(යොහාන් භාසුර)
සෞඛ්‍ය අමාත්‍යාංශය දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ මිලදී ගැනීමේදී මිල කමිටු දෙකක් පවත්වාගෙන යෑමෙන් රජයට සිදුවියහැකි පාඩුව වළක්වා ගැනීම අනුගමනය කළ ප්‍රතිපත්තිය වත්මන් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා ආපස්සට හැරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
මිල කමිටු දෙකක් නොපැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියක් තිබියදී ඉතාම සූක්ෂම ලෙස සියළු ඖෂධ සමාගම් අතර තරගය වළක්වමින් කොටස් වශයෙන් මිල කැඳවීම හරහා වැඩි මිලක් නිර්දේශ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇති බව ද කී ඒ මහතා පැවසුවේ මේ පිළිබඳව වහාම අවධානය යොමු කිරීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීමක් බවත්ය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා රජයට වියහැකි පාඩුව අවම කරගැනීම සඳහා එම ක්‍රියාමාර්ගය ගත් බවත් දේශීය ඖෂධ නිෂ්පාදකයෙන් කොටස් දෙකකට බෙදමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ‘සුපිරි මිල කමිටුවක්‘ සහ සාමාන්‍ය ‘මිල කමිටුවක්‘ පවත්වාගෙන යාම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාශය මිලදී ගන්නා ඖෂධ සඳහා නිවැරදි මිල තරගයක් ඇති නොවීම හරහා දැවැන්ත පාඩුවක් වූ බවත් ඒ මහතා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඖෂධ මිලදී ගැනීමේ කමිටු දෙකට නැවතත් පණදීමේ සූදානමක්
Vijay Thursday, 19 June 2025 03:40 PM
මෙයා මහ පිළිලයක්...
Kamal Koyrala Thursday, 19 June 2025 05:05 PM
වෘත්තීයවේදියන්ගේ මේ මිලදී ගැනීම් සියලු ආයතන වල නැවත රාජ්‍ය ප්‍රසම්පාදන සහ සැපයීම් දෙපාර්තමේන්තුවක් ඇති කළ යුතුයි.