
(විනීතා එම් ගමගේ)
පවතින කොවිඩ්-19 තර්ජනය හේතුවෙන්, කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා නොදමන බව එහි කම්හල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා ලංකාදීපයට අද(12) පැවැසීය.
මේ වන විට කම්හල් තුනකින් කොවිඞ් ආසාදිතයන් හමුවීම නිසා එම කම්හල් වසා දමා ඇතත් එයින් එක් ආසාදිතයෙකු පමණක් හමුවූ කම්හල හෙට(13) විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ද අනෙක් කම්හල් දෙක තවත් දින කිහිපයක් වසා තබන බවත් ඔහු කියා සිටියේය.
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්හල් 87 ක් ඇති අතර එහි සේවක සේවිකාවන් 36,000 ක් පමණ සේවය කරන බවත් මේ දිනවල පවතින ප්‍රශ්න හේතුවෙන් සේවයට පැමිණෙන්නේ 8,000 කට ආසන්න පිරිසක් පමණක් බවත් ප්‍රනාන්දු මහතා පැවැසීය.
විශේෂයෙන් ගම්පහ පොලිස් කොට්ඨාස කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබීමත් හේතුවෙන් බොහෝ දෙනාට සේවයට පැමිණිය නොහැකි වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් සීමිත සේවක සංඛ්‍යාවෙන් හෝ කම්හල් හැකි ප්‍රමාණයෙන් ක්‍රියාත්මක කරන බවත් මේ සම්බන්ධව කම්කරු අමාත්‍යංශයේ දී අද(12) පැවති රැස්වීමේ දීද සාකච්ඡා වූ බවත් ප්‍රනාන්දු මහතා කීය.
අමාත්‍යවරයා ද අවධාරණය කළේ සාමාන්‍ය පරිදි රට පවත්වාගෙන යායුතු බව යැයි ද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කම්හල් පවත්වාගෙන යන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2239
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කටුනායක නිදහස් වෙළඳ කලාපය වහන්නේ නැහැ
සමිත සේනක අලුත්ගමගේ. Monday, 12 October 2020 12:34 PM
මේ පාර රැල්ලට " බ්‍රැන්ඩික්ස් රැල්ල " කිව්වාට වරදක් නැහැ. වැඩේ කියන්නේ මේ රැල්ල ඇතිකරපු අයට කිසිම වගවිභාගයක් නැහැනේ.. පුදුමය කියන්නේ ඒකනේ. නේද...?
Isuru Monday, 12 October 2020 01:37 PM
රට පවතියි. සාමාන්‍ය ජනතාව විනාශ වෙනවා..
Sisira Monday, 12 October 2020 02:44 PM
කලාප පොකුරක්.... බිහිකරන්න මේ හදන්නේ.