(යොහාන් භාසුර)
කුකුළු මස් මිල සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි ඉතා ඉහළ මට්මටක පැවැතීම නිසා කුකුළු මස් ආනයන කිරීමට තීරණය කළ බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (31) පැවසීය.
ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මේ මස 27 වනදා පැවැති ජීවන වියදම් කමිටු රැස්වීමේදී කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් ආනයනය කිරීමට එකඟ වූ බවත් වෙළෙඳපොළ ඉහළ යන කුකුළු මස් මිල පහත දමන ලෙස දේශීය නිෂ්පාදකයන් දැනුවත් කළ ද ඔවුන්ගෙන් සාධනීය ප්‍රතිචාරයක් හිමි නොවූ බවත් අමාත්‍යවරයා කීය.
කුකුළු මස් කිලෝවක් දේශීය වෙළෙඳපොලේ පවතින රුපියල් 1,450 කට වඩා අඩු මිලකට මෙම ආනයනය කරන කුකුළු මස් කර්මාන්ත සඳහා දීමට හැකියාව ලැබෙන බව ද කී අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව එම කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනයන්හි මිල අඩු වීමක් අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
වෙළෙඳපොලේ කුකුළු මස් මිල ඉහළ යාම තව දුරටත් පාලනය කිරීමට නොහැකි වුවහොත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද කුකුළු මස් ආනයනය කර දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමාත්‍යාංශයේදී අද (31) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කුකුළු මස් ආනයනයට අවසර
Nimesh Monday, 31 July 2023 04:19 PM
ඒ ඔර්ඩ එකත් ඉන්දියාවට හරි චීනෙට හරි දෙයි... මේක තමයි පින්පතිතුමා ගහලා තියන කොන්ත්‍රාත් එක.., රටේ සියලුම දේශීය නිෂ්පාදන විනාශ කරලා රට කවදාවත් ගොඩ එන්නේ නැති තැනකට ගේන්න තමයි මේ සැලැස්ම...
DineshMonday, 31 July 2023 07:00 PM
සැලසුමක් නැති වැඩ.. රට තවත් වලපල්ලට තමයි යන්නේ...!
Perera Tuesday, 01 August 2023 05:44 AM
අසූචි ආනයනය කරන්න අවසර ලබපු රටනේ...
Rohan Tuesday, 01 August 2023 07:11 AM
ලංකාවේ වෙළෙන්දොත් දැනගන්න ඕනේ මිනිස්සුන්ව හූරාගෙන නොකා ඉන්න... මිනිස්සු ඉන්නේ හරිම අමාරුවෙන්. ලොකු එකාගේ ඉඳන් පොඩි එකා එනකන් මිනිස්සුන්ව හූරන් කනවා.