කහවත්ත කොටකෙතන නයනා නිල්මිනී (52) හා ඇගේ දියණිය කාවින්ද්‍යා චතුරංගි (18) කපා කොටා ඝාතනයට එරෙහි නඩුව කොළඹ මහාධිකරණය ඉදිරියේ විශේෂ ජූරි සභාවක් ඉදිරියේ ලබන පෙබරවාරි හය වැනි දා විභාගයට ගන්නා ලෙස කුමුදුනී වික්‍රමසිංහ මහාධිකරණ විනිසුරුවරියට අද නියෝග කළාය.
ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු හා ඔහුගේ බිරිය රසිකා චාන්දනී උදයකුමාරි හෙවත්අසෝකා සැකකරුවෝ ය.
ඉංග්‍රීසි කතා කරන ජූරියක් ඉදිරියේ නඩුව විභාග කරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.
විනිසුරුවරියට පැවසුවේ විශේෂ ජූරියක් ඉදිරියේ නඩුව විභාග කරන බවයි.
සැකකරුවන් දෙදෙනාගේ දරුවන් දෙදෙනකු ද සාක්කියට කැඳවා ඇත. එම දරුවන්ගේ ඡායාරූප විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල පළ නොකරන ලෙස විනිසුරුවරිය නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටකෙතන නඩුව විශේෂ ජූරියක් ඉදිරියේ
අමිල පීරිස් Saturday, 14 December 2013 10:01 AM
කුඩු ව්‍යාපාර නිදහසේ කරන්න ඕන නිසා කරපු මිලේච්ඡ අපරාදයක්. ඇමති ලේකම් කෙනෙකුත් මුලදී ගැවිලා තිබුණා. නිතිය ක්‍රියාත්මක වෙන්නේ අපරාද කරුට පමණයි. අපරාද කරුවන් නිර්මාණය කරපු කුඩු ජාවාරමට සම්බන්ද ලොකු ඇත්තන් නිදහසේ සිටිනවා.(නදී)
ලේක්කෝ ගලබඩ Friday, 13 December 2013 01:42 PM
මැණික් වලට ප්‍රසිද්ධ පුරයක මහා කළු හස්තයක් මේක පිටිපස්සෙන් තිබෙනවා නේද? (නදී)
කමලානන්ද Friday, 13 December 2013 01:52 PM
මෙම ජුරියට සහභාගි වන්නේ කවුදැයි අපිට දැනගැනීමට හැකිද? (නි)
සෑම් Friday, 13 December 2013 02:11 PM
මරණ දඩුවම ලැබුනත් එක ඉංගිරිස් කතාකරන ජූරියකින් නිසා නම්බුව රැකෙවී.(නදී)
චානක. Friday, 13 December 2013 02:26 PM
කෙනෙකු ඝාතනය කරලා කිසි කෙනෙකුට ඔහු සිතු පැතූ දෙයින් සැනසීම ලබන්න මිනිස් සිත නිර්මාණය කර දී නැහැ. කල අපරාදයට මැරි මැරි කඳුළු බොන්න තමා එය නිර්මාණය වෙලා තිබෙන්නේ. මෙම ඝාතනය රටේ සිදුවූ ඉතාම මිලේච්ච අපරාදයක්.(නදී)
ප්‍රියානි Friday, 13 December 2013 03:00 PM
ඉංග්‍රීසි කතා කරන එකක. මාරයිනේ.(නදී)
ගිම්හාණි Friday, 13 December 2013 03:30 PM
මේ මිනිමරුවන්ව අපහු සමාජයට නම් එවන්න එපා. මුන්ව මරණය දක්වාම හිරේ යවන්න. මේ වගේ මිනීමරුවෝ රටට එපා.(නදී)
සිරී Friday, 13 December 2013 04:38 PM
මෙවැනි නඩු තියෙනවා ඕන තරම්. වහ කෑවොත් වමාරන්නත් වෙනවා.(නදී)
අනෝමා Friday, 13 December 2013 05:11 PM
ඕකේ ඉතින් මහා මොළ කාරයන් එලියට යවල පොඩි එවුන්ව හිර කරලා වැඩක් තියේද?රටේ දෙවැනි පුරවැසියාගේ ලේකම්ලත් කුඩු වල පැටලෙන කොට කොහොමද ආස්චර්‍ය.(නදී)
බමුණු Saturday, 14 December 2013 06:35 AM
" වහ කෑවොත් වමාරන්නත් වෙනවා." මොන වැමෑරීමක්ද වහ කෑවොත් එම්බාම් කරන්න වෙනවා. (නදී)
ආරියසේන Saturday, 14 December 2013 07:11 AM
ඒ කියන්නේ විත්තිකරුවන් සියලු වරදවල් වලින් නිදොස් කර නිදහස් වේවි ද ? (නදී)
දේශප්‍රිය Friday, 13 December 2013 12:41 PM
මෙයාල ළඟ හංගපු ආයුද නැද්ද දන්නේ නෑ නේද ? (නදී)