IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කච්චතිව් මංගල්‍යයට මහ සෙනඟ

යාපනය කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (21) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ජස්ටින් ඥානප්‍රකාශන් යාපන රදගුරු, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ,   නියෝජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න ඇතුළු ආගමික , හමුදා හා දේශපාලන නායකයෝ රැසක් උත්සවයට පැමිණ සිටියහ.

වසරකට වරක් පැවැත්වෙන මෙම මංගල්‍යය සඳහා දකුණු ඉන්දියාවේ කතෝලික බැතිමත්හු ද විශාල පිරිසක් සහභාගී වෙති.

අද පැවැති වාර්ෂික මංගල්‍යය සඳහා ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ  කතෝලික බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් මුහුදු මගින් කච්චතිව් දූපතට රැගෙන යාමට ශ්‍රී ලංකා  නාවික හමුදාව ප්‍රවාහන පහසුකම් සපයා දී තිබිණි.

ක්‍රිස්තියානි පූජකවරුන් සහ කන්‍යා සොයුරියන් 300ක් පමණ ද උත්සවයට එක්ව සිටි අතර ආගමික පූජකවරුන් හා ඉන්දීය බැතිමත්තු ඉන්දියා නාවික හමුදාවේ හා වෙරළාරක්ෂක බළකායේ ආරක්ෂාව යටතේ අන්තර්ජාතික මුහුදු සීමාවට පැමිණියහ.  එතැන් සිට කච්චතිව් දූපත දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරක්ෂාව ඔවුනට ලැබිණි.

උත්සවයේ සියලු සංවිධාන කටයුතු හා ආරක්ෂාව මෙන්ම ආහාර පාන සැපයීම, වෛද්‍ය පහසුකම් ආදී සියලු සත්කාර්යයන් සඳහා නාවික හමුදා  සාමාජිකයෝ සිය දායකත්වය ලබා දුන්හ.

වර්ග කිලෝමීටර් 1.15ක (අක්කර 285) භූමි ප්‍රමාණයකින් යුතු කච්චතිව් දූපත කන්කසන්තුරය ජැටියේ සිට නාවික සැතපුම් 40ක (කිලෝමීටර් 70) දුරකින්ද ඩෙල්ෆ්ට් දූපතේ සිට නාවික සැතපුම් 10.3 (කිලෝ මීටර් 18.54) දුරකින්ද අන්තර්ජාතික මුහුදු සීමාවේ සිට නාවික සැතපුමක (කිලෝමීටර් 1.8) දුරකින්ද පිහිටා තිබේ.

යාපන දිස්ත්‍රික්කයට අයත් කච්චතිව් දූපතේ පරිපාලන කටයුතු ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කෙරේ.

(ඡායාරූප කෞෂල්‍ය සමින්ද)

IMG_7846 (Copy) IMG_7899 (Copy) IMG_7915 (Copy) IMG_7943 (Copy) IMG_7972 (Copy) IMG_7984 (Copy) IMG_7994 (Copy) IMG_8032 (Copy) IMG_79814 (Copy)



අදහස් (0)

කච්චතිව් මංගල්‍යයට මහ සෙනඟ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site