IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කටුවන සැකකරු රිමාන්ඞ්

ජුලම්පිටියේ ගීගන ගමගේ අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ ජූලි 11 වැනිදා තෙක් රිමාන්ඞ් කළ තංගල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්‍ෂ මහතා, වලස්මුල්ල උසාවියේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ජූනි 29 වැනිදා ඉදිරිපත් කරන්නැයි ද බන්ධනාගාරයට නියෝග කළේය. පසුගිය 15 වැනිදා කටුවන ජවිපෙ රැලියේදී දෙදෙනකු වෙඩි තමා මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට සාක්කි ඇතැයි රහස් පොලිසිය විනිසුරුවරයාට සැළ කළේය. මහාධිකරණ විනිසුරුවරයා මෙසේ පැවසුවේය. සැකකරුට එරෙහිව නඩු හතරක් මහාධිකරණයේත් තියෙනවා. තවත් අධිකරණවල නඩු තියනවා. විවෘත වරෙන්තු එකසිය ගණනක් සැකකරුට නිකුත් කළා. සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළා. ඒ දේ කළේ නැහැ. එහෙම කළා නම් සැකකරු අද මේ තත්ත්වයට පත්වෙන්නේ නැහැ. පොලිසියටත් දොස් තියනවා. සැකකරු මේ තත්ත්වයට පත්වීම ගැන පොලිසියත් වගකියන්න  ඕනෑ. ඔහුට ඇප දුන් කිප දෙනකුට ද වරෙන්තු නිකුත් කැරිණි. සැකකරු ඇමතූ විනිසුරු මෙසේ ද කීවේය. අධිකරණයේ ආරක්ෂාව ඉල්ලන  ඕනෑම අයකුට ආරක්ෂාව දෙන්න  ඕනෑ. මම කිව් දේවල් ඔබ කළේ නැහැ. ටී 56 ගිනි අවි දෙක ගෙනැවිත් බාර දුන්නේ නැහැ. ජීවිත ආරක්ෂාව ඉල්ලන නිසා මම ආරක්ෂාව සලසනවා. තමන්ට දැන් මරණ භය ඇතිවෙලා තියෙන්නේ. වෙඩි තියල මරපු මනුෂ්‍යයන්ටත් ඒ බය ඇති වෙන්න ඇති. මේ වගේ දේවල්වලින් ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් වෙනවා. පසුගිය සතියේ දවසක තංගල්ල බන්ධනාගාරයේ රැඳවියකු බලන්න තමන් බන්ධනාගාරයට ඇවිත් තියෙනවා. බන්ධනාගාරයේ දෙවැනි නිලධාරියකු ප‍්‍රධාන ගේට්ටුව ඇරලා තමුන් ඇතුළට ගෙන තියනවා. මට මේවා ආරංචියි. මේ විදියට සලකා තියෙන්නේ විවෘත වරෙන්තුකරුවකුට, අපරාධ නඩු මිනීමැරුම් නඩු ගණනාවක් තියන සැකකරුවකුට. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ නදී අපර්ණා සුවදුරුගොඩ මහත්මිය කරුණු ඉදිරිපත් කළාය. සැකකරු වෙනුවෙන් නීතිඥ නිශාන්ත සදභරණ මහතා කරුණු දැක්වීය. සැකකාර ජුලම්පිටියේ ජී.ජී. අමරසිරි ආවරණය කර අධිකරණයේ සිට තංගල්ල බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස් රථයෙන් රැගෙන ගියේය.



අදහස් (0)

කටුවන සැකකරු රිමාන්ඞ්

මාලක Thursday, 21 June 2012 05:14 PM

මෙතන ප්‍රගීත්,සක්විති, වරුණ, මධු, ටී.කේ කියන අය පුලුවන් නම් කියන ඔය කතා ඔප්පු කරලා පෙන්නන්න...

:       0       0

රංගනාත් Wednesday, 20 June 2012 09:46 PM

මෙයාව එල්ලන්නම ඕනි.ඔය වගේ අයට දෙවියෙ‍ේ හරි දඩුවම් දෙයි.මොකද අපි දෙන්නේ නැති නිසා

:       0       0

කින් බානට් Wednesday, 20 June 2012 11:49 PM

අයියෝ දැන් ඉතින් ජනතාවගේ බදු මුදල් රුපියල් 10,000 ක් මු වෙනුවෙන් මාසෙකට වියදම් කරන්න එපායැ ...කාගේ හයියෙන්ද මු මෙච්චර අපරාද කරලා එළියේ බය නැතුව හිටියේ කියල දන්නා කවුරුත් නැද්ද ?

:       0       0

සාධාරන මාටින් Thursday, 21 June 2012 01:09 PM

පොලිසියට බන්ධනාගාරෙට බැන්නට වැඩක් නෑ ඒ අය ඒ තත්ත්වෙට පත් කරපු අය ගැන හෙලි කරන්නැත්තං.

:       0       0

සාධාරන මාටින් Thursday, 21 June 2012 12:31 PM

පොලිස්සියට බන්දනාගාරෙට බැන්නට වැඩක් නෑ ඒ අය ඒ තත්වෙට පත් කරපු අය ගැන හෙලි කරන්නැත්තං. සාධාරන මාටින්

:       0       0

වික්ටර් Thursday, 21 June 2012 12:48 AM

අද රටේ නීතිය රකින්න ඉන්න අයගේ දුර්වලකම් වලට හේතුව දේශපාලනය නොවේද?

:       0       0

වරුණ Wednesday, 20 June 2012 03:47 PM

ඇතුලට ගියාම ගෙදරට වඩා සැප පහසුකම් මැද්දේ ඉන්නේ...

:       0       0

සක්විති Wednesday, 20 June 2012 03:16 PM

අමරේ............අමරේ...

:       0       0

සුසන්ත Wednesday, 20 June 2012 04:13 PM

අමරේ හොඳ කොලුවා...

:       0       0

සක්විති Wednesday, 20 June 2012 04:13 PM

මොකක්...සැක කරු ???????????? ලෝකය රඟහළකි...අපි එහි නළුවෝ වෙමු.....

:       0       0

සිසිර Wednesday, 20 June 2012 03:35 PM

අයියෝ පොලිස්...........

:       0       0

මරුවා Wednesday, 20 June 2012 03:45 PM

අමර...මම නුඹ සමඟයි

:       0       0

ගමරාළ Wednesday, 20 June 2012 03:48 PM

ඒකනේ පොලීසිය තමයි වරද කරල තියෙන්නේ....

:       0       0

සයිමන් Thursday, 21 June 2012 02:42 AM

බන්දනාගාර නිලදාරීනුයි පොලිසියයි මොනවා කරන්න ද? ඒ ගොල්ලොත් රස්සාවට ආදරේ ඇතිනෙ?

:       0       0

ගිනිකසයා Thursday, 21 June 2012 01:44 PM

මෙපමණ වැරදි තිබෙන මිනිසුන් ප්‍රසිද්ධියේ මරණයට ලක්කර යුතුයි .

:       0       0

තරුෂ Wednesday, 20 June 2012 04:01 PM

ආරක්ෂා කරන්නම වටින මිනිහෙක්නෙ .....බොලේ ඔන්න පොලීසියෙන් ආරක්ෂා කරන අය. ජනතාවට දෙවි පිහිටයි.!

:       0       0

සදුන් Wednesday, 20 June 2012 04:42 PM

විනුසුරුවරියගේ කතාව හරියටම හරි.මේ තත්ත්වයට පත්වීම ගැන පොලිසිය සහ අනෙකුත් බලධාරීන් වගකිය යුතුයි

:       0       0

කිරිමාටින් Wednesday, 20 June 2012 04:44 PM

අම්මෝ...බයේ බෑ...කමෙන්ට් කරන්නත්....මෙයාගැන ඇහුවහම

:       0       0

දොම්පේ මල්ලී Wednesday, 20 June 2012 04:46 PM

අමර ලොකු තොප්පියක් දා ගන්න බව පොලීසියෙන් දන්නවා....ඒකයි නොඇල්ලුවේ....

:       0       0

කිං කැකිල්ලේ Thursday, 21 June 2012 02:57 AM

ඒකනේ පොලීසිය තමයි වරද කරල තියෙන්නේ.... මේක දැකලා මට මගෙ අතීතෙ මතක් උනා.. හික් හික්!!

:       0       0

රංජිත් Thursday, 21 June 2012 05:18 AM

නීතිය හෑල්ලු වීමේ ප්‍රතිඵලය තමයි මේ.ඔය තුවක්කුව ඒ අයටම එල්ල වෙද්දි එතකොට යම් දවසක තේරුම් ගනී

:       0       0

ඩී Wednesday, 20 June 2012 04:59 PM

මේක නිකම් ආදර කතාවක් වගේ . මේ ළමයට හැමෝම ආදරෙයි...

:       0       0

ඔෂධ Thursday, 21 June 2012 02:13 PM

අමරේ සාමාන්‍ය මනුස්සයෙක් නමුත් ඔහු මේ තත්ත්වයට පත් කළ අය රටට හෙළී කිරීම මහජනයාගේ වගකීමයි

:       0       0

ප්‍රගීත් Wednesday, 20 June 2012 06:01 PM

දේශපාලන හයිය තමා.අම්මෝ......කට,කට මට තව ටික කාලයක් ජීවත් වෙන්න ඕනේ...

:       0       0

ටී.කේ Wednesday, 20 June 2012 05:24 PM

පොලිස් බල තල පලාත් සභාවට දුන්නොත් කොහොමට තියේවිද ????????????????

:       0       0

ලසිත් Thursday, 21 June 2012 08:41 AM

අපරාධ කරන හැමෝටම වරප්‍රසාද නැහැ. ඒ නිසා ජවිපෙ කරන චෝදනා අකමැත්තෙන් වුනත් පිළිගන්න සිදුවෙනවා. පොලීසියෙන් එක ඉල්ලීමක් තියෙනවා. අවි ආයුධ සොයාගැනීමට මොහු රැගෙන යන විට මාංචු දමා රැගෙන යන්න. නැතිනම් ඒ ආයුධයක් අරගෙන වෙඩිතියන්න තැත්කරන්න පුළුවන්.

:       0       0

මධු Wednesday, 20 June 2012 06:50 PM

කාටවත් වැරැද්දක් නැති මිනිස්සු මැරුවට මෙයාට ‍මේ ලෝකෙදි විතරක් නෙමෙයි එහා ලෝකෙදිත් හොදක් නම් වෙන්න එපා

:       0       0

මධු Wednesday, 20 June 2012 07:31 PM

සැක පිට නෙමෙයි ඇස් පණා පිටමයි මරලා තියෙන්නේ

:       0       0

Thursday, 21 June 2012 03:49 PM

දැන්නම් කට්ටිය බබාල වගේ ,කුක්කුත් ඕනද?????

:       0       0

ලක්විදු Thursday, 21 June 2012 10:20 AM

මේක ජේ.වී.පී එකෙන්ම කරගත්තු දෙයක් කියල කියපු අය කෝ දැන්..

:       0       0

කීර්ති Wednesday, 20 June 2012 08:29 PM

නීතියේ ආධිපත්‍ය බිද වැටිම රටකට විශාල පහරක්.රටේ ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු කොහොම හිටියිද?

:       0       0

මාලක Thursday, 21 June 2012 05:07 PM

දැන් හැමෝගෙම කටවල් පූට්ටු වෙලා. ඇද්ද?? ඇද්ද??

:       0       0

හූනා Wednesday, 20 June 2012 08:45 PM

ඇප දුන්නොත් ගොඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බදුල්ලේ ජනතාවත් ඡන්දයට පෝලීමේ
2025 මැයි මස 06 52 0

පලාත් පාලන මැතිවරණයේ බදුල්ල ජනතාව අද (6) ජන්ද දැමීමට පෝලීමේ රැදී සිටියහ.


දමනින් සොරාගත් වෙඩි බෙහෙත් සමග හතරක් අල්ලයි
2025 මැයි මස 06 10 0

අම්පාර දමන අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා සොරා ගත් වෙඩි බෙහෙත් සමග සැකරුවන් 04 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි


අනුර යාපා - බිරිඳගේ ඇප කොන්දේසි ලිහිල් කරයි
2025 මැයි මස 06 160 0

ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිර


ආදිවාසීන්ට පොරව ගේන්න අවසර
2025 මැයි මස 06 162 0

ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.


හොර ඡන්ද දාන්න ගිය අයෙක් මාට්ටු
2025 මැයි මස 06 310 0

ව්‍යාජ ලෙස සැකසූ ඡන්ද පත්‍රිකා අටක් අතැතිව, මැතිවරණ නීතී උල්ලංඝණයේ යෙදී සිටි පුද්ගලයෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ රත්මල් යාය, අල් කාසීම් සිටි ඡන්ද මධ්‍


කැනඩා මහකොමසාරිස් - කතානායක අතර හමුවක්
2025 මැයි මස 06 134 0

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 767 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 197 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1240 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site