IMG-LOGO

‘‘ඕනෑම කෙනකු සමග වැඩ කරන්න සූදානම්‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අන්තර් කාලීන ආණ්ඩුවේ අගමැති ලෙස පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පත් කරගන්නා ඕනෑම පුද්ගලයකු සමඟ වැඩ කිරීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (22) පැවසීය.

බහුතර මන්ත්‍රීවරුන් අගමැති ලෙස පත්කරගනු ලබන්නේ මහින්ද රාජපක්ෂ ද සජිත් ප්‍රේමදාස ද යන්න ප්‍රශ්නයක් නොවන බව කී නිමල් සිරිපාල ද සිල්වා මහතා රටෙි අර්බුදය විසඳා ගැනීමට ඕනෑම කෙනකු සමඟ වැඩ කිරීමට සූදානම් බව ද සඳහන් කළේය.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම කථානායකවරයාට බාර දුන් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැන දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 8 හි පැවැති මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

20 වන සංශෝධනයේ ගුණාංග ඉවත් කොට 19 වන සංශෝධනයේ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කොට බල තුලනය කිරීම නව ව්‍යවස්ථාටවි අරමුණ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

 



අදහස් (2)

‘‘ඕනෑම කෙනකු සමග වැඩ කරන්න සූදානම්‘‘

චන්දන Friday, 22 April 2022 03:18 PM

සජිත් ට දෙනවාට වඩා හොඳයි ...!

:       0       4

විපරමා Friday, 22 April 2022 06:04 PM

බලලෝභී, බඩගෝස්තරවාදි දූශිත දේශපාලුවන්ට නම් දාලා යන්ඩ බැරුව වගේ. කාගේ හරි ඇඟේ එල්ලිලා බලයේ ඉන්න තමයි හදන්නේ. මදෑ හිටපු කල්. මේ රටේ උගත් බුද්ධිමත් විෂය දැනුම ඇති දක්ෂ තරුණ පිරිස් ඕනෑතරම් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 264 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 791 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1205 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site