IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෝටි තුනක බඩු ගුවන්තොටේ දමා ගිහින්

(ටී.කේ.ජී.කපිල)

ගමන් මලු දෙකක් තුළ අසුරා තිබූ රුපියල් කෝටි තුනක් වටිනා නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක 228 ක් කටුනායක ගුවන් තොටුපොළ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහැර දමා තිබියදී සොයාගත් බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති.

ඩුබායි සිට ඊයේ (25) අලුයම 05.30 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරන ගුවන් යානයෙන් පැමිණි කිසියම් ගුවන් මගියකු මෙම ජංගම දුරකථන තොගය රැගෙන විත් ඇති අතර , ඒවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට අපහසු බව වැටහීමත් සමග , මේවා ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහැර දමා ගොස් තිබුණි .

 



අදහස් (5)

කෝටි තුනක බඩු ගුවන්තොටේ දමා ගිහින්

de silva Friday, 25 April 2025 04:37 PM

කැන්ටක් කරගත් රේගු නිලධාරියාට එදා ඩියුටි වෙන තැනක වැටිලා තිබෙන්න ඇති. එහෙම නැතිනම් ටිප් එක ලැබිලා කියලා දෙන්න පුළුවන්..., ගුවන් තොටුපල ඇතුලේ කැමරා තිබෙනවා. පැමිණෙන මගීන්ගේ නම ඇතුළු සියලු දත්ත තිබෙනවා.. ගෙනාවේ කවුද කියන එක විනාඩි කිහිපයක් තුළ සොයාගන්න පුළුවන්... අවශ්‍ය නම්..!

:       0       6

dds Friday, 25 April 2025 04:53 PM

බද්ද, දඩයකුත් එක්ක ගහල ඒ අයටම ලබාගන්න අවස්ථාව දෙන්න. නැත්තම් ඕවා විනාශ නොකර සාධාරණ මිලකට සාමාන්‍ය මිනිස්සුන්ට ලබා දෙන්න. ජංගම දුරකථන කියන්නේ තව දුරටත් සුඛෝපභෝගී භාණ්ඩ නොවේ. අත්‍යාවශ්‍ය ඒවා. ඒවල මිල අධික වුණොත් අපි අමාරුවේ.

:       1       39

nihal Friday, 25 April 2025 06:36 PM

පිටිසර පාසල් වෙත ලබාදෙන්න. රජයේ දේපළ ලෙස අර විස්කි, තේ කහට වුණා වගේ කරන්නේ නැතිව.

:       0       4

Nandana Friday, 25 April 2025 07:05 PM

රේගුවේ අයගේ පත්වීමට පෙර සහ දැන් වත්කම් සොයාබලන්න. බඩුම තමයි.

:       0       6

Lalla Saturday, 26 April 2025 07:54 AM

ඔය භාණ්ඩ නඩු ඉවරවෙනතුරු ගබඩාවල විනාශ නොකර වහාම වෙන්දේසි කරන්න. දැනටම රටේ විදේශ විනිමය වියදම් කර ගෙනැල්ලා තියෙන බව පේනවා නේද? නියාමනය කොමිසම හරහා ලියාපදිංචියට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කරන්නම ඕනෑ.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site