IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කටේ කිරි සුවඳ යන්නට පෙර දැරිය පෝරුවේ මනාලයා පොලිසියේ

දෙපාර්ශවයේ ආශිර්වාදය මත දහහතර හැවිරිදි දැරියක මනාලියක ලෙස කැන්දාගෙන විත් මංගල සාදයක් පවත්වමින් සිටි තංගල්ල කුඩාවැල්ලේ 18 හැවිරිදි ධීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. දැරිය වෛද්‍ය පරීක්‍ෂණයකට මාතර රෝහලට ඇතුළු කර ඇත. පොලීසිය එහි යනවිට දැරිය රතු සාරියකින් සැරසී සිටි බවත් මංගල  සාදයට 300කට අධික පිරිසක් සහභාගි වී සිටි බවත් පොලීසිය කියයි.



අදහස් (0)

කටේ කිරි සුවඳ යන්නට පෙර දැරිය පෝරුවේ මනාලයා පොලිසියේ

මනමාලි Saturday, 23 June 2012 09:38 AM

අපේ ගමේ පොලිසිය අමරෙ මාමාව අල්ලන්න බය නිසා අ‍පේ විවාහය කඩාකප්පල් කරන්න ආවා.. අපිව අත්අඩංගුවට ගත්තම ඒකෙන් බේරෙන්න පුළුවන් වෙන දෙයකට ගිය නිසා අමරේ මාමගෙ වැඩේ පස්සට දැම්ම කියලා..

:       0       0

අමිල කටුනායක Thursday, 21 June 2012 05:22 PM

පැන ගන්න තිබුණනේ

:       0       0

තිලක් Friday, 22 June 2012 10:33 AM

අඩු වයසින් කසාද බදින එක හින්දු චාරිත්‍රයක්

:       0       0

සාධාරණ මාටින් Friday, 22 June 2012 09:54 AM

රතු සාරිය ඇදලානේ හිටියේ.එහෙනම් මේක "වෙරළු මල් සුවද " වෙන්න එපායැ

:       0       0

අනුරංග Friday, 22 June 2012 10:00 AM

පොලීසියට අල්ලන් ගිහාම ඔක්කොම හරිද?,දෑන් මේ ළමයගෙ අනාගතෙට මොකද වෙන්නෙ. මේව කරන හොර රෙජිස්ටාර්ල අල්ලන්න ඕන . … …

:       0       0

පාලි ඩුබයි Thursday, 21 June 2012 04:56 PM

දෙපාර්ශවයේ කැමැත්තිනම් ඒ දෙන්නත් කැමති නම්.. ‍පොඩි ප්‍රශ්ණයකට තියෙන්නෙ වයස..අද කාලෙ වෙන දේවල් වල හැටියට මේ මොන කතාද ..

:       0       0

සියදෝරිස් Friday, 22 June 2012 10:51 AM

දෙන්නට හොදනම් කාටත් මොකද?

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ සිට .... Thursday, 21 June 2012 05:40 PM

...සංජිවට පිළිතුරක්... මතක තබා ගන්න සිදුහත් කුමාරයා විවාහ අභිෂේක ලබන විට යසෝදරාවට අවුරුදු 16 යි.සිදුහත් කුමරු උපදින විට ඉපදුනු තවත් කෙනෙකි යසෝදරා කුමරිය.පුවත් විහිළුවක් කර නොගෙන අවබෝදයෙන් ලියන්න.ස්තුතියි

:       0       0

කිරිමාටින් Friday, 22 June 2012 10:25 AM

රාවණාට ස්තූතියි.වටිනා ලිපියක් මේක

:       0       0

සඳුන් Friday, 22 June 2012 10:29 AM

පොලිසි වල අය මේ වගේ අහිංසකයෝ නම් කිසිම පැකිලීමකින් තොරව අත්අඩංගුවට ගන්නවා. එත් අර සමහර අයයලාව අල්ලන්න නම් වරෙන්තුම කීයක් ඕනද

:       0       0

රජිත් Thursday, 21 June 2012 05:45 PM

ගල හොදනම් අබරන කහ මක්වේද

:       0       0

ජූලන්පිටියෙ අමරෙ Thursday, 21 June 2012 05:19 PM

අපට නම් ඔය ප්‍රශ්න මුකුත් නෑ......

:       0       0

නිදහස් සිතුවිලි Wednesday, 27 June 2012 04:34 PM

කැමැත්තෙන් බැන්ඳත් අවුරුදු දා හතරක් කියන්නේ ස්ව කැමැත්ත දිය හැකි වයසක් නෙමෙයි, ඒක නිසා මෙතැනදී නෛතිකව ඒ ළමයාගේ කැමැත්ත තිබුනා කියල කොහෙත්ම පිලිගන්න බෑ. අවුරුදු දාසයක් තමයි විවාහ වීමට නෛතික අවම වයස. මට හිතෙන්නේ මෙතැන සිද්ධ වෙලා තියෙන්නේ දෙන්නා ලිංගිකව එකතු වෙලා ළමයෙක් ලැබෙන්න ගිය නිසා විවාහයක් ඉක්මන් කලා කියල. ඇත්තටම එහෙම වුනානම් මේ අය කරලා තියෙන්නේ ලංකාවේ තත්වය අනුව වඩා ප්‍රායෝගිකම දේ. කොසොල් රජ තුමා දැකපු හීනය මේකට අදාල වෙන්නේ නැ බුදු දහම පැත්තෙන් බැලුවත්, මොකද සිදුහත් කුමාරයත් අවුරුදු දාසයකින් නෙ කසාද බැන්දේ. කොසොල් රජ තුමාගේ හීනයේ තියෙන්නේ අවුරුදු පහේ, හයේ වගෙ ළමයි කසාද බඳින කතාවක් ගැන මිසක් අවුරුදු දාහතරක ළමයෙක් ගැන නෙමෙයි නේ. අවුරුදු දා හතරක් කියන්නේ නීතියට අනුව දරුවෙක් මිසක් වැඩිහිටියෙක් නෙමෙයි, ඒත් කටේ කිරි සුවඳ තියෙන ළමයෙක් කියන්නත් බෑ. කෙසේ වෙතත් 16ට අවුරුදු දෙකකින් බාල වීම ගොඩක් ලොකු ප්‍රශ්ණයක් විදියට නොසලකා පොලිසියට තිබුනා ටිකක් හිතන්න. මේ ප්‍රශ්ණය ඉක්මනින් නඩුවකින් විසඳේවා කියල මම පතනවා, මොකද බුද්ධිමත් විනිසුරුවරයෙක් හිටියොත් මේ ගැහැනු ළමයා මානසිකව සහ ශාරීරිකව වැඩිහිටියෙක් ලෙස වර්ධනය වී ඇත්දැයි සලකා බලා සමාවක් දී නිදහස් කිරීමට ලොකු ඉඩකඩක් තියෙනවා.

:       0       0

ප්‍රසා Thursday, 21 June 2012 06:23 PM

හරි දැන් ඕක නීතියට අනුව වැරදියි කියමුකෝ, ඒත් දැන් ඒ දෙන්නා බැන්දේ කැමැත්තෙන් නම්, නීතියට අනුව කොල්ලව හිරෙ දැම්මොත් කෙල්ලට මොකද වෙන්නෙ, ඒ කසාදෙත් ඉවරද? නීති තියෙන්න ඕනෙ මිනිස්සුන්ව පාලනය කරන්න, ඒත් මේවගෙ සිදුවීම් මීට වඩා මානුශිකව හිතන්න වෙයි. කොල්ල හිරේ ගිහින් කෙල්ල නන්නත්තාර උනොත්, පෝලීසිය හරි නීතිය හරි බලාගන්නවද? අනික 300 විතර කියල මගුලක් කෑව කියන්නෙ ඉතින් හොරෙන්/බලෙන් කරපු එකක් වෙන්න බෑනෙ. පොඩ්ඩක් මේව හිතන්න ඕනේ. කොහොමත් ඉතින් රටෙ නීතිය තියෙන්නෙ පොඩි දෙකයි පනහෙ අපි වගෙ උන් මට්ටු කරන්න මිසක් තෝරු මෝරු කරන ටොන් ගනන් වැරදි අල්ලන්න නෙවේනෙ.

:       0       0

නිලංග Sunday, 24 June 2012 07:33 PM

කිරිමාටියටත් දූල හිටියනමි ඔහොම කියන්නෙ නැහැ

:       0       0

සාධාරණ කොටා Friday, 22 June 2012 06:09 PM

එම්"2012-06-22 14:08:05" මේක යකාගෙ කතාවක්නෙ,මේකේ කමෙන්ට්ස් දාන එකට එයාට මොකද්ද තියෙන අමාරුව?

:       0       0

ගාල්ලේ සමරපාල Thursday, 21 June 2012 07:12 PM

යකෝ අද කරන තරමක් නරක වැඩ ආරංචි වෙන්නේ වැඩිපුරම මේ පැත්තෙන්නේ

:       0       0

තිලක් Thursday, 21 June 2012 06:34 PM

පව්‍ අනේ කිරිසප්පය

:       0       0

ලංකාසිරි Thursday, 21 June 2012 07:29 PM

කාගෙ කැමැත්ත තිබුණත් නිසි දේ නිසි කලට මිස අකලට සිදු නොවිය යුතුයි.. වැඩිහිටියන් බාලවයස්කරැවන් යනුවෙන් සමාජය වෙන් කර ඇත්තේ ඒ නිසයි.. බාල වයසෙදි නොදන්න කමින් ප්‍රශ්නවල පැටලෙනවා.. මෙහි ප්‍රතිඵල භයානකයි..

:       0       0

කිටි Friday, 22 June 2012 06:41 PM

එක පාර හත් අට දෙනා මරණ මිනී මරුවෝ අල්ලන්නේ නෑ . හැමෝගෙම කැමැත්තෙන් කසාද බදින අය අල්ලනවා

:       0       0

ලලිත් සමරකෝන් Saturday, 23 June 2012 01:07 PM

මේ ගැහැ‍ණු ළමයා පියෙකු නොමැතිව දරැවකු බිහිකළානම් කවුද බලාගන්නෙ..?? මේ මනුස්සයා ගොඩක් ලොකු දෙයක් කරල තියෙන්නේ ඒ ගැහැණු ළමයව කසාද බැදීමෙන්..ඔහුව නිදහස් කර ජීවිතය නිදහසේ ගොඩනගා ගැනීමට ඉඩ දෙන්න.. කීදෙනෙක් පාසල් සිසුන් ගැහැණු ළමුන් අපයෝජනයට ලක් කරනවාද? සමහර පිරිස් (මෑතකදී විදුහල්පතිවරයෙක්, දේශපාලනඥයන්, පාතාල කල්ලි ආදී පිරිස් විසින්) පිටරට නිවාසවලට කී දෙනෙක් ළමුන් විකුණනවාද? මොකද වෙන්නෙ ඊට පස්සෙ..?? මේවගේ දේවල් ගැනත් හිතල තීරණය කරන්න..

:       0       0

ලක්මාල් Saturday, 23 June 2012 12:30 PM

දෙන්න කැමතිනමි වෙන අවිලක් නෑනේ.ලංකාවෙ ඔහොමමයි. තමන්ට අදාල නැති වැඩක්මයි කරන්න හදන්නෙ...

:       0       0

ඉන්දු Thursday, 21 June 2012 07:56 PM

මේ අදහස් දක්වනකොට ටිකක් බුද්දිමත්ව හිතන්න .මේ විදිහට බාලවයස් ළමයි විවාහ වෙනඑක අනුමත කලොත් ඉදිරි අනාගතේ නුගත් රටක් තමයි අපට දකින්න වෙන්නේ ඉගන ගන්න කලේ කසාද බැන්දහම අපේ රටට මොනවද වෙන්නේ ඒවයසේ ළමයි දෙමාපියන්ගේ යටතේ හැදෙන්න ඕන මිසක් එයාල ළමයි බලාගන්න වයසක් නෙවි අතීතේ එහෙම උන කියලා දැනුත් එහෙම ඔන්න ඕනෙද එදයි අදයි ලෝකේ කොතරම් වෙනස් වෙලාද අපේ ඉදිරි පරපුරවල් බුද්දිමත් උගත් ඕනේ අපේ රටට නුගත් මෝඩ පරම්පරාවක් නෙවි මේ වගේ වැඩවලට අනුබල දෙන වැඩිහිටියන්ට තමයි දඩුවම් කරන්න ඕනේ

:       0       0

චතු Saturday, 23 June 2012 01:34 PM

බැදගත්තානම් බෙරය ගහපං මල්ලියෝ...

:       0       0

රංග Thursday, 21 June 2012 07:48 PM

කොසොල් රජතුමා.. "ස්වාමීනි රජමාලිගාවෙ මිදුලේ වියතක් දෙකක් පමන උස පුන්චි ගස්වල මල් පීදිලා.ලොකු ලොකු ගෙඩිත් හටගෙන.මට හිතාගන්න බැරිවුනා මේ සිහිනය" බුදුන්වහන්සේ.. "රජතුමනි අනාගතයේදී මිනිසුන්ගේ කාමාශාව වැඩිවෙනවා.ඔවුන් කුඩා කාලයේදීම පෙම් බැඳ විවාහ වෙනවා.ඔවුන්ගේ ආයුශත් අඩුවෙන වා.ළදරු වියේදීම ගැබ්ගෙන දරුවන් බිහි කරනවා.මෙයයි මේ සිහිනයේ ප්‍රතිඵල.මෙය අනාගතයේදී සිදුවන දෙයක්."

:       0       0

රංග Thursday, 21 June 2012 08:27 PM

කොසොල් රජතුමා.. "ස්වාමීනි රජමාලිගාවෙ මිදුලේ වියතක් දෙකක් පමන උස පුංචි ගස්වල මල් පීදිලා.ලොකු ලොකු ගෙඩිත් හටගෙන.මට හිතාගන්න බැරිවුනා මේ සිහිනය" බුදුන්වහන්සේ.. "රජතුමනි අනාගතයේදී මිනිසුන්ගේ කාමාශාව වැඩිවෙනවා.ඔවුන් කුඩා කාලයේදීම පෙම් බැඳ විවාහ වෙනවා.ඔවුන්ගේ ආයුශත් අඩුවෙන වා. ළදරු වියේදීම ගැබ් ගෙන දරුවන් බිහි කරනවා.මෙයයි මේ සිහිනයේ ප්‍රතිඵල.මෙය අනාගතයේදී සිදුවන දෙයක්."

:       0       0

‍පොතේ ගුරා Thursday, 21 June 2012 08:14 PM

කසාද බදිනකොට උප්පැන්න සහතිකේ බලන්නෙ නැද්ද?

:       0       0

රංග Thursday, 21 June 2012 09:09 PM

පොලීසිය ලොකු වීරකමක් කරලා තියෙන්නේ. දෙපැත්තම කැමති නම් උන් දෙන්නා කැමති නම් මොකද? රටේ හොරැ පාතාලේ නිදැල්ලේ ඉන්නවා.පොලීසියට මේක තමයි අල්ලන්න පුලුවන්.

:       0       0

ගාල්ල Thursday, 21 June 2012 09:14 PM

ළමයෙක් වගේ බලාගනී‍‍‍‍......

:       0       0

බැරක් ඔබාමා Sunday, 24 June 2012 08:47 AM

අපි නම් දන්නවා ලංකාවේ අයට පිස්සු කියලා.... හා හා හා හා .. එන්නකෝ අපේ රටට කැමතිනම් අවුරුදු 10 න් හරි බැඳ ගන්න්න no Problem .

:       0       0

සමීර Thursday, 21 June 2012 08:41 PM

එයාලගෙ කැමැත්ත නම් අපි මොකද ඉතිං කරන්නෙ.. වයස තමයි අවුල නේද?

:       0       0

සම්පත් Thursday, 21 June 2012 08:45 PM

හොද වැඩේ..

:       0       0

ගාල්ලේ ‍‍ලොකු ළමයා Thursday, 28 June 2012 09:05 AM

බඩුත් ඵක්ක භොරු අහුවෙන කොට ඇස් කන් පියාගෙන ඉන්නකාලේ ඔය ඔත්තුව දිපු ඵක්කෙනා හරියටම ‍වයස බලලා ගෙනාවද කියලා බලන්න

:       0       0

ගාල්ලේ ‍‍ලොකු ළමයා Thursday, 28 June 2012 09:07 AM

බඩුත් ඵක්ක භොරැ අහුවෙන කොට ඇස් කන් පියාගෙන ඉන්නකාලේ ඔය ඔත්තුව දිපු ඵකානන් හරියටම ‍වයස බලලා ගෙනාවද කියලා බලාපල්ලා

:       0       0

K.p Friday, 22 June 2012 01:08 PM

අනේ ඔය රජ කාලෙත් ඔය වයසෙදි බැන්දේ

:       0       0

නෙක්ටෝ Thursday, 28 June 2012 09:20 AM

අවුරුදු 14ක් කියන්නේ බබෙක්ගේ වයසක් නෙවෙයිනේ.හැමෝම කැමති නම් කාටවත් තියෙන අමාරුව මොකක්ද?

:       0       0

චන්දු Sunday, 24 June 2012 01:23 PM

කමක් නෑ.දෙන්නගෙම කැමැත්තනේ

:       0       0

චන්දු Sunday, 24 June 2012 12:49 PM

ඕවා ඔහොම තමයි

:       0       0

රවණ Wednesday, 27 June 2012 06:29 PM

මේවගේ නීති ගෙනල්ල තියෙන්නේ රට හදන්නවත් සමාජය ආරක්ශා කරන්නවත් නෙවෙයි. හුදෙක් බාටහිර කාන්තාවාදය අනුව යන කාන්තාවාදීන් සතුටු කරන්න. විවාහ වන වයස් සීමාව ගෑන ප්‍රශ්න තිබුනත් ඒ එකක්වත් මහාලොකු දේවල් නෙවෙයි. මේ වගේ නීති ක්‍රියාත්මක කරල මිනිහෙකුගෙ ජීවිතේ විනාශ කර සතුටක් ලබන්නේ කාන්තාවිමුක්තිකාමීන් කියල කියාගන්නා කුහකයින්මයි. මේ කුහකයන් ගෑනු පිරිමි දෙපාර්ශවයටම අයත් සමලිංගිකයන් විසින් කරන උග්‍ර ළමා අපචාර හමුවේ රඟපානේ අන්ද ගොලු බීරී චරිත.

:       0       0

රෝහිත Friday, 22 June 2012 12:05 AM

මනමාලය අත්අඩංගුවට ගන්න කලින් පොලිසියට රෙජිස්ටාර් අත්අඩංගුවට ගන්න අමතක වෙලාද

:       0       0

සහන් Wednesday, 27 June 2012 06:47 PM

ජෝඩුවට ප්‍රශ්නයක් නැත්නම්, දෙමවුපියන්ටත් ප්‍රශ්නයක් නැත්නම්, බලන් ඉන්න අයටත් ප්‍රශ්නයක් නැත්නම්, සමාජයේ පිළි ගන්න විදියට වැඩෙක් කළා නම් මෙතන වෙන ප්‍රශ්නයක් නැහැ

:       0       0

කිරිපණුවා Saturday, 23 June 2012 06:50 PM

‍අනේ චතු මොනවද මේ ලියන්නෙ. කිරි සප්පායෝ ඔය මොනවත් දන්නෙ නැ. දෙයියොත් සාක්කි කසාද බැන්දෙ බෙර කොටයක් නෙමෙයිනෙ නේද?

:       0       0

කිරිපනුව Saturday, 23 June 2012 07:30 PM

අනේ චතු ....මොනවද ඔය මේ ලියන්නේ ....කිරි සප්පයෝ ඔය මොනවද දන්නේ

:       0       0

දිමුතු Friday, 22 June 2012 12:04 AM

වයස ප්‍රශ්නයක් තමයි.ඒත් දෙමාපියන් කැමති නම් අනික් අයට මොකද?

:       0       0

mahasamayama Saturday, 23 June 2012 07:45 PM

දැනෙනවා.. දැනෙනවා පිටි කිරි සුවද තමා දැනෙනවා...

:       0       0

මහසමයම Saturday, 23 June 2012 07:06 PM

දැනෙනවා …දැනෙනවා Anchor කිරි පිටි සුවඳ තාම දැනෙනවා .

:       0       0

ඇටිකිච්චා Monday, 25 June 2012 01:54 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-24 20:41:48 "කල්ප විනාශය කිට්ටු වෙනකොට හැම දෙයින්ම මිනිසුන් පිරිහිලා යනවා. ඒ යුගයේදී නොදරුවන් අතර විවාහවීම් ලිංගික චර්යා සිදුවන බව බුදුදහමේ දක්වා තිබෙනවා.දැන් වර්තමාන සමාජයේ දකින්න තිබෙන එවැනි පිරිහීම් අනුව මෙවැනි දෑ සිදුවීමේ එතරම් ලොකු පුදුමයකුත් නැහැ. නිසි සුදුසුකම් සපුරා විශ්වවිද්‍යාල පශ්චාත් උපාධියක් ලබා ගත් සැබෑ උගතෙකු පරීක්ෂා කිරීමට ඉදිරිපත්වන පුද්ගලයින් එවැනි පාතාල මදාවි ආචාර්ය උපාධි දරන්නන් පරික්ෂා කිරීමට ඉදිරිපත් නොවෙන්නේ කණේ පහරක් කෑමට ඇති බිය නිසාය." කල්ප විනාශය කිට්ටු වෙනකොට නියම උගතුන් යටපත් වී මෝඩයින් ඉස්මතු වන කතාවක්ද අප අසා ඇත.

:       0       0

සිසිර Monday, 25 June 2012 01:56 PM

ගොඩක් හොඳයි....

:       0       0

රුවන් tz. Saturday, 23 June 2012 01:09 AM

පොලිසිය මංගල්‍යය කටුගායිද??

:       0       0

එම් Friday, 22 June 2012 02:08 PM

මනමාලයානේ බැන්දේ.මේකේ කමෙන්ට්ස් දාන උන්ටනේ අමාරුව

:       0       0

මහින්ද Saturday, 23 June 2012 08:44 PM

මේක වැරදියි බලහත්කාරයෙන් කරල තිබ්බනම්. මේ රටේ වෙන අපරාධවල හැටියට වරදක් නොවේ මේක..

:       0       0

සාන්ත Saturday, 23 June 2012 04:23 AM

ඒදෙන්නට දෙන්න කැමතිනම් බැන්දම මොකද වෙන්නෙ..

:       0       0

සනා ඉතාලි Saturday, 23 June 2012 03:43 AM

ආදරය නිසානෙ බාලවයසෙන් හරි බදින්නෙ ඒ දෙන්නා. හරි වයසෙන් බදින අයත් මාස හයෙන් දික් කසාද වෙන කාලෙ..

:       0       0

jd Friday, 22 June 2012 03:02 PM

හොද වෙලාවට අපේ ආච්චියි සීයයි නැත්තේ , එ දෙන්න බදිනකොට ආච්චිට 11 සීයට 19

:       0       0

විදුහල්පති Thursday, 21 June 2012 03:36 PM

මට නම් තේරෙන්නේ නැහැ. බලවයස්කරයන් .ඇල්ලුවත් පොලිසියේ ..බැන්දත් පොලිසියේ...

:       0       0

කෙවින් Thursday, 21 June 2012 04:15 PM

පණ්ඩිත, නීති රටේ කෙස් ගානට තියෙනවා.. නමුත් අපරාධකාර‍යෝ එළියෙ...

:       0       0

අන්කල් Thursday, 21 June 2012 04:21 PM

අපරාදේ මංගල සාදයට ගිය වියදම

:       0       0

රවණ Tuesday, 26 June 2012 11:37 AM

@ඇටිකිච්චා/ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-24 20:41:48 මේ ආචාර්යවරයා කියන්නේ බුදුදහමේ තියෙන දේයක් ගෑන නෙවෙයි. කල්ප විනාශයක් වෙනකොට මීට වඩා දේවල් වෙනවා. කවුරු මොකක් කිවුවත් 14ක ගෑනු ළමයෙක් කියන්නෙ නොදරුවෙක් නෙවෙයි. පිරිමි ළමයින්ට වඩා ඉක්මනින් ගෑනු ළමයින් ශාරීරික වශයෙන් මුහුකුරායෑම සිදුවනවා. අපේ ආච්චිලා අඩු වයසින් කසාද බන්දේ කල්ප විනාශෙ ලං වෙලාද? මේ ඔක්කොම බොරු සුචරිතවාදීන්ගෙ විකාර.

:       0       0

කිටී Thursday, 21 June 2012 04:28 PM

දෙපැත්තෙතෙම අය කැමතිනම් අන්ත අයට මොකද? ඔයිට වඩා ලොකු වැරදි කරන අය නිදැල්ලෙ ඉන්නවා...

:       0       0

ප්‍රගීත් Friday, 22 June 2012 07:25 AM

ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියටත් බැරුව ඇති අපේ පොලිසිය කරණ වීරකම් කරන්න.

:       0       0

කෝකිල Saturday, 23 June 2012 07:02 AM

අනේ මෙහෙමත් රටක්...

:       0       0

කෝ.. Saturday, 23 June 2012 07:41 AM

නියමයි...

:       0       0

වරුණ Thursday, 21 June 2012 04:30 PM

රටේ තරුණ පරපුරේ අසහනය ගැන බලලා අවුරුදු 14න් කසාද බදින්න පර්මිට් දුන්න නම් ඉවරනේ

:       0       0

රාවන Friday, 22 June 2012 07:54 AM

අඩු වයසින් විවාහ වී ළමයි හදන එකේ ජීව විද්යාත්මකව යම් අයහපත් කාරනා තිබුනත් මේ රටේ අතීත සමජයේ ගොඩ දෙනෙක් විවාහ වෙලා තියෙන්නෙ මේ වගේම ගොඩක් අඩු වයසින්. ඒ කාලෙ පරම්පරාව අදට වඩා ගොඩක් නිරෝගියි. ඒ නිසාම අඩු වයසින් උනත් විවාහ වෙලා ශක්තිමත් නිරෝගී පරපුරක් හදන්න ඒ අයට පුලුවන් උනා. මේවගේ දෙවල් ප්‍රශ්න නෙවෙයි. මේ බොරු ප්‍රශ්න හදන්නේ බටහිර කාන්තාවාදය අනුගමනය කරන සුලු පිරිසක් විතරයි. මේවෑනි සිද්ධි පසුපස ක්‍රියාත්මක වන මේ මතවාදය ගෑන ගොඩ දෙනෙකුට හරි අවභොදයක් නෑ. http://sinhalabuddhist.com/2012/06/feminism/

:       0       0

හූනා Monday, 25 June 2012 02:58 PM

ඇයි එතකොට පොලිසිය අර අනික් 300 අත්අඩංගුවට නොගත්තේ වැරැද්දට අනුබල දීමේ චෝදනාව යටතේ

:       0       0

අවිනාශ් Friday, 22 June 2012 08:45 AM

අපරාධයක් නම් මොකක් හරි කරන්න තිබුණා.ඒත් මේක වෙලා තියෙන්නේ කැමැත්තෙන්නේ

:       0       0

නුවන් Thursday, 14 August 2014 04:19 PM

කවුරු කැමැත්තෙන් වැඩේ කළත් මේක ගොඩක් වැරදියි. නැත්තම් බාලවයස්කාර කියලා වෙන්කරන්නෙ නැහැනෙ (නි)

:       0       0

කිරිමාටින් Thursday, 21 June 2012 04:01 PM

පොලීසියට වෙන අල්ලන්න අපරාධ නැතුවද ??

:       0       0

කිරිමාටින් Thursday, 21 June 2012 04:44 PM

කිරි සුවඳ කොයින්ද අවූ.14 ළමයෙක් ලඟ

:       0       0

තුන්වෙනි විනිසුරු Friday, 22 June 2012 04:23 PM

රාවනාගෙ පිලිතුරනම් නියමයි, තිතට හරි. ප්‍රසාගෙ උත්තරෙත් ඉතාම නිවෑරදියි. මේවගේ බාල වෑඩ වලින් සමාජය රෑකෙනවට වඩා නෑති ප්‍රශ්න ඈතිවෙන එකයි වෙන්නේ.

:       0       0

දිනේෂ්-saudi Thursday, 21 June 2012 04:09 PM

සමහරවිට දෙමාපිය බලපෑම මත මේ ළමයා මේකට කැමතිවුණාද දන්නේ නැනේ

:       0       0

කිරිසප්පයා Thursday, 21 June 2012 04:17 PM

අපේ ආච්චි බැඳලා තියෙන්නේ අවරුදු 13න්.. සීයට වයස 17යි එයාවත් පොලිසියෙන් අරන් යයිද මාමේ?

:       0       0

කොලුගැටයා Friday, 22 June 2012 04:34 PM

14 හා 18 ක්

:       0       0

නිශාඩ් පෙරේරා Thursday, 21 June 2012 04:23 PM

මේකෙන් පේන්නේ විවාහ කටයුතු ගැන මේ අය දැනුවත් නෑ කියලයි...

:       0       0

ඔසාමා Friday, 22 June 2012 04:42 PM

අනාගතයේ ලක්ෂණ දැනටමත් පහල වෙලා!

:       0       0

පුෂ්පේ Friday, 22 June 2012 04:09 PM

මෙකේ කිසි වැ‍රැද්දක් නැනේ?

:       0       0

ෂැගී Friday, 22 June 2012 04:09 PM

බාල අපරාද!

:       0       0

රජිත් මංජුල, Thursday, 21 June 2012 05:13 PM

තාත්තල දුවල දීග කන රටේ ඕව මොනවද

:       0       0

kkksssss Friday, 22 June 2012 09:59 AM

සමහරුන්ව අල්ලන්න බැරිඋනාට කොහොමද අපේ නීතිය. බොරුවට කෑ නොගහ හිටහල්ලා.

:       0       0

කඩවසම් කොල්ල Thursday, 21 June 2012 04:34 PM

හා ! හා ! හා ! රතු සාරියෙන්ද හිටියේ? පරක්කු වැඩියි.

:       0       0

රවණ Monday, 25 June 2012 03:36 PM

නිලංග කිරිමාටින්ලට දුවලා හිටියානම් කරන්න තියෙන්නේ ඒ අයව එයාලගෙ අම්මලාට බාරදීලා පිලිවෙලකට හදල නිසි කලට විවාහ කර දෙන එකයි. එහෙම නෑතුව බටහිර කාන්තාවාදයට අනුව යමින් තමන්ට පිරිමි අවයවයක් තියෙනවයි කියල හිතාගෙන පිරිමින් කරන කරන් දේ කරමින් රටට හිසරදයක් වෙන අතරෙම පිරිමින් සේරම තමන්ට කරදරයක් කියල හිතන්න පුරුදු කරන එක නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආදිවාසීන්ට පොරව ගේන්න අවසර
2025 මැයි මස 06 73 0

ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.


හොර ඡන්ද දාන්න ගිය අයෙක් මාට්ටු
2025 මැයි මස 06 167 0

ව්‍යාජ ලෙස සැකසූ ඡන්ද පත්‍රිකා අටක් අතැතිව, මැතිවරණ නීතී උල්ලංඝණයේ යෙදී සිටි පුද්ගලයෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ රත්මල් යාය, අල් කාසීම් සිටි ඡන්ද මධ්‍


කැනඩා මහකොමසාරිස් - කතානායක අතර හමුවක්
2025 මැයි මස 06 104 0

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.


ජනපති දිවයිනට
2025 මැයි මස 06 570 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර මෙරටට අද (06) පස්වරුවේ පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප


වියදම් පෙන්නන්න අපේක්ෂකයන්ට දින දෙයි
2025 මැයි මස 06 92 0

පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන


පුතාගේ ආයුධ පහරින් පියා මරුට
2025 මැයි මස 06 748 0

ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 767 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 196 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1239 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site