 2023 01:54 PM
හරියටම හරි. දැන් උසාවි ගානේ යන්න ඕන නැහැ. ඇමතියට කිවුවාම ඕන කේස් එකක් ගොඩ