IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොටි ඉන්ධන ටැංකියක් පුදුකුඩිරිප්පුවෙන් මතු වෙයි

(සිතුම් චතුරංග)

යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය  භාවිතා කොට මුලතිව් පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක වළදමා තිබූ ඉන්ධන ටැංකියක් මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සරවනරාජා මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය.

මුලතිව් යුද හමුදාව වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත පුදුකුඩිරිප්පු පොලිසිය හා එක්ව අධිකරණ නියෝග මත සිදුකළ කැණීම් වලදී මෙම ඉන්ධන ටැංකිය සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පැවසීය.

දිගින් අඩි 16.7 සහ අඩි අටක විශ්කම්භයෙන් යුත් මෙම ඉන්ධන ටැංකිය පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානයට අවශ්‍ය ඉන්ධන රැස්කිරීම සඳහා යොදාගත් ඉන්ධන ටැංකියක් බවට අනාවරණයවී තිබේ.

වසර 15කට අධික කාලයක් පොළව අභ්‍යන්තරයේ තිබීම හේතුවෙන් හා ඇතැම් ස්ථාන දිරාපත්ව තිබීම ඉන්ධන ටැංකියට හානි සිදුව තිබූ බවද පොලිසිය සඳහන් කළේය.

පුදුකුඩිරිප්පු පොලිසිය , යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය පැය කිහිපයක් බැකෝ යන්ත්‍ර යොදාගනිමින් කැණීම් සිදුකළ අතර දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් පසු ඉන්ධන ටැංකිය පොළව මතුපිටට ගැනීමට සමත්විය.

හමුවූ ඉන්ධන ටැංකිය වැඩිදුර ආරක්ෂාව සඳහා පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා එහිදී ආරක්ෂක අංශ වෙත නියෝග කළේය.



අදහස් (3)

කොටි ඉන්ධන ටැංකියක් පුදුකුඩිරිප්පුවෙන් මතු වෙයි

cidick Thursday, 01 September 2022 12:13 PM

මෙ වගෙ පුංචි දෙයක් අද වගෙ දවසක හරි හොයාගත්ත එක තමයි පුදුමෙ !!!!

:       3       9

බද්රානි Thursday, 01 September 2022 03:36 PM

ඇත්තෙන්ම කියනවා නම් ද්‍රවිඩයින් කියන්නේ දක්ෂ ජාතියක්. එදා උතුරු නැගෙනහිර පාලනය ඔවුන් අතට ගියානම්, අද ඒ ප්‍රදේශ දකුණු ආසියාවේ සංවර්ධිත ප්‍රදේශ අතරට එක් වෙනවා නොඅනුමානයි. අතීතයේ ලූනු, මිරිස් පමණක් නොවෙයි මිදි පවා දකුණේ වගාකළ ගොවීන් දකුණේ ජනතාවට ආහාර සැපයුවා. අදටත් කඳුකරයේ තේ වතුවල වැඩකරන ද්‍රවිඩයින් නොවන්නට මේ රට හිඟන්නන් ගේ නිජ භූමියක්. සුද්දා හදා දුන් තෙල් ටැංකි, යාපනේ පුස්තකාලය, පමණක් නොවෙයි කටාර් රාජ්‍යයේ ආධාර වලින් හිස්බුල්ලා මහතා ඉදිකළ ඒ දැවැන්ත විශ්ව විද්යාලය පවා මේ කාපාලු සිංහලයින් විසින් විනාශ කර තිබෙනවා. තම රටේම වෙසෙන අනෙකුත් ජාතීන්ට වෛර කරමින් අනෙකාව හෙලා දකිමින්, කුහක කමින් ඔද්දල් උන මෝඩ සිංහලයින් නිසා තමයි අද මේ රටට මේ ව්‍යසන තත්වය උදාවී තිබෙන්නේ. මේ තිත්ත, ඇත්ත ඇහෙද්දී, සිඟාලයින්ගේ නැට්ට ඉබේටම ඉස්සෙයි, නමුත් මේක තමයි ඇත්ත. හරිහමන් මහා ජාතියකට මේ රට උරුම උනා නම් අනෙකුත් සියලුම ජාතීන්ට මේ රටේ සැනසීමෙන් විසිය හැකිව තිබුනා. අඩුතරමේ ඒ මහලොකුයි කියන ජාතියටවත් මෙරෙටේ විසීමට නොහැකි තත්වයක් ඔවුන් විසින්ම දැන් ඇතිකරගෙන තිබෙනවා.

:       3       7

janakaThursday, 01 September 2022 05:17 PM

දැන් ගැටළුවක් නැහැනේ... කරන්න පුළුවන් ඔච්චර තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 413 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site