IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්

ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් ලිබරල් පක්ෂ නායකත්වය සඳහා පැවැති ඡන්දෙයන් පරාජයට පත් විය.

ඔහුට ඡන්ද 44ක් ද, ඔහුගේ ඇමැති මණ්ඩලයේ මැල්කම් ටර්න් බුල් ඡන්ද 54ක් ද ලබා ඔහු පරාජය කළේය.

මේ අනුව ඕස්ට්‍රේලියාවට අලුත් අගමැතිවරයකු පත් වීමට නියමිතය.

ජුලියා බිෂොප් පක්ෂයේ නියෝජ්‍ය නායිකාව ලෙස වැඩි ඡන්දයෙන් පත් වූවාය.

නව අගමැතිවරයා ලෙස ටර්න් බුල් දිවුරුම් දීමට නියමිතය. 2013ට පසු ඕස්ට්‍රේලියාවට පත් වූ සිව් වැනි අගමැති ඔහුට.

ඇබර්ට් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව ටර්න් බුල් අගමැති පදවියේ දිවුරුම් දෙනු ඇත.

ලේබර් පක්ෂයේ අගමැතිනිය වූ ජුලියා ගිලාඩ් 2013 ජූනි මාසයේ පක්ෂ නායකත්වය පිළිබඳ ඡන්දයේ දී කෙවින් රඩ් විසින් පරාජය කැරිණි.

ඉන්පසුව පැවැති මහ ඡන්දයේ දී ටෝනි ඇබට්ගේ ලිබරල් පක්ෂය ජය ගත්තේය.

2010 දී රඩ් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ජුලියා ගිලාඩ්ට හැකි විය.

ටර්න් බුල් නීතීඥ වරයෙකි, ව්‍යාපාරිකයෙකි.

2008, 2009 දී විපක්ෂයේ සිටි ලිබරල් පක්ෂයට නායකත්වය දුන් ටර්න් බුල් ඇබට් විසින් පරාජය කැරුණේ එක ඡන්දයකිනි.

දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් හා සමලිංගික විවාහයට ඔහු දක්වන සහයෝගය නිසා ඕස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් ඔහුට කැමති නැත.

ටර්න් බුල් ලබන 29 වැනි දා දිවුරුම් දීමට නියමිතය.

Malcolm-Turnbull-webshot(1)



අදහස් (0)

ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site