IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඕස්ට්‍රේලියා ගිය දොස්තර දෙලොවක් අතර

ඕස්ට්‍රේලියාවේ දී 2014 තම සැමියා මරා දැමී යැයි සිව් වසරක සිරදඬුවමකට නියම වී, ලබන ජූනි මාසයේ දී කොන්දේසි සහිත සමාවක් ලැබීමට නියමිත ශ්‍රී ලංකා වෛද්‍යවරියක අධිකරණය හමුවේ දී පැවසූයේ ඉන් පසු ඇය  ඇය ශ්‍රී ලංකාවට යැවීමට ඉඩ ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකාරියක වන චමරි ලියනගේ (36) දිනේද්‍ර අතුකෝරාළ නම් සිය සැමියා 2014 ජූනි මාසයේ දී බටහිරි ඕස්ට්‍රේලියාවේ දී මිටියකින් ගසා මරා දැමී යැයි අනියම් මිනී මැරීමට  වරදිකාරිය වූවාය. අධිකරණයේදී ඇය කියා සිටියේ පස් වසරක විවාහ ජීවිතයේ දී සැමියාගේ අධික ලිංගික ක්‍රියා ශාරීරික හා මානසික වද වේදනා දරුණුම අන්දමින් පැවති බවයි.

තම සැමියගෙන් වෙන් වීමට හය පාරක් උත්සාහ කළත් යක්ෂයකු ලෙස හැසිරුණු සැමියාගෙන් බේරීමට නොහැකි වූ බවත් ඇය කීවාය.

ඇයට නියම වූ දඬවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට නියමිතය. දඬුවම අවසානයේ ශ්‍රී ලංකාවට පිටුවහල් කරතියි බියෙන් සිටින බව ඇගේ නීතීඥයා කියයි.



අදහස් (0)

ඕස්ට්‍රේලියා ගිය දොස්තර දෙලොවක් අතර

සුමිත් Thursday, 25 February 2016 04:03 AM

නිල්මිණි ඔයා එහෙම කියන්නේ මොකද, ඔයත් ගැහැනියක් නේ , මානුෂිකව හිතන්න , කරපු වරදට දඩුවම් විඳලානේ එයා ලංකාවට එන්නේ, එලව එලව පළිගන්න පුරුදු වෙන්න එපා (බ)

:       0       0

යොහාන් Wednesday, 24 February 2016 02:10 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 25 February 2016 05:29 AM

පුරවැසි කමක් නැතුව ලංකාවට ආවොත් ඔය දඬුවම වගේම හිරේ තපින්න තමයි වෙන්නේ.මිටියත් අරන් ආවොත් ගල් කඩන්න හරි පුලුවන්වේවි. (බ)

:       0       0

දුසාර Wednesday, 24 February 2016 05:09 PM

ඔලුව තිබුනට වැඩක් තියෙනවද. මොලේ නැතිව, හදවත නැතිව (අ)

:       0       0

සංකල්ප Thursday, 25 February 2016 06:24 AM

ඇය කාන්තා හිංසනයට ස්වාමියාගෙන් භාජනය වූ තැනැත්තියක්. කරුණු කාරණා සත්‍ය නම් ඇයට ලැබී ඇති දඬුවම ගැන පුදුම විය යුතු නැහැ. එත් ඇය ලංකාවට පැමිණීම ට වඩා ඕස්ට්‍රේලියාවේ ම සිටීම ඇයගේ ආරක්ෂාවට මෙන්ම ඇය පත්ව ඇති මානසික තත්වයනට ද යහපත් වන්නට පිළිවන්. (ර)

:       0       0

රන්ජිත් පෙරේරා Thursday, 25 February 2016 06:19 AM

මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබලා වෙනත් රටවල පදිංචියට ගිය අය වැරදි කරාම මොකටද මේ රටට එන්නේ? (ර)

:       0       0

සෑම් Thursday, 25 February 2016 06:19 AM

මෙයාව ලංකාවට පිටුවහල් කිරීමට තියන ඉඩකඩ ඉතාම අඩුයි . ගෘහස්ත හිංසනය සම්බන්ධයෙන් මෙහෙ තියන ආයතන මෙවැනි කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්නවා . (ර)

:       0       0

ගමගේ Wednesday, 24 February 2016 06:21 PM

මෙම මිනීමැරීම කරලා තියෙන්නේ ගිය ආත්මේ වෙන්න ඕන. (අ)

:       0       0

ලියොන් ගුනවර්දන Wednesday, 24 February 2016 06:37 PM

ඔස්ෙට්‍රලියව ,කැනඩාව ආදී රටවල සැමියාගෙන් හිංසනයට භාජනනය වන සත්‍රීන් ආරක්ෂ කිරීම සඳහා තදින් නීති පනවා තිබියදී මවැනි උගත් තැනැත්තියක් මෙසේ දරුණු අපරදක් කර තිබියදීත් සිව් වසරක සිරදදුමකින් බෙරීම් අරුමයකි (අ)

:       0       0

සුපුන් Wednesday, 24 February 2016 06:53 PM

ලියොන්, එහෙ හිරේ තියාගෙන එහෙ වියදමින් කන්න බොන්න දෙන එක තේරුමක් නැති නිසයි වසර 4 කින් නිදහස් වෙන්නේ. (නි)

:       0       0

නන්දන Wednesday, 24 February 2016 07:14 PM

අනේ! ලංකාවට එන්න නම් එපා (නි)

:       0       0

හේමන්ත Thursday, 25 February 2016 06:42 AM

තමන්ට ලැබුන මොනවා හරි බලයක් උපයෝගී කරගෙන තව කෙනෙකුට ශාරීරිකව හෝ මානසිකව හිංසා කිරීම අපරාදයක්. ලිංගික හිංසා කිරීම කායික වගේම මානසිකවත් කෙනෙකුට සිදු කරන අපරාදයක්. ඒකට එරෙහි වීමේදී ගන්න ඕනිම ආත්මාරක්ෂක ක්‍රමයක් සාධාරනයි කියලා මම හිතනවා. (ර)

:       0       0

කුමාර් Wednesday, 24 February 2016 07:26 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 24 February 2016 09:15 PM

ලංකාවේ ඔය වගේ මිනීමැරුමක් වුණා නම් තව අවුරුදු 20 කින් විතර තීන්දුව ලැබේවි. අවසානයේදී දෙපැත්තේම නීති මහත්තුරු පෝසත්. මේ සිද්ධියේදී මරාදාපු සැමියාගේ පරිගණක වල තිබුණ දේවල්, ඔහුගේ ගූගල් සෙවුම් සියල්ලම සාක්ෂි වශයෙන් ඉදිරිපත් වුණා. අපේ තාජුඩීන්ගේ සීසීටීවී තාම උසාවියේ (නි)

:       0       0

නිල්හාන් Wednesday, 24 February 2016 11:10 PM

සාධාරණව බලා තීන්දුවක් ලැබේයැයි සිතනවා (නි)

:       0       0

බන්දුල Wednesday, 24 February 2016 11:36 PM

පසුගිය වසරේ මෙම පළාතේම (බටහිර ඕස්ට්‍රේලියාවේදී) මිටියකින් ගසා ශ්‍රී ලාංකික සැමියා විසින් බිරිඳ මරා දැම්මා. ඔහුට වසර 20 සිර දඬුවම දුන්නා. මෙම පළාතේ ශ්‍රී ලාංකික පවුල් වලට අපලයක් තිබෙනවා යැයි මම හිතනවා (නි)

:       0       0

ඇන්ජලෝ Thursday, 25 February 2016 12:56 AM

බලාගෙන, බිරිඳගෙන් මිටි හංගලා තියන්න (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 25 February 2016 01:11 AM

සමහර ශ්‍රී ලාංකිකයන්ට මේ සංස්කෘතිය ගැළපෙන්නේ නැත (නි)

:       0       0

ලහිරු Thursday, 25 February 2016 01:12 AM

ඇන්ජලෝ, බිරිඳගෙන් මිටි හංගන්න අවශ්‍ය නැහැ. තමන් වැරදි නොකර ඉන්න (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 25 February 2016 01:40 AM

මෙවැනි සැමියෙකු සමඟ මෙපමණ කලක් ජීවත්වුවාට ඇයට අනිවාර්යයෙන්ම සමාව ලැබිය යුතුය. (නි)

:       0       0

නිල්මිණි-ජපානය Thursday, 25 February 2016 01:50 AM

ආවට කමක් නැහැ, ප්‍රැක්ටිස් කරන්න දෙන්න එපා. ඔන්න මම කලින්ම කිව්වා. (නි)

:       0       0

සුමනපාල Thursday, 25 February 2016 02:00 AM

ප්‍රසන්නගේ කතාව වැදගත්. ලිංගික අසහනයෙන් සහ පීඩනයෙන් පෙළෙන අපේ රටේ අය පිටරට ගියාම පාලනයක් නැතුව යන බව ඕනෑතරම් උදාහරණ වලින් පෙන්නන්න පුළුවන්. (නි)

:       0       0

ඉන්දු Thursday, 25 February 2016 08:08 AM

මේ අදහස් දාන අය ඕස්ට්‍රේලියානු මාධ්‍ය වල විස්තර සහිතව ඇති පුවත කියවන්න. වෛද්‍යවරිය කළ දේ අනුමත කිරීමක් නෙමෙයි. නමුත් ඇය විවාහවෙලා ඉඳලා තියෙන්නේ සතෙකුටත් වඩා අන්ත මනුස්සයෙක් එක්ක (නි)

:       0       0

කලණි විතානගේ Thursday, 25 February 2016 03:30 AM

මෙම උගත් කාන්තාවට සිදුව ඇති පිඩාව බලන්න. එහෙත් මිටිය නොව නිතිය අතට ගන්න තරම් ඉවසුමක් නැති හැටි. (බ)

:       0       0

පෙරුමාල් Thursday, 25 February 2016 03:38 AM

එනවනම් අර මිටියත් අරං එන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site