IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කොටි තිදෙනාට නඩු

කොළඹ කොල්ලූපිටියේදී 2006 වසරේදී පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඝාතනය කිරීමට තැත් කිරීම හා හමුදා භටයන් හත් දෙනකු මරා දැමීයැයි සැකපිට ත‍්‍රස්තවාදීන් තිදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී නඩු පැවැරිණි. යෝගරාජා නිරෝධන් හෙවත් ස්ටාර් සුබ‍්‍රමනියම් සුබේන්ද්‍රරාජා හෙවත් කරන් හා කනකරත්නම් අදීෂියන් හෙවත් ගිරි හෙවත් රන්ජන් එම තිදෙනා ඇන්ටන් නම් වූ මරාගෙන මැරෙන බෝම්බකරු සමග මහකොමසාරිස් ඝාතනය කිරීමට තැත් කළැයිද සෙසු අය ඝාතනය කළැයිද චෝදනා ලබා සිටිති. විභාගය නොවැම්බර් 28 වැනිදාට කල්තැබිණි.



අදහස් (0)

කොටි තිදෙනාට නඩු

ඇටිකිච්චා Saturday, 16 June 2012 05:06 PM

"සුජිත් නිශාන්ත හේවගේ 2012-06-14 19:13:19 මට හැඟෙන විදිහට නම් නූතන සමාජයේ මානව ආකල්පවල විශාල සංශෝධනයන් සිදුවිය යුතුව ඇත.එය සමාජයේ පහළ ස්ථරයේ සිට ඉහළට සිදුවන වෙනසක් නොව ඉහළ ස්ථරයේ සිට පහළ ස්ථරය දක්වා අනුක්‍රමිකව සිදුවිය යුතු සමාජමය වෙනසක් ලෙසට දකිනු කැමැත්තෙමි." මිස්ටර් හේවගේ, ඔයාගේ ඒ කමෙන්ට් එක මේකට අදාල වෙන්නේ කොහොමද?

:       0       0

ඇටිකිච්චා Friday, 15 June 2012 10:19 AM

රංගා ශානි 2012-06-14 20:05:38 "තමන්ව කිසිදු ආකාරයේ සාධාරණ හේතුවක් නැතිව ඝාතනය කිරීමට පැමිණි ත්‍රස්තවාදීන්ට..." සාධාරණ හේතු ඇතුව ඝාතනය කරන්න එන ත්‍රස්තවාදීනුත් ඉන්නවද ආචාර්යතුමෝ?

:       0       0

ඇටිකිච්චා Friday, 15 June 2012 10:21 AM

සුජිත් නිශාන්ත හේවගේ 2012-06-14 19:13:19 "වර්තමාන සමාජ ක්‍රමයේ වරදක්ද,නැතහොත් මිනිසුන්ගේ වරදක්ද,නැතහොත් ජානවල වරදක්දැයි නිවැරදිව පැවසීමට මම අපොහොසත්මි." ඔයා ගොඩක් දේවලට අපොහොසත් බව අපි දන්නවා

:       0       0

අමිල Thursday, 14 June 2012 07:47 PM

තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න තිබුණෙ..

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Thursday, 14 June 2012 07:13 PM

තමන්ගේ ජීවිතයට තමන් ආදරය කරන්නේ සේ අනුන්ද ඔවුන්ගේ ජීවිත වලට ආදරය කරන බවත් එය තමා උපමාවට ගෙන තේරුම්ගෙන ඒ අනුව අවබෝධයෙන් කටයුතු කරන ලෙසත් බුදුන්වහන්සේ විසින් පෙන්වාදී ඇත. බොහෝවිට ආගමක් මතුපිටින් ඇදහුවද එහි ප්‍රතිපත්තිගරුක බව පිළිබඳව තවමත් මේ සමාජයේ වැඩි පිරිසකට කිසිදු අවබෝධයක් නැත. හුදෙක් තමා ඉස්මතු කරමින් අනුන්ව පාගා දමමින්(අත්තුංකසනය හා පරම්භවනය)කටයුතු කිරීමට වෙහෙසවීම හැර තමාගේ දියුණුවට හෝ අනුන්ගේ දියුණුවට හේතුවන යමක් කරන්නෙකු වර්තමාන සමාජයේ දැකීම ඉතා උගහටය.එය වර්තමාන සමාජ ක්‍රමයේ වරදක්ද,නැතහොත් මිනිසුන්ගේ වරදක්ද,නැතහොත් ජානවල වරදක්දැයි නිවැරදිව පැවසීමට මම අපොහොසත්මි.නමුත් මට හැඟෙන විදිහට නම් නූතන සමාජයේ මානව ආකල්පවල විශාල සංශෝධනයන් සිදුවිය යුතුව ඇත.එය සමාජයේ පහළ ස්ථරයේ සිට ඉහළට සිදුවන වෙනසක් නොව ඉහළ ස්ථරයේ සිට පහළ ස්ථරය දක්වා අනුක්‍රමිකව සිදුවිය යුතු සමාජමය වෙනසක් ලෙසට දකිනු කැමැත්තෙමි.

:       0       0

අයෝමි ශානිකා Thursday, 14 June 2012 07:22 PM

ත්‍රස්තවාදී උවදුර පිටුදැකීම වෙනුවෙන් සිදු කෙරෙන ඕනෑම කාර්යකදී ශ්‍රී ලාංකික බෞද්ධයින් වශයෙන් අප අතින් සිදුවිය යුතු ඕනෑම යුතුකමක් හෝ වගකීමක් ඉටු කිරීමට අපි කැමැත්තෙන් සිටිමු

:       0       0

රංගා ශානි Thursday, 14 June 2012 08:05 PM

තමන්ව කිසිදු ආකාරයේ සාධාරණ හේතුවක් නැතිව ඝාතනය කිරීමට පැමිණි ත්‍රස්තවාදීන්ට පවා නීත්‍යානූකූලව සාධාරණව කටයුතු කිරීමට තරම් අපක්ෂපාතී හා මානුෂික වූ සිංහල බෞද්ධ ජනතාව අතින් යුද අපරාධ සිදුවී යැයි ගෙන යන ජාත්‍යන්තර මතයේ නිරුවත මෙවැනි සාධක මඟින්වත් බොරුවක් බව ජාත්‍යන්තරයට පැහැදිලි නොවන්නේ මන්ද?

:       0       0

ඉන්දු Thursday, 14 June 2012 07:27 PM

අනේ අපේ අතිගරු ජනාධිපතිතුමාට පින් සිදු වෙන්න දැන බයක් හැකක් නැතිව දෙයියනේ කියලා වැටිලා ඉන්න රටක් තියෙනවා මේ අහිංසක අසරණ සිංහල බෞද්ධ අපිට

:       0       0

අයෝමි ශානිකා Thursday, 14 June 2012 10:22 PM

අනුන්ගේ ජීවිත්වීමේ අයිතියට ගරුකරන්න නම් තමන්ගේ ජීවත්වීමේ අයිතියට ගරු කරන්න කෙනෙක් දැන ගන්න ඕනේ.අද ඉන්නේ අනුන්ගේ ජීවත්වීමේ අයිතියට පමණක් නොවේ තමන්ගේ ජීවත්වීමේ අයිතියට වත් ගරු කරන්න දන්නේ නැති පිරිසක්වීමේ විපාක මෙවැනි සිදුවීම් හරහා මැනවින් පැහැදිලි වේ.

:       0       0

නතාෂා සෙව්වන්දි Thursday, 14 June 2012 10:26 PM

සිංහල භාෂාවේ කියමනක් තියෙනවා “කන්න දුන්නු අත හපාකන ජාතියේ අය“කියලා.ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන්ද කියන්න තියෙන්නේ ඒ හා සමාන කතාවක්.මොකද සිංහල බෞද්ධ අපි අපේ සාධාරණත්වය,හැදියාව ශීලාචාර බව,අපක්ෂපාතී බව වැනි උතුම් ගුණාංග කොපමණ ප්‍රදර්ශනය කළත්,ත්‍රස්තවාදීන් එය සලකන්නේ දුර්වලකමක් විදිහට බව ඒ උදවියගේ ක්‍රියාකාරකම් ඉතිහාසයට අනුව හොඳාකාරවම පැහැදිලියි.නමුත් නීත්‍යානූකූල රජයක් හැටියට අපේ වගකීම අපිට මොන තරම් සතුරුකම් කරපු කෙනෙකුට වුවත් එළව එළවා පහර නොදීම.එහෙම අපිට තමයි තව යුද අපරාධ චෝදනාත් නඟන්නේ මේ බටහිර විජාතික කුමන්ත්‍රණකරුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුරුටු බලි ඡන්ද පත්‍රිකා කුණු කූඩෙට
2025 මැයි මස 06 0 0

ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.


ගොවි ණය නොගෙවූ අපේක්ෂකයා අත්අඩංගුවට
2025 මැයි මස 06 75 0

ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත


කතුන් හොරට රට යැවූ කාර්යංශයේ හයක් ගෙදර
2025 මැයි මස 06 236 0

ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්


පොලිස් සැරයන් වෙඩි වැදී මරුට
2025 මැයි මස 06 1024 0

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.


සරසවි සිසුවාට පහරදුන්නැයි තවත් සරසවි සිසුවෙක් අත්අඩංගුවට
2025 මැයි මස 06 458 1

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක


ඡන්දයට අවසර ලැබෙන හැඳුනුම්පත් දහය මෙන්න
2025 මැයි මස 06 354 0

පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 745 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 190 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1232 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site