
(සුජිත් හේවාජුලිගේ )
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට රුපියල් කෝටි අටක වියදමින් 2020 වර්ෂයේදී මිලදී ගෙන ඇති රොබෝ යන්ත්‍ර හතරක් ඇතුළු උපකරණ එම මධ්‍යස්ථානය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දිරාපත්වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
සමහර මෘදුකාංග සඳහා රහස් පද ඇතුළත් කර ඇති හෙයින් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමට බඳවාගෙන ඇති විධායක නිලධාරියාට (වසර දෙකක කාලයක් සඳහා) මසකට රුපියල් හත්ලක්ෂ විසි පන් දහසක් බැගින් රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
537
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි අටක රොබෝලා මලකඩ කාලා
Samitha Senadhi Wijesiriwardhana. Sunday, 11 June 2023 06:41 AM
මේ වැනි මුදල් නාස්ති කිරීම් ඇති රටක් බංකොළොත් වීම පුදුමයක් නොවේ. කෝටි අටක් කියන්නේ ලක්ෂ 800 ක් නේද? මසකට රුපියල් 725000/- ක් වැටුප් ගත් මේ විධායක නිලධාරියා මේ නාස්තිය නොදුටුවේ මන්ද? මේ රටේ මේසා විශාල වැටුපක් අරගෙනත් ඔහුගේ සේවය ඔහු මඟහැරියාද? ඔහුව පත්කළේ දේශපාලන බලවතෙක්ද? ඔහු අයත් අමාත්‍යාංශය බාරව සිටි ඇමැතිවරයාට හා එවකට රටේ සිටි පාලකයාටත්, පාලක පක්ෂයටත් මේ සම්බන්ධව අවබෝධයක් නොතිබුණේ මන්ද? අහෝ .. දුක්විඳින රටවාසීන්ගේ බදුමුදල් නැති නාස්ති වෙන සැටි...
ravin Sunday, 11 June 2023 07:28 AM
නිසි ඇගයීමක් හා විමර්ශණයක් නොකොට නූගත් දේශපාලුවන්ගේ හොරාකෑමේ අදහස් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල...
Nimal Sunday, 11 June 2023 01:55 PM
විධායක නිලධාරියත් මලකඩ කාලා තමයි...