IMG-LOGO

කටානේ පොල්තෙල් මෝලෙන් ඩෙල්ටා ආසාදිතයෙක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කටාන ප්‍රදේශයේ පොල් තෙල් මෝලක සේවකයින් අතරින් කොරෝනා ආසාදිත වූ 18 දෙනෙකු ගේ ජෛව සාම්පල සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිදුකළ වැඩිදුර පරීක්ෂණයකදී එක් අයෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයකු බව හෙළිවී ඇතැයි කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ ඒ යූ ටී කුලතිලක මහතා ඊයේ 19 පැවසීය .

ඉකුත් දිනක මෙම පොල් තෙල් මෝලෙහි සේවක පිරිසේ 29 දෙනෙකු සඳහා පී සී ආර් පරීක්ෂණ පවත්වා ඇති අතර ඉන් 18 දෙනෙකු කොරෝනා ආසාදිත බව හෙළි වී ඇත. සේවක පිරිසේ සියයට පනහකටත් වැඩි පිරිසක් මෙසේ කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ඔවුන්ගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ජයවර්ධනපුර රෝහල වෙත යොමුකර තිබේ.

එහිදී සිදුකෙරුණු පරීක්ෂණවලදී එක් අයකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වී ඇති බව හෙළි වීමෙන් පසු එම සියලු සාම්පල තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා බොරැල්ලෙ වෛද්‍ය පර්යේෂණාගාරය වෙත යැවීමට කටයුතු කර ඇත.

මෙසේ ආසාදිත වූ 18 දෙනා මේ වන විට මූලික සුවය ලබා නිවෙස් වලට පැමිණ සිටින බව ද ඔවුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා ද යළි පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර එම සාම්පල් වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යැවීමට කටයුතු කරන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෙළි කළේය. මේ වන විට එක් අයෙකු ඩෙලිටා ප්‍රභේදය ආසාදිත බව අනාවරණය වී ඇතත් ඒ පුද්ගලයා කවුදැයි මෙතෙක් දැනගන්නට ලැබී නැතැයි ද ඔහු පැවසීය.

 



අදහස් (0)

කටානේ පොල්තෙල් මෝලෙන් ඩෙල්ටා ආසාදිතයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 83 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 49 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site