IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කටවුට් දේශපාලකයින් ගාල්ලෙන් එළවයි

ගාල්ල නගරයේ අලංකාරයට හානි සිදුවන අයුරින් සවිකර ඇති දේශාපලක කටඅවුට් පුවරු ඉවත් කරන ලෙස ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී ඉල්ලා සිටියේය.  

‘‘ මේ පුවරු සවිකර තියෙන්නේ දේශපාලකයන්ට සුබ පතන්න. මා වෙනුවෙන් සවිකළ මගේ රුව තියෙන පුවරුවක් ද මෙතන තිබෙනවා. මේවා හරිම අවලස්සනයි. විදේශිකයන් විශාල වශයෙන් එන ගාල්ල නගරයේ අලංකාරයට මේවා බාධාවක්. ඒ වගේම ලෝක උරුම නගරය අවලස්සන කරන මෙවැනි පුවරු වහාම ඉවත් කරන්න“

'මේ පුවරු නගර සභාවේ ඉවත් නොකරන්නේ දේශපාලකයන්ගේ රුව තියෙන නිසා ප්‍රශ්න ඇතිවේවි කියලා. නගර සභභ එය නොකරන්නේ නම් පොලිසිය එවා  කඩා  ඉවත්කරන්න ඕනෑ'



අදහස් (0)

කටවුට් දේශපාලකයින් ගාල්ලෙන් එළවයි

සුසන්ත Wednesday, 30 March 2016 07:10 AM

අපි නොදන්නා මොනරතැන්න. මිනිස්සු ඕව බලෙන් ගහල නැහැ ඇඟේ අමාරුවට, ඔහෙලා (දේශපාලුවන්) ම තමයි ඕව ගහගෙන තියෙන්නේ - තමන්ටම සුබ පතාගෙන (ටීවී එකේ, පත්තරේ ඇඩ් දාගන්නෙත් එහෙමනේ, තමන්ටම සුබ පතාගෙන). දැන් මෙතන මෙහෙම කියල වැරදිලා හරි පොලිසියෙන් ඕක ගැලෙව්වොත් ඒ පොලිස් මනුස්සය ගෙදර එදා ඉඳන්.(බ)

:       0       0

මුණසිංහ Wednesday, 30 March 2016 07:12 AM

ලොකුම පුවරුව ගයන්තගේ. ඊළඟට මුතුහෙට්ටිගමගේ. කුඩාම එක මෙයාගේ. (බ)

:       0       0

අනුර Wednesday, 30 March 2016 07:36 AM

ගරු අමාත්‍යතුමනි, ඔබ හරි. කොළඹ හා තදාසන්න ප්‍රදේශයේ මෙවන් දේශපාලන කටවුට් කොපමණ තිබේද? (නි)

:       0       0

හුසේන් මොහමඩ් Wednesday, 30 March 2016 11:54 AM

දේශපාලකයින් ගොඩක්දුරට කරන්නේ රඟපෑමනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site