IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කෑගල්ලේ එජාප රැස්වීම ගැන බේගල් ඇදබාලා

මාධ්‍ය නිදහස අගය කරන නමුත් අසත්‍ය තොරතුරු ප්‍රචාරය හෙළා දකින බව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී එජාප නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය හා කෑගල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී කබීර් හෂීම් මහත්වරු ප්‍රකාශ කළහ.

ගිරාඹේ ආනන්ද අනුනාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පිකා රණවක, එජාප ජාතික සංවිධායක දයා ගමගේ හා රුවන් විජයවර්ධන මහත්වරුන් එහි දී පැවසුවේ 16 වැනි දා කෑගල්ලේ කබීර් හෂීම් මහතාගේ නිවසේ පැවැති රැස්වීම පිළිබඳ අසත්‍ය තොරතුරු ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කර තිබූ බවයි.

පක්ෂ නායක රනිල්, කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් එකතු කරගෙන පක්ෂය ජයග්‍රාහී මාවතට රැගෙන යෑමට එරෙහිව ආණ්ඩුව කූට ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇතැයි ද ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රචාරය කිරීම එහි කොටසක් යැයි ද කබීර් හෂීම් මහතා කීවේය.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අමර සූරියප්පෙරුම මහතා පැවසුවේ කෑගල්ලේ දී ඇතැම් ජනමාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදුණු බවයි. එක්සත් ජාතික පක්ෂය නැගී සිටින විට ඊට එරෙහිව මාධ්‍ය අසත්‍ය ප්‍රචාර ගෙන යෑම දැඩි සේ පිළිකුල් කරන බව දැරණියගල ප්‍රාදේශීය සභා විපක්ෂ නායක රංජිත් කුරුප්පු මහතා පැවසීය.

ප්‍රශ්නය - සජිත් ප්‍රේමදාස මහතා එක්සත් නායකත්ව මණ්ඩලයට සහභාගී නොවන්නේ එමගින් පක්ෂයට ප්‍රයෝජනයක් නොමැති නිසා බව සඳහන් කොට තිබෙනවා නේද?

කබීර් හෂීම් - සජිත් ප්‍රෙමදාස මහතාට ඒ පිළිබඳව යම් අදහසක් තිබෙනවා නම් හෝ විවේචනයක් තිබෙනවා නම් නායකත්ව මණ්ඩලය සමග සාකච්ඡා කළ හැකියි. අප ඒ සඳහා එතුමාට ආරාධනා කළා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාල මහත්මියටත් ආරාධනා කළ අතර ඇය ලබන 20 වැනි දා නායකත්ව මණ්ඩලය සමග සාකච්ඡා කරන බව ප්‍රකාශ කොට තිබෙනවා.



අදහස් (0)

කෑගල්ලේ එජාප රැස්වීම ගැන බේගල් ඇදබාලා

විජේ Wednesday, 18 December 2013 07:20 PM

බැරිවෙලාවත් නායකයා වුනොත්, තාත්තට හපන් වෙයි. එජාපය අද ඉන්න තත්වෙට 50% ක් වග කියන්න ඕනේ එයාගේ පියායි.(අ)

:       0       0

ජයනා Wednesday, 18 December 2013 07:49 PM

විජේ, ඔබ හරි ඉතිරි 50% එයාගේ පුතා වග කියන්න ඕනා.(නදී)

:       0       0

සමන්ති Wednesday, 18 December 2013 07:52 PM

විජේදාස ඔබේ අදහස නිවැරදිය.(නදී)

:       0       0

ටෙනිසන් Thursday, 19 December 2013 08:26 AM

එජාපය දෙවන පෙළ නායකයෙක් හදලා නැහැ. හිටපු කෙනා තමයි දයාසිරි. එයාට කටුව ගැහුවෙත් මෙයා නේද? (නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 20 December 2013 02:32 PM

සජිත් ඔබ උඩබලාගෙන කෙලගහන්නේ මොකෝ පක්ෂය විනශ කිරීමේ කොන්තත්තුව ඔබද අරගෙන ඉන්නේ (අ)

:       0       0

ගයාන් Thursday, 19 December 2013 09:31 AM

සජිත්ට දුන් අවස්ථාව හොදටම සාදාරණ එකක්. රටකට, පක්ෂයකට විනය ඉතාම වැදගත්. 99% එක පෙළකට එනකොට 01% එන්නේ නැතිනම්, පාලනය කරන්න බැරිනම් තීරණයක් ගන්න. පක්ෂයට හොදක් මිසක් නරකක් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

මහානාම Thursday, 19 December 2013 11:21 AM

ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site