IMG-LOGO

කොකුං පොතුයි, වල්ලපට්ටයි රේගුවේ හිරවේ

රුපියල් ලක්ෂ දහයක් වටිනා කොකුං පොතු සහ වල්ලා පට්ටා කිලෝ ග්‍රෑම් හැටක් ගමන් මල්ලක  සඟවාගෙන හොංකොං හරහා චීනයට යාමට උත්සහ කළ චීන ජාතිකයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී  රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවෝ 38 හැවිරිදිය. ඔවුහු  නේවාසික වීසා මත  ශ්‍රී ලංකාවේ  රැදී සිටිමින්  මෙරට  සමාගමක  රැකියා  කරන  බව  රේගුව කියයි.

මොවුහු කැතී පැසිෆික් ගුවන් සේවයට අයත් සී.එක්ස් 610 දරණ ගුවන් යානයෙන් හොංකොං හරහා චීනය බලා යාමට අද අළුයම  කටුනායකට පැමිණ ඇති බව රේගුව කියයි.

රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් කටුනායකදී කොකුං  පොතු අත් අඩංගුවට ගත් දෙවැනි අවස්ථාව මෙය වෙයි.

වල්ලා පට්ටා සහ කොකුං පොතු සඳහා චීනයේ ඉතා හොඳ ඉල්ලුමක් ඇතැයිද,  මේවා එරට සුවඳ විලවුන්  නිෂ්පාදනය සඳහා ගෙන යන බවද  රේගුව කියයි.

මේ පිළිබඳ රේගු පරික්ෂණය සිදු කළ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ යූ.කේ.ඒ.ජී විජයසිංහ මහතා සැකකරුවන්ට  රුපියල් විසි දහසක දඩයක් නියම කර  එම වල්ලා පට්ටා සහ කොකුං පොතු රාජ සන්තක කිරීමට නියෝග කළේය.

මේ  පිළිබඳ විමර්ශණ කටයුතු රේගු අධ්‍යක්ෂක රෝහිත උඩුවාවල මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක යන මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර රේගු  අධිකාරීවරුන් වන කිත්සිරි අතපත්තු, ඇන්ටන් ප්‍රනාන්දු, ප්‍රදීප්  ෆොන්සේකා  සහ දිමුතු ධනංජනී යන නිලධාරීහු සිදු කරති.

 1 2 3

 

 



අදහස් (0)

කොකුං පොතුයි, වල්ලපට්ටයි රේගුවේ හිරවේ

අරවින්ද Wednesday, 21 September 2016 06:45 AM

පසුගිය කාලෙ නම් මේවගේ චීන හොරුන්ට මුළු ලංකාවේම තිබෙන වටිනා දේවල් හූරාගෙන ගෙනයන්නට ඉඩදුන්නා (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 21 September 2016 07:47 AM

සාමාන්‍ය ගුවන් මගියෙකුට නම් මෙච්චර බර භාණ්ඩ තොගයක් ගුවනින් ගෙනයාමට විශාල වියදමක් යනවා. මේ චීන්නු එම අතිරේක මුදල ගෙවුවාද? කොහොම වුණත් බඩුවල වටිනාකම හැටියට දීපු දඩය නම් කොහෙත්ම මදි හිතට. නේවාසික වීසා මත ශ්‍රී ලංකාවේ සිටින මේ චීනුන්ට ආපසු ශ්‍රී ලංකාවට ඇතුළුවීමට වීසා නොදිය යුතුයි. (නි)

:       0       0

සමන් Wednesday, 21 September 2016 09:50 AM

මේවා අපනයනය කළාට පොතුවලින් ගස් වවන්න බැරි නිසා එ්කෙන් අපේ රටට හානියක් නැතුව විදේශ විනිමය ලැබෙනවා. රජය මැදිහත් වෙලා මේවා වවල හරි යාන්ත්‍රණයකට අපනයනය කළ හැකිනම් කොපමන හොදද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site