IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කටුනායක ගාස්තු නියම වෙයි

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ අධි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ ගාස්තුව රුපියල් 180ක් හා සුඛෝපභෝගී බස් රථ ගාස්තුව රුපියල් 125ක් ලෙස ජාතක ගමනා ගමන කොමිෂන් සභාව මගින් අද (31) ප්‍රකාශයට පත් කළේය.

අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ බලපත්‍ර ලබා දීමට මේ සතිය තුලදී ටෙන්ඩර් කැඳවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.



අදහස් (0)

කටුනායක ගාස්තු නියම වෙයි

කුමාර Thursday, 31 October 2013 04:58 PM

මේ වගේ කෙටි ගමනකට සෙම ලක්ෂරි යොදනවා නම් හොදයි. එතකොට අපිට දිනපතා වුණත් අඩු වියදමකින් වැඩට එන්න පුළුවන් (නි)

:       0       0

වසන්ති Thursday, 31 October 2013 05:35 PM

සුඛෝපභෝගී නම් සුඛෝපභෝගී. ගාණ වැඩි වුණාට කමක් නැහැ. මොන අධිකාරියෙන් හෝ මේවා මාස 3 කට වරක් ගෙන්වා පරික්ෂා කරන්න ඕනෑ. (නි)

:       0       0

නිමල් ප්‍රනාන්දු Thursday, 31 October 2013 05:50 PM

මෙතන අධි යනුවෙන් අදහස් කළේ සුඛෝපභෝගී තත්වයෙන් එහාට ගිය දෙයක්ද? නැත්නම් අධිවේගයේ සුඛෝපභෝගී හින්දාද? මම නම් කැමැතියි අධි සාමාන්‍ය ගාස්තු බස්රථයකට. ගානත් අඩුයි. හිටගෙන ගියත් කාලය ඉතුරුයි. (නි)

:       0       0

බොස්ටන් වික්‍රම Thursday, 31 October 2013 05:53 PM

ගණන නරක නැහැ, සාධාරනයි. බස් වල යන්න කැමති නැති උදවියට වෙන වාහනයක යන්න පුළුවන් (නි)

:       0       0

දයා Thursday, 31 October 2013 06:07 PM

සාමාන්‍ය ජනතාවට එතරම් බරක් නොවන නිසා අාදායම් උපයා රටේ සංවර්ධන කටයුතුවලට යෙදවීමට අයකරන ගාස්තුව දෙගුණයක් කිරීම සුදුසුය. (නි)

:       0       0

සුමනා Thursday, 31 October 2013 06:49 PM

කටුනායක හයි වේ එකේ පුද්ගලික බස්රථ නැතුව සීටීබීබස්රථ විතරක් ධාවනය කළා නම් ඇති. (නි)

:       0       0

නිමල් කරුණාරත්න Thursday, 31 October 2013 07:34 PM

පුද්ගලික බස්කාරයන් ළඟ තිබෙන බස් වලට අධිවේගයේ යන්න තරම් සුදුසු තත්ත්වයක් නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

ග්‍රිෂාණි Thursday, 31 October 2013 09:01 PM

කොමිසමේ කෙනෙක්ම කියනවද අධි සුඛෝපභෝගී හා සුඛෝපභෝගී වල වෙනස. (නි)

:       0       0

කැනඩා දිසා Friday, 01 November 2013 11:37 AM

දැනට ලංකාවේ, අත පය දිග හැර හුස්ම ගැනීම සඳහා බද්ද, නැති නම් ගාස්තුව කීයද දැන ගැනීමට කැමතියි. (ස)

:       0       0

දිලංක Thursday, 31 October 2013 09:38 PM

අපි නම් යයි ඕවායේ? (නි)

:       0       0

අමිත Thursday, 31 October 2013 09:42 PM

ලංගමෙන්ම හරියාකාරව බස් දුවන්න බැරිද? මට නම් ඔය පුද්ගලික බස්කාරයො අල්ලන්නෙම නැහැ. (නි)

:       0       0

මොහොමඩ් හෆ්සාල් Thursday, 31 October 2013 02:38 PM

පටන් ගන්නේ 180 කියලා, යනකොට තමා ඒ ගොල්ලන්ගේ ගෑස් බලාගන්න පුළුවන් වෙන්නේ. (ස)

:       0       0

කමල් Thursday, 31 October 2013 02:57 PM

පුද්ගලික බස් වල මාෆියාවට ඉඩ නොතබන ලෙස නීති සකස් කල යුතුයි. බලපත්‍ර ලබා දෙන විට ගිවිසුමට සියළු කරුණු ඇතුලත් කල යුතුයි. සුඛෝපභෝගී යන්න පැහැදිලිව සදහන් කල යුතුයි. ඒ වාගේම ආචාරශීලිත්වය, විනීතභාවය, හැසිරීම වැනි කාරනා පිළිබදව දැනුවත් කල යුතුයි. නියමිත කාලයට නියමිත වේගයට පමණක් ධාවනයට ඉඩ දිය යුතුයි. (ස)

:       0       0

සම්පත් ප්‍රියංකර Thursday, 31 October 2013 02:58 PM

සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී අතර වෙනස මොකද්ද?? (ස)

:       0       0

ටිරල් Thursday, 31 October 2013 03:26 PM

අධි සුඛෝපභෝගී කියන්නෙ වායුසමනය කරලා, සුඛෝපභෝගී කියන්නෙ ෆන් සහ වීදුරු ඇරගෙන. (ස)

:       0       0

ලලිත් Thursday, 31 October 2013 11:50 PM

සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී අතර වෙනස මොකද්ද ? මෙම වෙනස ගමන් කරන මගින්ට පෙනෙන සේ දැක්විය යුතුයි.(නදී)

:       0       0

ලලිත් Thursday, 31 October 2013 11:50 PM

සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී අතර වෙනස මොකද්ද ? මෙම වෙනස ගමන් කරන මගින්ට පෙනෙන සේ දැක්විය යුතුයි.(නදී)

:       0       0

දයා අලහකෝන් Thursday, 31 October 2013 03:36 PM

අධි සුඛෝපභෝගී, සුඛෝපභෝගී දෙකෙහි වෙනස මොකක්ද?? (ස)

:       0       0

අජන්ත Thursday, 31 October 2013 04:18 PM

දැනට සාමාන්‍ය මාර්ග වල දුවන සුඛෝපභෝගී බස් රථ එනමිනුත් අධිවේගී මාර්ගයේ ධාවනයට බලපත්‍ර ලබන සමාන සුඛෝපභෝගී බස් රථ අධිවේගයේ ධාවනය වන නිසා අධි සුඛෝපභෝගී ලෙසත් වර්ග කරනු ඇත. වෙනස දන්නා බලධරයෙක් ලංකාවේ නැත්නම් මෙම වර්ගීකරණය ගනිමු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site