(මනෝප්‍රිය ගුණසේකර සහ අප්සරා යෝෂිත් විජේසූරිය)
ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වු කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණීයක දුෂණය කර මරා දැමීමේ චෝදනාවන්ටට වරදකරු වු ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය මරණ දඬුවම අද (19) නියම කළාය.
අධිකරණයේ දැල්වෙමින් තිබු විදුලි බුබුළු නිවා දමා ක්‍රියාත්මක වෙමින් තිබු විදුලි පංකා අක්‍රිය කර විත්තිකරුට මරණීය දඬුවම පැනවු විනිසුරුවරිය ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ද වනතුරු ඔහු බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළාය.
ඩී.එන්.ඒ. තාක්ෂණය යොදා ගනිමින් නීපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් මරණ දඬුවම නියම කළ විනිසුරුවරිය පෑන කඩා දැමුවාය.
පිටු 147කින් යුතු තීන්දුව පුරා පැය දෙකට ආසන්න කාලයක් අධිකරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විනිසුරුවරිය විත්තිකරුට දඬුවම් පැමිණ වූ අතර අධිකරණ භාෂා පරිවර්තිකාව ලෙස කටයුතු කළ මංජුලා උදයංගනී මැදවත්ත මෙනවිය අධිකරණයේ කටයුතුවලට සහාය දැක්වූවාය.
2025 නොවැම්බර් මස 04
207
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොටකෙතන ඝාතකයාට මරණ දඬූවම
Ratne Monday, 19 February 2024 05:26 PM
මරණ දඬුවම නියම කළාට ඒක ක්‍රියාත්මක කරන්නේ නැති එක රට මෙච්චර දුෂිත වෙන්න එක හේතුවක්...!
Amara Monday, 19 February 2024 06:15 PM
මිනිසුන් මරණවා, දරුවන් දූෂණය වෙනවා... පාලකයා තීන්දුව දීලා තියෙද්දී පඹයෙක් වගේ ඉන්නවා.
Asela Monday, 19 February 2024 06:24 PM
ප්‍රසිද්ධියේ වෙඩි තියලා බුලට් එකේ සල්ලිත් පවුලේ අයගෙන් අයකර ගන්න ඕනෑ.
viraj Tuesday, 20 February 2024 10:32 AM
මහා මොලකරු ජෝනා බේරුනා
සුරනිමල Tuesday, 20 February 2024 12:36 PM
මේ මනුස්සයා කී දෙනෙක් මැරුවද? අන්තිමට ජීවිතන්තය දක්වා හිරේ. දැන් මෙයාට කන්න බොන්න දෙන්නේ අපේ බදු සල්ලිවලින්. අර අටුලුගම දරුවා මරා දැමීමේ නඩුවේ තීන්දුව අවරුදු 27 හිරේ. ජීවිතයක වටිනාකම ඒකද. මිනිස්සු මරලා හිරේ ගිහිල්ලා අර මිනිස්සුන්ගේ පවුලේ අය ගෙවන බදු සල්ලිවලින් උන්ට කන්න දෙනවා.වෙනස් විය යුතුයි