IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඕඩිසි මංගල ගමන අරඹයි

(රංජිත් රාජපක්ෂ)                   

නානුඔය සිට ඇල්ල ඕඩිසි ඇල්ල නමින් නව දුම්රිය ගමන් වාරයක් නානුඔය සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර අද (10) දින දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රියෙන් ආරම්භ කෙරිණ.

මෙම දුම්රිය අගහරුවාදා දින හැර සතියේ සෑම දිනකම එස් 14 මැදිරි කට්ටලයක් සමග ධාවනයට එක් කරන අතර, (10) දින උදැසන 8.15 ට පළමු දුම්රිය ගමන් වාරය ආරම්භ කරනු ලැබුහ.

මෙම දුම්රිය යළිත් පස්වරු 1 ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනයට එක් කරනු ලබයි.

මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන් කල ආසනයක් රු 7000 ක්, දෙවන පන්තියේ ආසනයක් රු 6000 ක්, තෙවන පන්තියේ ආසන රු 5000 ක් වැනි මිලකට අලෙවි කරන අතර, දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දුම්රිය සදහා විශාල ඉල්ලුමක් පවතින බව දුම්රිය සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේය .

එම දුම්රිය ධාවනය කරන මාර්ගයේ පිහිටා ඇති දිය ඇළ ආශ්‍රිත මන්දගාමිව දුම්රිය ධාවනය කිරිමටත්, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ විනාඩි 6 ක් සහ ආරුක්කු නවය පාලමේ විනාඩි 10 ක කාලයක් දුම්රිය නතර කිරිමට දුම්රිය පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

 

 



අදහස් (3)

ඕඩිසි මංගල ගමන අරඹයි

Asela Monday, 10 February 2025 10:38 AM

ඒක හොඳ ආරංචියක්. එසේම, මැදිරිය කරුණාකර විශේෂයෙන් ආසන සහ ඉදිරිපස ආසන බෑග් පිරිසිදු කිරීමට ඔබට නිතිපතා කාලසටහනක් තිබේද? ඒවා අපිරිසිදුයි. දැන් දුම්රිය දෙපාර්තමේන්තුව භාරව සිටින්නේ සිවිල් හැඟීමක් ඇති අයෙක් වගෙයි. පසුගිය ආණ්ඩු යටතේ පවා NPP බලයට පත්වන තෙක් පැවති කැතම තත්වය මෙය විය. වෙන කවරදාකටත් වඩා අපට සංචාරකයින් අවශ්‍යයි.

:       2       13

Andy Monday, 10 February 2025 01:39 PM

ඇයි මේක අඟහරුවාදා නොයන්නේ? මේ වගේ අමුතු දවස් සෙට් කරලා තියෙනවා අනෙක් ට්‍රේන් වලටත්. හෙන ලොකු ලොකු හේතු නම් ඇති ඕවට. ඒත් ඒවා මගීන්ට නම් මාර පැටලිලි සහගත දෙයක්. වෙලාවල් වලට අමතරව යන-නොයන දවසත් මතක තියාගෙන ඉන්න එක මාර වදයක්නෙ.

:       0       5

lion Monday, 10 February 2025 03:17 PM

පසුගිය ආණ්ඩු කාලේ නම් ඇමැති, දත් වහලා ඉස්සරහට දාගෙන, තඩි බඩකුත් එක්ක... ෆොටෝ එකට විරිත්තගෙන ඉන්නවා බලන්න පුළුවන්...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site