IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කටුබැද්දේ දක්ෂයාට ශිෂ්‍යත්වයක්

මොරටුව ,කටුබැද්ද විශ්ව විද්‍යාලයයේ තාක්ෂණික ආයතනයේ පවත්වාගෙන යනු ලබන ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාවේ  අති දක්ෂතම සිසුවාට පිරිනැමෙන වාර්ෂික ශිෂ්‍යත්ව පිරි නැමිම පසුගියදා තාක්ෂණික ආයතනයේදි පැවැත්විණී  .

මොරටුව කටුබැද්ද ප්‍රායෝගීක ආයතනයේ කණිෂ්ඨ කාර්මික නිලධාරීන්ගේ සංගමය විසින් මෙම ශිෂ්‍යත්වය පිරිනමයි.

එහිදී දක්ෂම සිසුවාට ස්ථාවර තැන්පතුවක් ඇරැඹිමට රුපියල් 175,000 මුදලක් තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂිකා ප්‍රියංගනී සමරසේකර මහත්මියට පිරිනැමීය.

ඊට අමතරව මේ වසරේ සිටම  එම ශිෂ්‍යත්වය ආරම්භ කිරීමට අවශ්‍යවන අයුරින්  අමතර රුපියල් 10,000 ක මුදල් චෙක්පතක් ද ලබා දීම සිදු කෙරිණී.

ඉංජිනේරු  කේ  එස් කේ පෙරේරා (සභාපති),එම් ඒ පී හේමචන්ද්‍ර,(ලේකම්)සරත් ජයවීර,(භාණ්ඩාගාරික)එස් එම් සත්‍යගාම(උප සභාපති), චිත්‍රා බෝතේජු හා ආචාර්ය ටී ඒ ජී ගුණසේකර යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්වුහ.



අදහස් (0)

කටුබැද්දේ දක්ෂයාට ශිෂ්‍යත්වයක්

සමන් Thursday, 24 October 2013 02:47 PM

මොරටුවේ ඇත්තේ කටුබැද්ද විශ්ව විද්‍යාලය නොවේ. මොරටුව විශ්වවිද්‍යාලය ඇත්තේ කටුබැද්දේ. දිල්‍රුක්ශි ග්‍රේරු මහත්මිය මේ බව දන්නේ නැත්නම් මොහාන්ලාල් ග්‍රේරු මහත්මයාගෙන් අසා දැනගන්න​.(නදී)

:       0       0

නිමල් Thursday, 24 October 2013 10:42 PM

සිසුවාගේ ඡායාරූපයක් දැම්මා නම් වටිනවා (නි)

:       0       0

අශෝක බණ්ඩාර Thursday, 24 October 2013 03:29 PM

කවුද දක්‍ෂම සිසුවා.....? (ස)

:       0       0

මෝහමාඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 24 October 2013 03:49 PM

ඡායා රූපයේ ඉන්නේ දක්ෂතම සිසුවාද?? (ස)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Friday, 25 October 2013 01:12 AM

සමහර අදහස් දමන අය වැස්සකටවත් පාසල් ගිහින් නැති අය වගෙයි මට පෙනෙන්නෙ.මේ තරම් හොදට පැහැදිව ලියලා තියෙද්දීත් මෝඩ කතා ලියනවා. (නි)

:       0       0

සුනිල් විමලසූරිය Thursday, 24 October 2013 04:39 PM

අනේ මන්දා?? කෝ මේ දක්ෂම සිසුවා?? (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 24 October 2013 04:57 PM

දක්ෂම සිසුවාගේ පොටෝ එක ගන්න ෆිලිම් රෝල් එක මදි වෙලාද. එයාගේ පොටෝ එක යතා කාලේදී දානවද? (නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 24 October 2013 05:26 PM

තවම සිසුවා තොරලා නැහැ. මෙතන වෙන්නේ ඊට සුදානමක් නේද? (නදී)

:       0       0

ක්‍රිෂානි Thursday, 24 October 2013 01:39 PM

මෙතන තිබෙන්නේ ශිෂ්‍යත්වයක් පිහිටුවීමක් වගේ දෙයක්ද? (නි)

:       0       0

සරත් Friday, 25 October 2013 10:26 AM

මෙතන වෙන්නේ ඒ ශිෂ්‍යත්වේ දෙන්න සැලසුම් කරන එකක්. (ස)

:       0       0

රාධා Thursday, 24 October 2013 02:03 PM

මෙවැනි වැඩ වලින් ඉගෙනගන්නා දරුවන් ගොඩක් උනන්දු වෙනවා (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 24 October 2013 02:45 PM

දක්ෂතම සිසුවා කව්ද, මේ ඡායාරුපයේ ඉන්නේ ඒ දක්ෂතම සිසුවාද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site