IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොංග්‍රසයට ආසන 100 ක්

 
මෙවර මහ මැතිවරණයේදී ඉන්දීය කොංග්‍රස් පක්ෂයට ලොක් සභාවේ තුළ ආසන 100 කට වැඩි සංඛ්‍යාවක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණේය. 2014 වසරින් පසුව ඉන්දීය කොංග්‍රස් පක්ෂය ලොක් සභාව තුළ හිමිකර ගත් වැඩිම ආසන සංඛ්‍යාව මෙය විය.

ඉන්දීය කොංග්‍රස් පක්ෂය 2009 වසරේදී පැවැති මහ මැතිවරණයේදී එක්සත් ප්‍රගතිශීලී සන්ධානයට නායකත්වය දෙමින් ආසන 206 දින ගැනීමට සමත් විය.නමුත් 2014 වසරේදී පැවැති ඉන්දීය මහ මැතිවරණයේදී ඉන්දීය කොංග්‍රස් පක්ෂයට ලොක් සභාව තුළ හිමිකර ගැනීමට හැකිවූ ආසන සංඛ්‍යාව 44 ට සීමා විය. 2019 මහ මැතිවරණයේදී ආසන සංඛ්‍යාව සුළු වශයෙන් වැඩිකර ගනිමින් ලොක් සභාව තුළ ආසන 52 ක් දිනා ගැනීමට ඉන්දීය කොංග්‍රස් පක්ෂයට හැකියාව ලැබුණේය.

වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට 2014 වසරේදී විශාල ජන ප්‍රසාදයක් හිමිවී තිබීම හේතුවෙන් එවකට පැවැති මැතිවරණයේදී ආසන 162 ක් අහිමි කර ගැනීමට ඉන්දීය කොංග්‍රස් පක්ෂයට සිදුවිය.එම අවස්ථාවේ ඉන්දීය කොංග්‍රස් පක්ෂයට අහිමි වූ ඡන්ද ප්‍රතිශතය සියයට 9.3 කට ආසන්න වූවේය. එවකට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තිබූ ජන ප්‍රසාදය දේශපාලන විචාරකයෝ මෝදි රැල්ල ලෙස හැඳින්විය.

අග්‍රාමාත්‍ය මෝදී හිමිකර ගත් ජන ප්‍රසාදය 2019 වසරේදීද එලෙසම පැවැතුණත් එම අවස්ථාවේදී පැවැති මැතිවරණයේදී ඉන්දීය කොංග්‍රස් පක්ෂයට ලොක් සභාව තුළ සිය ආසන සංඛ්‍යාව සුළු වශයෙන් වැඩි කර ගැනීමට හැකියාව ලැබුණේය.



අදහස් (3)

කොංග්‍රසයට ආසන 100 ක්

Ruwan De Silva Tuesday, 04 June 2024 07:33 PM

රාහුල් ගාන්ධිත් නිකං අපේ පුතානෝ වගේ, කියන්නෙම මෝඩ කතා

:       1       1

Rohana Wednesday, 05 June 2024 08:29 AM

මෙවර මැතිවරණයෙන් මෝදිට සුළු ජයග්‍රහනයක් ලැබුනේ තෙවන වරටත් තරඟකිරීම නිසයි. කොතරම් ජනප්‍රිය දක්ෂ නායකයෙකු වුවත් දිගින් දිගටම තරගකලොත් ලබතහැකි ඡන්ද ප්‍රමානය අඩුවීම මේ සුළු ජයග්‍රහනයෙන් පෙන්නුම් කරයි.

:       0       1

Nimal Wednesday, 05 June 2024 12:09 PM

රාහුල් මැතිතුමනි .ගේම ඇත අරින්න එපා.තව කාලයක් අල්ලාගෙන ඉමු.පැරදිලා පැරදිලා ඉඳලා.කවදා හරි,මොන ක්‍රමයෙන් හරි බලය ලැබෙයි.අවුරුදු 75 දී වෙන්නත් පුළුවන්.ලංකාවේ වෙන දේවල් දිහා බලලා.හිත ධෛර්ය කරගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 513 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site